News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

Apr 26, 2025 at 06:11 PM
|

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉතුරු ගිවිසුම් සියල්ල ද තමන් එළිදරව් කිරීමට ප‍්‍රසිද්ද කරන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට කියා සිටින බද පැවසූ ඔහු ඉදිරි දින කිහිපය ඇතුළත ඒවා එළිදරව් නොකළහොත් තමන් එම ගිවිසුම්ද හෙලිදරවු කරන බවත් පැවසුවේය.

අත්සන් තබන ලද බලශක්ති ගිවිසුම පෙන්වමින් ඔහු කියා සිටියේ මෙම ගිවිසුම් ඉතිහාසයේ මුල්වල පෙර ගිවිසුම් වලට වඩා සුවිශේෂී වන්නේ භාෂා තුනකින් අත්සන් තැබීම නිසා බවයි.

හින්දි ඉංග්‍රීසි සහ අරාබි භාෂාවලින් එම ගිවිසුම් අත්සන් තබා ඇති බවද මීට පෙර ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති රටවල් අතරවන ගිවිසුම් සියල්ල ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් අත්සන් තබා ඇති බවද ඔහු පැවසුවේය.

බලශක්ති ගිවිසුමට අදාළ ඉදිකිරීම් ශ්‍රී ලංකාව තුළ ආරම්භ වද්දී එම ඉදිකිරීම් කණ්ඩායම් වලට අවශ්‍ය ආරක්ෂාව ශ්‍රී ලංකා රජයෙන් ලබාදිය යුතු බව ගිවිසුමට ඇතුලත් කර ඇති බවද පැවසූ ඔහු එසේ ඇතුළත් කර ඇත්තේ එම කටයුතු මෙරට ආරම්භ වන විට ජනතා විරෝධතා ඇතිවන බව වේලාසනම ඔවුන් හඳුනාගෙන ඇති නිසා බවත් කියා සිටියේය

2023 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තමන් ඉන්දියාව සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම ප්‍රසිද්ධ කිරීම පමා කරන විට මාලිමා නායකයින් දකින දකින තාප්පයේ රනිල් – මෝදි හොර ගිවිසුම් හෙලි කරනු කියලා සටන් පාඨ ලිව්වා. එහෙම කිව්ව මාලිමාව දැන් ඉන්දියාව සමග එක ගිවිසුමක් නෙමෙයි ගිවිසුම් හතක් අත්සන් කරලා හරියටම සති තුනක් වෙනවා. තවමත් මේ ගිවිසුම් ප්‍රසිද්ධ කරලා නෑ. ඉතාම ආන්දෝලනාත්මක ගිවිසුමක් වුණු 1987 ඉන්දු – ලංකා ගිවිසුම ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා විසින් දින තුනක් ඇතුලත ප්‍රසිද්ධ කළා. ඒ වගේම 2002 දී ඉන්දියාවට පැවරූ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි යළි ලබා ගැනීමේ ගිවිසුම 2022 දී අපි අත්සන් කරලා පැය 24ක් ඇතුලත ප්‍රසිද්ධ කළා. එහෙම නම් මාලිමා ආණ්ඩුවේ ගිවිසුම් විතරක් හොර ගිවිසුම් කිරිම පිළිබඳ මේ රටේ ජනතාවට ප්‍රශ්නයක් මතු වෙනවා.

මේ ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා විපක්ෂයේ මන්ත්‍රිවරුන් ආණ්ඩුවෙන් ඉල්ලුවාම ආණ්ඩුව කිව්වේ ඒක තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගන්න කියලා. අපි තොරතුරු දැන ගැනීම පනත යටතේ මෙම ගිවිසුම්වල පිටපත් ඉල්ලා සිටියත් අද වනතුරුම ඒවා ලබා දෙන්න ආන්ඩුව අසමත් වෙලා තියෙනවා. මහජන ඡන්දයෙන් පත් වුණු මහජන නියෝජිතයින් තමන් වෙනුවෙන් එළැඹෙන ගිවිසුම් මොනවා ද කියලා දැන ගන්න මහජනතාවට අයිතියක් තිබෙනවා. 2015 දී තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කරන්න පාර්ලිමේන්තුවේ දී ඡන්දය දුන් කෙනෙකු විධියට අනුර දිසානායක ජනාධිපතිතුමා ඒ අයිතිය උදුරා ගැනීම පිළිබද අපි කණගාටු වෙනවා.

ජනාධිපතිතුමා ගිවිසුම් සඟවන සෑම අවස්ථාවකම දෛවය විසින් ඒවා ප්‍රසිද්ධ කිරීම බාර කරන්නේ මටයි. රවි සෙනෙවිරත්න පාස්කු ප්‍රහාරයේ ප්‍රධානතම චුදිතයෙකු බව හෙලි කළ ජයිකි ද අල්විස් වාර්තාව ජනාධිපතිතුමා සඟවා ගෙන ඉන්න කොට මට ප්‍රසිද්ධ කරන්න පුළුවන් වුණා. අපේ බුද්ධි අංශ රණවිරුවන් පාස්කු ප්‍රහාරය කළ බවට කොටි හිතැති චැනල් ෆෝ නාලිකාව චෝදනා කරන විට ඒක බොරුවක් බව ඔප්පු කරන ඉමාම් වාර්තාව ජනාධිපතිතුමා කොටින් වෙනුවෙන් සඟවා ගෙන ඉන්න විට මට ඒකත් ප්‍රසිද්ධ කරන්න පුළුවන් වුණා.

අසාද් මවුලානාගේ පෙර වැරදි වලට සමාව දීලා ලංකාවට ගෙනැවිත් ඔහු ලවා අපේ බුද්ධි අංශ රණවිරුවන් පාස්කු ප්‍රහාරය කළ බවට ප්‍රකාශයක් කරවීමේ කුමන්ත්‍රණය කලින්ම හෙලිදරව් කරලා ඒක වලක්වන්න අපට පුළුවන් වුණා. පිල්ලෙයාන් රැඳවුම් නියෝග ගහලා සඟවා ගෙන ඔහු සියල්ල වැමෑරුවා කියමින් පාස්කු ප්‍රහාරයේ වගකීම බුද්ධි අංශ රණවිරුවන් මත පැටවීමේ කුමන්ත්‍රණය හෙලිදරව් කරලා ඒක වලක්වන්න අපට පුළුවන් වුණා. අප්‍රේල් 21ට පෙර පාස්කු මහ මොලකරු හෙලිදරව් කරන බවට ජනාධිපති කළ සිංහ නාදය අවසානයේ දී අසරණ කෙඳිරිල්ලක් බවට පත් වුණා.

අපි මතු කරන තාර්කික සාක්ෂි සහිත කාරණා වලට ආණ්ඩුවට උත්තර නැති වුණාම ආණ්ඩුව කරන්නේ ද්වේශයෙන් මඩ ගහන එකයි. ආණ්ඩුව අපට මඩ ගහන ගහන තරමට අපි ආණ්ඩුවට හෙලිදරව් වලින් දමලා ගහනවා කියන එක කියන්න කැමැතියි.

ඉන්දියානු අගමැති මෝදි මැතිතුමාගේ ලංකා සංචාරයේ දී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුම් හතක් අත්සන් කළා. එයින් බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ගිවිසුම් දෙක පමණක් අද අපි ප්‍රසිද්ධ කරනවා. ජනාධිපතිතුමාට ආණ්ඩුවේ ගෞරවය රැක ගැනීමට අවශ්‍ය නම් අපි ප්‍රසිද්ධ කරන්න කලින් ඉතිරි ගිවිසුම් පහ ප්‍රසිද්ධ කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

මේ තිබෙන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර අත්සන් කළ ත්‍රෛපාර්ශවික ගිවිසුම. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙල් නලයකින් සම්බන්ධ කර ත්‍රිකුණාමලය කලාපීය බලශක්ති කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කරන ත්‍රෛපාර්ශවික ගිවිසුම. ගිවිසුමේ අන්තර්ගතය ගැන කියන්න කලින් ආණ්ඩුව කළ ලොකුම පිස්සුව කියන්න ඕනි. මේ දක්වා ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ සෑම ගිවිසුමක්ම අත්සන් කලේ ඉංග්‍රීසි බසින්. සිරිමා – ශාස්ත්‍රි ගිවිසුම, කච්චතිව් ගිවිසුම සහ 1987 ඉන්දු ලංකා ගිවිසුම වැනි වැදගත් ගිවිසුම් සියල්ල අත්සන් කලේ ඉංග්‍රීසි බසින්. නමුත් මේ ගිවිසුම ඉංග්‍රීසි, හින්දි සහ අරාබි යන භාෂා තුනෙන්ම අත්සන් කරලා.

මේ තිබෙන්නේ ඒ ගිවිසුම් තුන. ලංකාව වෙනුවෙන් ගිවිසුමට අත්සන් තබා තිබෙන්නේ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් උදයංග හේමපාල මහතා. මට අරාබි සහ හින්දි තේරෙන්නේ නැතත් උදයංග හේමපාල මහතාගේ අත්සන හදුනනවා. දැන් ඒ මහතාට හින්දි තේරෙනවා ද? අරාබි තේරෙනවා ද? මෙහෙම අත්සන් කරන්න. මේ ලොකේ කොයි මනුස්සයාද තාමාට කියවා තේරුම් ගත නොහැකි ලේඛණයකට අනුන් මත විශ්වාසය තබා තමන්ගේ අත්සන තබන්නේ ඒ අය කියන්න පුලුවන් නෑ නෑ ඉංග්‍රිසි භාෂවෙන් තියෙන එකේ තියෙනවා ඉංග්‍රිසි අරාබි ගිවිසුම් අතර පරස්පරයක් තිබුනොත් ඉංග්‍රිසි එක තමයි බලාත්මක වෙන්නේ කියලා. හැබැයි කවුද දන්නේ හින්දි එකේත් ඒ වගේම වාක්‍යක් තියෙනවාද කියලා තුන අතර පරස්පරයක් තිබුනොත් හින්දි එක බලාත්මක වෙනවාද කියලා. අපි නවීන තාක්ෂණය භාවිතා කරලා කරලා මුල් පිටුව නම් ඉංග්‍රිසියට පරිවර්තනය කරලා බැලුවා. මුල් පිටු නම් සමානයි. ඇතුලේ මොනවා තියෙනවාද කියන එක අපි කවුරුවත් දන්නේ නෑ.

මේ ගිවිසුම ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අත්සන් කෙරුණු ත්‍රෛපාර්ශවික ගිවිසුමක්. මේ ගිවිසුමෙන් එකඟ වෙන්නේ ත්‍රිකුණාමලය කලාපීය බලශක්ති කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කරන්න. ඒ සඳහා ත්‍රිකුණාමලයේ පවතින ඉහළ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 85 යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලංකාව සහ ඉන්දියාව අතර තෙල් නලයක් එලන්න. ඒ නලයේ දෙපැත්තටම තෙල් ගෙනියන්න පුළුවන්. ලංකාවට ඉන්දියාවෙන් බොරතෙල් එවලා ලංකාවේ දී පිරිපහදු කරලා ඉන්දියාවට ඛනිජතෙල් නිෂ්පාදන නලය හරහා ගෙන්වා ගැනීමයි බලාපොරොත්තුව. තෙල් නලය වසර තුනක් ඇතුලත එලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.

දෙවන ගිවිසුම අත්සන් කර තිබෙන්නේ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සහ ඉන්දියානු මහ කොමසාරිස්. මේ ගිවිසුමෙන් එකඟ වෙන්නේ ඉන්දියාවේ මදුරායි සිට ලංකාවේ මන්නාරම දක්වා විදුලි සම්ප්‍රේෂණ රැහැන් අදින්නයි. එය ලංකාවේ සිට ඉන්දියාවට වගේම ඉන්දියාවේ සිට ලංකාවටත් විදුලිය සම්ප්‍රේෂණය කළ හැකි රැහැනක්. ඉදිරි මාස නවය තුල දෙපාර්ශවයම එකතු වෙලා ව්‍යාපෘතියේ තාක්ෂණික කාරණා වගේම මූල්‍යමය කාරණාත් තීරණය කරන්න නියමිතයි. ව්‍යාපෘති භූමියට සහ ව්‍යාපෘති සේවකයින්ට ආරක්ෂාව සැපයීම ශ්‍රී ලංකා ආණ්ඩුවේ වගකීමක් කියලා විශේෂයෙන්ම සඳහන් කරලා තිබෙන්නේ දැවැන්ත විරෝධයක් බලාපොරොත්තුවෙන් විය යුතුයි.

මේ ගිවිසුම් දෙකම www.udayagammanpila.com යන වෙබ් අඩවියෙන් ඔබට බාගත කර ගන්න පුළුවන්. මේ ගිවිසුම් තාක්ෂණික කාරණා වලින් පිරිලා තිබෙන නිසා බලශක්ති විශේෂඥයින් මේ ගිවිසුම් අධ්‍යනය කරලා අදහස් දක්වාවි කියා අපි බලාපොරොත්තු වෙනවා.

