News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

Apr 26, 2025 at 06:11 PM
|

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉතුරු ගිවිසුම් සියල්ල ද තමන් එළිදරව් කිරීමට ප‍්‍රසිද්ද කරන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට කියා සිටින බද පැවසූ ඔහු ඉදිරි දින කිහිපය ඇතුළත ඒවා එළිදරව් නොකළහොත් තමන් එම ගිවිසුම්ද හෙලිදරවු කරන බවත් පැවසුවේය.

අත්සන් තබන ලද බලශක්ති ගිවිසුම පෙන්වමින් ඔහු කියා සිටියේ මෙම ගිවිසුම් ඉතිහාසයේ මුල්වල පෙර ගිවිසුම් වලට වඩා සුවිශේෂී වන්නේ භාෂා තුනකින් අත්සන් තැබීම නිසා බවයි.

හින්දි ඉංග්‍රීසි සහ අරාබි භාෂාවලින් එම ගිවිසුම් අත්සන් තබා ඇති බවද මීට පෙර ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති රටවල් අතරවන ගිවිසුම් සියල්ල ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් අත්සන් තබා ඇති බවද ඔහු පැවසුවේය.

බලශක්ති ගිවිසුමට අදාළ ඉදිකිරීම් ශ්‍රී ලංකාව තුළ ආරම්භ වද්දී එම ඉදිකිරීම් කණ්ඩායම් වලට අවශ්‍ය ආරක්ෂාව ශ්‍රී ලංකා රජයෙන් ලබාදිය යුතු බව ගිවිසුමට ඇතුලත් කර ඇති බවද පැවසූ ඔහු එසේ ඇතුළත් කර ඇත්තේ එම කටයුතු මෙරට ආරම්භ වන විට ජනතා විරෝධතා ඇතිවන බව වේලාසනම ඔවුන් හඳුනාගෙන ඇති නිසා බවත් කියා සිටියේය

2023 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තමන් ඉන්දියාව සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම ප්‍රසිද්ධ කිරීම පමා කරන විට මාලිමා නායකයින් දකින දකින තාප්පයේ රනිල් – මෝදි හොර ගිවිසුම් හෙලි කරනු කියලා සටන් පාඨ ලිව්වා. එහෙම කිව්ව මාලිමාව දැන් ඉන්දියාව සමග එක ගිවිසුමක් නෙමෙයි ගිවිසුම් හතක් අත්සන් කරලා හරියටම සති තුනක් වෙනවා. තවමත් මේ ගිවිසුම් ප්‍රසිද්ධ කරලා නෑ. ඉතාම ආන්දෝලනාත්මක ගිවිසුමක් වුණු 1987 ඉන්දු – ලංකා ගිවිසුම ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා විසින් දින තුනක් ඇතුලත ප්‍රසිද්ධ කළා. ඒ වගේම 2002 දී ඉන්දියාවට පැවරූ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි යළි ලබා ගැනීමේ ගිවිසුම 2022 දී අපි අත්සන් කරලා පැය 24ක් ඇතුලත ප්‍රසිද්ධ කළා. එහෙම නම් මාලිමා ආණ්ඩුවේ ගිවිසුම් විතරක් හොර ගිවිසුම් කිරිම පිළිබඳ මේ රටේ ජනතාවට ප්‍රශ්නයක් මතු වෙනවා.

මේ ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා විපක්ෂයේ මන්ත්‍රිවරුන් ආණ්ඩුවෙන් ඉල්ලුවාම ආණ්ඩුව කිව්වේ ඒක තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගන්න කියලා. අපි තොරතුරු දැන ගැනීම පනත යටතේ මෙම ගිවිසුම්වල පිටපත් ඉල්ලා සිටියත් අද වනතුරුම ඒවා ලබා දෙන්න ආන්ඩුව අසමත් වෙලා තියෙනවා. මහජන ඡන්දයෙන් පත් වුණු මහජන නියෝජිතයින් තමන් වෙනුවෙන් එළැඹෙන ගිවිසුම් මොනවා ද කියලා දැන ගන්න මහජනතාවට අයිතියක් තිබෙනවා. 2015 දී තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කරන්න පාර්ලිමේන්තුවේ දී ඡන්දය දුන් කෙනෙකු විධියට අනුර දිසානායක ජනාධිපතිතුමා ඒ අයිතිය උදුරා ගැනීම පිළිබද අපි කණගාටු වෙනවා.

ජනාධිපතිතුමා ගිවිසුම් සඟවන සෑම අවස්ථාවකම දෛවය විසින් ඒවා ප්‍රසිද්ධ කිරීම බාර කරන්නේ මටයි. රවි සෙනෙවිරත්න පාස්කු ප්‍රහාරයේ ප්‍රධානතම චුදිතයෙකු බව හෙලි කළ ජයිකි ද අල්විස් වාර්තාව ජනාධිපතිතුමා සඟවා ගෙන ඉන්න කොට මට ප්‍රසිද්ධ කරන්න පුළුවන් වුණා. අපේ බුද්ධි අංශ රණවිරුවන් පාස්කු ප්‍රහාරය කළ බවට කොටි හිතැති චැනල් ෆෝ නාලිකාව චෝදනා කරන විට ඒක බොරුවක් බව ඔප්පු කරන ඉමාම් වාර්තාව ජනාධිපතිතුමා කොටින් වෙනුවෙන් සඟවා ගෙන ඉන්න විට මට ඒකත් ප්‍රසිද්ධ කරන්න පුළුවන් වුණා.

අසාද් මවුලානාගේ පෙර වැරදි වලට සමාව දීලා ලංකාවට ගෙනැවිත් ඔහු ලවා අපේ බුද්ධි අංශ රණවිරුවන් පාස්කු ප්‍රහාරය කළ බවට ප්‍රකාශයක් කරවීමේ කුමන්ත්‍රණය කලින්ම හෙලිදරව් කරලා ඒක වලක්වන්න අපට පුළුවන් වුණා. පිල්ලෙයාන් රැඳවුම් නියෝග ගහලා සඟවා ගෙන ඔහු සියල්ල වැමෑරුවා කියමින් පාස්කු ප්‍රහාරයේ වගකීම බුද්ධි අංශ රණවිරුවන් මත පැටවීමේ කුමන්ත්‍රණය හෙලිදරව් කරලා ඒක වලක්වන්න අපට පුළුවන් වුණා. අප්‍රේල් 21ට පෙර පාස්කු මහ මොලකරු හෙලිදරව් කරන බවට ජනාධිපති කළ සිංහ නාදය අවසානයේ දී අසරණ කෙඳිරිල්ලක් බවට පත් වුණා.

අපි මතු කරන තාර්කික සාක්ෂි සහිත කාරණා වලට ආණ්ඩුවට උත්තර නැති වුණාම ආණ්ඩුව කරන්නේ ද්වේශයෙන් මඩ ගහන එකයි. ආණ්ඩුව අපට මඩ ගහන ගහන තරමට අපි ආණ්ඩුවට හෙලිදරව් වලින් දමලා ගහනවා කියන එක කියන්න කැමැතියි.

ඉන්දියානු අගමැති මෝදි මැතිතුමාගේ ලංකා සංචාරයේ දී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුම් හතක් අත්සන් කළා. එයින් බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ගිවිසුම් දෙක පමණක් අද අපි ප්‍රසිද්ධ කරනවා. ජනාධිපතිතුමාට ආණ්ඩුවේ ගෞරවය රැක ගැනීමට අවශ්‍ය නම් අපි ප්‍රසිද්ධ කරන්න කලින් ඉතිරි ගිවිසුම් පහ ප්‍රසිද්ධ කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

මේ තිබෙන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර අත්සන් කළ ත්‍රෛපාර්ශවික ගිවිසුම. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙල් නලයකින් සම්බන්ධ කර ත්‍රිකුණාමලය කලාපීය බලශක්ති කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කරන ත්‍රෛපාර්ශවික ගිවිසුම. ගිවිසුමේ අන්තර්ගතය ගැන කියන්න කලින් ආණ්ඩුව කළ ලොකුම පිස්සුව කියන්න ඕනි. මේ දක්වා ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ සෑම ගිවිසුමක්ම අත්සන් කලේ ඉංග්‍රීසි බසින්. සිරිමා – ශාස්ත්‍රි ගිවිසුම, කච්චතිව් ගිවිසුම සහ 1987 ඉන්දු ලංකා ගිවිසුම වැනි වැදගත් ගිවිසුම් සියල්ල අත්සන් කලේ ඉංග්‍රීසි බසින්. නමුත් මේ ගිවිසුම ඉංග්‍රීසි, හින්දි සහ අරාබි යන භාෂා තුනෙන්ම අත්සන් කරලා.

මේ තිබෙන්නේ ඒ ගිවිසුම් තුන. ලංකාව වෙනුවෙන් ගිවිසුමට අත්සන් තබා තිබෙන්නේ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් උදයංග හේමපාල මහතා. මට අරාබි සහ හින්දි තේරෙන්නේ නැතත් උදයංග හේමපාල මහතාගේ අත්සන හදුනනවා. දැන් ඒ මහතාට හින්දි තේරෙනවා ද? අරාබි තේරෙනවා ද? මෙහෙම අත්සන් කරන්න. මේ ලොකේ කොයි මනුස්සයාද තාමාට කියවා තේරුම් ගත නොහැකි ලේඛණයකට අනුන් මත විශ්වාසය තබා තමන්ගේ අත්සන තබන්නේ ඒ අය කියන්න පුලුවන් නෑ නෑ ඉංග්‍රිසි භාෂවෙන් තියෙන එකේ තියෙනවා ඉංග්‍රිසි අරාබි ගිවිසුම් අතර පරස්පරයක් තිබුනොත් ඉංග්‍රිසි එක තමයි බලාත්මක වෙන්නේ කියලා. හැබැයි කවුද දන්නේ හින්දි එකේත් ඒ වගේම වාක්‍යක් තියෙනවාද කියලා තුන අතර පරස්පරයක් තිබුනොත් හින්දි එක බලාත්මක වෙනවාද කියලා. අපි නවීන තාක්ෂණය භාවිතා කරලා කරලා මුල් පිටුව නම් ඉංග්‍රිසියට පරිවර්තනය කරලා බැලුවා. මුල් පිටු නම් සමානයි. ඇතුලේ මොනවා තියෙනවාද කියන එක අපි කවුරුවත් දන්නේ නෑ.

මේ ගිවිසුම ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අත්සන් කෙරුණු ත්‍රෛපාර්ශවික ගිවිසුමක්. මේ ගිවිසුමෙන් එකඟ වෙන්නේ ත්‍රිකුණාමලය කලාපීය බලශක්ති කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කරන්න. ඒ සඳහා ත්‍රිකුණාමලයේ පවතින ඉහළ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 85 යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලංකාව සහ ඉන්දියාව අතර තෙල් නලයක් එලන්න. ඒ නලයේ දෙපැත්තටම තෙල් ගෙනියන්න පුළුවන්. ලංකාවට ඉන්දියාවෙන් බොරතෙල් එවලා ලංකාවේ දී පිරිපහදු කරලා ඉන්දියාවට ඛනිජතෙල් නිෂ්පාදන නලය හරහා ගෙන්වා ගැනීමයි බලාපොරොත්තුව. තෙල් නලය වසර තුනක් ඇතුලත එලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.

දෙවන ගිවිසුම අත්සන් කර තිබෙන්නේ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සහ ඉන්දියානු මහ කොමසාරිස්. මේ ගිවිසුමෙන් එකඟ වෙන්නේ ඉන්දියාවේ මදුරායි සිට ලංකාවේ මන්නාරම දක්වා විදුලි සම්ප්‍රේෂණ රැහැන් අදින්නයි. එය ලංකාවේ සිට ඉන්දියාවට වගේම ඉන්දියාවේ සිට ලංකාවටත් විදුලිය සම්ප්‍රේෂණය කළ හැකි රැහැනක්. ඉදිරි මාස නවය තුල දෙපාර්ශවයම එකතු වෙලා ව්‍යාපෘතියේ තාක්ෂණික කාරණා වගේම මූල්‍යමය කාරණාත් තීරණය කරන්න නියමිතයි. ව්‍යාපෘති භූමියට සහ ව්‍යාපෘති සේවකයින්ට ආරක්ෂාව සැපයීම ශ්‍රී ලංකා ආණ්ඩුවේ වගකීමක් කියලා විශේෂයෙන්ම සඳහන් කරලා තිබෙන්නේ දැවැන්ත විරෝධයක් බලාපොරොත්තුවෙන් විය යුතුයි.

මේ ගිවිසුම් දෙකම www.udayagammanpila.com යන වෙබ් අඩවියෙන් ඔබට බාගත කර ගන්න පුළුවන්. මේ ගිවිසුම් තාක්ෂණික කාරණා වලින් පිරිලා තිබෙන නිසා බලශක්ති විශේෂඥයින් මේ ගිවිසුම් අධ්‍යනය කරලා අදහස් දක්වාවි කියා අපි බලාපොරොත්තු වෙනවා.

