ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී ඔහු මෙම අදහස් පල කලේය.
"අපි පසුගිය සතියේ ආණ්ඩුව විසින් ඉන්දියාව සමග අත්සන් කළ විපක්ෂයේ මන්ත්‍රි අනුර දිසානායක මැතිතුමාගේ වචන වලින් කියනවා නම් හොර ගිවිසුම් හතෙන් දෙකක් ප්‍රසිද්ධ කළා. ඒ ගිවිසුම් හෙලි කළාට පස්සේ ඒවායේ අන්තර්ගතය පිළිබඳ සමාජ සංවාදයක් ඇති කිරිම තමයි අපි බලාපොරොත්තු වුණේ. අපිම ඒ සංවාදය පටන් ගැනීම හොඳයි කියලා තීරණය කලා.
තෙල් නලය එලීමේ සහ තෙල් ටැංකි සංවර්ධන කිරීමේ ත්‍රෛපාර්ශවීය ගිවිසුමේ 7.2 (viii) වගන්තියෙන් මෙම ව්‍යාපෘතියේ වැඩ කරන්න එන ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දෙනවා. දැනට එහෙම මුක්තියක් ලංකාවේ තිබෙන්නේ ජනාධිපතිවරයාට පමණයි. ඒ වගේම විදුලි රැහැන් ඇදීමේ ද්විපාර්ශවීය ගිවිසුමේ හත්වන වගන්තිය ලෙස ඒක එහෙම්මම තිබෙනවා.
ඉන්දියානුවන්ට විතරක් නොවේ ඒ අයගේ නියෝජිතයින් ලෙස වැඩ කරන දේශීය අයට එරෙහිවත් නඩු පවරන්න බැරි වෙනවා. එහෙම වුණොත් පරිසර දූෂණයක් සම්බන්ධයෙන් කිසිවෙකුටත් නඩු පවරන්න බෑ.
අපිට මතකයි. මන්නාරමේ අදානි සුළං ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපේ පරිසරවේදීන් අදානි සමාගමට එරෙහිව නඩු පැවරුවා. එවැනි නඩු පැවැරීමක් මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරන්න බෑ විතරක් නෙමෙයි පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කිරිම පිළිබඳවත් මේ ගිවිසුම් දෙකෙම කිසිම සඳහනක් නෑ. එතනම පරපතල පරිසර ප්‍රශ්නෙකුත් ඇති කරලා තියෙනවා.
ඒ වගේම ව්‍යාපෘතියේ වැඩ කරන සේවකයින් අසාධාරණ ලෙස ඉවත් කලොත් නඩු පවරන්න බැරි වෙනවා. ව්‍යාපෘතියෙන් අසල්වැසි ජනතාවට සිදු වන හිරිහැර වල දී ජනතාවට අසරණව ඒවා විඳ දරා ගන්නයි වෙන්නේ. ලංකාව තුල කරන ව්‍යාපෘති සම්බන්ධයෙන් ලංකාවේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (i) වගන්තියෙන් නීතිය ඉදිරියේ හැමෝම සමානයි කියලා අපට ලබා දුන් මූලික මිනිස් අයිතිවාසිකම මේ වගන්තියෙන් අමු අමුවේ උල්ලංඝණය කර තිබෙනවා. ජනමත විචාරනයකින් තෙරව වෙනස් කළ නොහැකි වගන්තියක් ලෙසයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (i) වගන්තිය සලකන්නේ. එවැනි වගන්තියක් උල්ලංඝණය වන ආකාරයටයි ආණ්ඩුව ගිවිසුම්වලට එළඹිලා තියෙන්නේ. එහෙනම් මේ ගිවිසුම් නීති වීරෝධී ව්‍යවස්ථා විරෝධී කියන්න ඊටත් වඩා කරුණු අවශ්‍ය වෙන්නේ නෑ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි