
තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්..
ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් ලෙස 2017 - 2019 කාලයේ සේවය කළ තුසිත හල්ලොලුව යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කොටුව පොලීසියට නියම කර තිබේ.
ඒ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රුපියල් 47,8307.03ක් වටිනා IPhone දුරකතනයක් හා IPad එකක් හා චාජරයක් මෙන්ම Apple MacBook පරිගණකයක් සහ එහි චාජරය සාපරාධී සාවද්‍ය පරිහරණය සිදුකළැයි කරන විමර්ශනයකට අදාළව යි. ඒ පිළිබඳව කොටුව පොලීසිය මෝසමක් ගොනු කරමින් ඉල්ලීමක් කර ඇත.
කොටුව පොලීසිය විසින් මෝසම ගොනු කරමින් පසුගියදා සැකකරුට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසියක් නිකුත් කරන ලෙස සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මේ නියෝගය සිදු කර ඇත්තේ.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි පාලන විසින් 2024 ඔක්තෝබර් මස 21 වැනිදා කොටුව පොලීසියට කළ පැමිණිල්ලක් ප්‍රකාරව විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය අධිකරණයට දන්වා සිටියේ.
2019.11.19 දින සැකකරු සේවයෙන් ඉවත්ව යන අවස්ථාවේ දී මේ භාණ්ඩ යලි ආයතනය වෙත භාර දී නොමැති බවටයි පැමිණිල්ල ලැබී ඇත්තේ. 2024.11.01 දා සැකකරු කොටුව පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇති අතර ඉහත භාණ්ඩවලට අදාළ මුදල මනිඕඩර් මඟින් ජාතික ලොතරැයි මණ්ඩලය වෙත යොමු කළ ද එය භාර නොගෙන නැවත ඔහු වෙත යොමු කර ඇති බවද සැකකාර තුසිත හල්ලොලුව එහිද ප්‍රකාශ කර තිබේ.
සිදුවීමට අදාළ පැමිණිල්ලට අනුව වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් සැකකරුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් ඔහු සිදු කර ඇති බවට පොලීසිය අධිකරණයට දන්වා තිබිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