අද පකිස්තානය මුහුණ දී සිටින තත්වය හමුවේ අපේ විදුලි සැපයුම වගේම ඛනිජතෙල් සැපයුම ඉන්දියාවට ගැට ගැසීමේ බරපතල අවදානමක් මතු වෙනවා. අපි බලශක්තිය සඳහා ඉන්දියාව මත යැපෙන්න හදනවා වගේ පකිස්තානය ස්වෙච්ඡාවෙන් ජල සැපයුම මත ඉන්දියාව මත යැපුනා නොවේ. හුදෙක් ඉන්දියාවට පහලින් පකිස්තානය පිහිටියා පමණයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවෙන් ගංගා හයකින් ගලා එන ජලය තමයි පකිස්තානය භාවිතා කරන්නේ. මේ ජලය සාධාරණව භාවිතා කරන්න 1960 දී ඉන්දුස් ජල සම්මුතිය ඉන්දියාව සහ පකිස්තානය අත්සන් කළා. ඊට අමතරව 1997 දී එක්සත් ජාතින්ගේ ජල දහරා සම්මුතිය අත්සන් තැබුවා. කිසිම හේතුවක් මත ජලය අපවිත්‍ර නොකරන්න වගේම ජල සැපයුම අවහිර නොකරන්නත් මේ ගිවිසුම් හරහා එකඟතාවය පල කරනවා. නමුත් මේ ද්විපාර්ශවීය ගිවිසුම් වගේම අන්තර්ජාතික ගිවිසුම් ද මායිම් නොකර අද පකිස්තානයට ජල සැපයුම අවහිර කරන බවට ඉන්දියාව තර්ජනය කරනවා.

රටවල් දෙක අතර ප්‍රශ්නයක් මතු වුණාම මූලිකම අවශ්‍යතාවයක් වන ජලය සම්බන්ධයෙන් මෙහෙම තර්ජනය කරනවා නම් තෙල් සහ විදුලිය සම්බන්ධයෙන් අපට කොහොම තර්ජනය කරාවි ද? ඒ නිසා මේ ජල සැපයුමේ තර්ජනයම ඇති ලංකාවට අත්සන් කළ මේ ගිවිසුම් දෙක ඉරා දමන්න.

ඉන්දියාව සමග ලංකාව තෙල් නලයකින් සහ විදුලි රැහැන් වලින් සම්බන්ධ කිරීම ගැන තුති පුදලා මෝදි අගමැතිතුමාට මිත්‍ර විභූෂණ සම්මානයත් පිදුවානෙ. මෙවැනි ගිවිසුම් දෙකක් රනිල් ජනාධිපතිතුමා අත්සන් කරන්න උත්සාහ කරපු වෙලාවේ විපක්ෂයේ මන්ත්‍රි අනුර දිසානායක මැතිතුමා කියූ කතාවත් අපි පොඩ්ඩක් අහලා ඉමු. (වීඩියෝව විකාශනය වේ).

එදා තෙල් නලයට විදුලි රැහැනට විරුද්ධ වුණු අනුර මන්ත්‍රිතුමා එහෙම අද ජීවතුන් අතර සිටියා නම් අනුර ජනාධිපතිතුමා දේශද්‍රෝහියෙකු ලෙස නම් කරනවා සත්තයි.


සම්බන්ධිත පුවත් | Related News

බන්ධනාගාරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ගලවා ඉවත් කර ගිහි ඇඳුමෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිද්ධියට විරෝධය පාමින් කැකිරාව නගරයේදී මහ සංඝරත්නය එක්ව විරෝධතා පාගමනක නිරත වී තිබේ.
මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.
ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය ඉදිරියේ දී තවදුරටත් අඩු (මන්දගාමී) වනු ඇතැයි ලෝක බැංකුව පවසයි. මේ අනුව ලෝක බැංකුවේ නවතම පුරෝකථනවල දැක්වෙන්නේ ගිය වසරේ (2025) සියයට 5 ක් වූ ආර්ථික වර්ධනය මේ වසරේ (2026) දී සියයට 4.4 ක් දක්වා අඩු වනු ඇති බවයි.
ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.
සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කර ගනිමින් මෙම සතිය තුළ එල්ල වූ තෙවන ප්‍රහාරයෙන් පුද්ගලයින් අවම වශයෙන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 309 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (11) දෙවන දිනටත් පැවැත්වේ.
ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ බරපතළම සහ දැවැන්තම මූල්‍ය වංචාව මෙරටට බාල ගල්අඟුරු ආනයනය කිරීම බවත්, ඒ හරහා රටට සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 18කට ආසන්න බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ප්‍රධාන පුවත්

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.