අද පකිස්තානය මුහුණ දී සිටින තත්වය හමුවේ අපේ විදුලි සැපයුම වගේම ඛනිජතෙල් සැපයුම ඉන්දියාවට ගැට ගැසීමේ බරපතල අවදානමක් මතු වෙනවා. අපි බලශක්තිය සඳහා ඉන්දියාව මත යැපෙන්න හදනවා වගේ පකිස්තානය ස්වෙච්ඡාවෙන් ජල සැපයුම මත ඉන්දියාව මත යැපුනා නොවේ. හුදෙක් ඉන්දියාවට පහලින් පකිස්තානය පිහිටියා පමණයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවෙන් ගංගා හයකින් ගලා එන ජලය තමයි පකිස්තානය භාවිතා කරන්නේ. මේ ජලය සාධාරණව භාවිතා කරන්න 1960 දී ඉන්දුස් ජල සම්මුතිය ඉන්දියාව සහ පකිස්තානය අත්සන් කළා. ඊට අමතරව 1997 දී එක්සත් ජාතින්ගේ ජල දහරා සම්මුතිය අත්සන් තැබුවා. කිසිම හේතුවක් මත ජලය අපවිත්‍ර නොකරන්න වගේම ජල සැපයුම අවහිර නොකරන්නත් මේ ගිවිසුම් හරහා එකඟතාවය පල කරනවා. නමුත් මේ ද්විපාර්ශවීය ගිවිසුම් වගේම අන්තර්ජාතික ගිවිසුම් ද මායිම් නොකර අද පකිස්තානයට ජල සැපයුම අවහිර කරන බවට ඉන්දියාව තර්ජනය කරනවා.

රටවල් දෙක අතර ප්‍රශ්නයක් මතු වුණාම මූලිකම අවශ්‍යතාවයක් වන ජලය සම්බන්ධයෙන් මෙහෙම තර්ජනය කරනවා නම් තෙල් සහ විදුලිය සම්බන්ධයෙන් අපට කොහොම තර්ජනය කරාවි ද? ඒ නිසා මේ ජල සැපයුමේ තර්ජනයම ඇති ලංකාවට අත්සන් කළ මේ ගිවිසුම් දෙක ඉරා දමන්න.

ඉන්දියාව සමග ලංකාව තෙල් නලයකින් සහ විදුලි රැහැන් වලින් සම්බන්ධ කිරීම ගැන තුති පුදලා මෝදි අගමැතිතුමාට මිත්‍ර විභූෂණ සම්මානයත් පිදුවානෙ. මෙවැනි ගිවිසුම් දෙකක් රනිල් ජනාධිපතිතුමා අත්සන් කරන්න උත්සාහ කරපු වෙලාවේ විපක්ෂයේ මන්ත්‍රි අනුර දිසානායක මැතිතුමා කියූ කතාවත් අපි පොඩ්ඩක් අහලා ඉමු. (වීඩියෝව විකාශනය වේ).

එදා තෙල් නලයට විදුලි රැහැනට විරුද්ධ වුණු අනුර මන්ත්‍රිතුමා එහෙම අද ජීවතුන් අතර සිටියා නම් අනුර ජනාධිපතිතුමා දේශද්‍රෝහියෙකු ලෙස නම් කරනවා සත්තයි.


සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇතැයි වාර්තා වෙයි.
පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසයි.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් නීතිත්‍යානූකූල නොවන බව ජාතික සංවිධාන නියෝජිත වෛද්‍ය සකුන්තලා සෙනවිරත්න පවසයි.
කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් විසින් කොළඹ පිහිටි තම කාර්යාලය ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවයකට ප්‍රතිචාර දක්වමින් පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ ශ්‍රී ලංකාවේ මෙම විරෝධතා ඇති කළේ කවුරුන්ද යන්න රහසක් නොවන බවයි.
ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම්වල කිසිඳු වලංගුතාවක් නොමැති බවත්, ඒබව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට දැනුම්දුන් බවත් ජාතික සංවිධාන නියෝජනය කරමින් සිවිල් ක්‍රියාකාරික සංක චන්දිම මහතා පවසයි.
රහසිගත ලෙස රටේ ජනතාවගෙන් සඟවා ඇති ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සමග අත්සන් කෙරුණු ගිවිසුම් සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත්, මෙම ගිවිසුම් ශ්‍රී ලාංකික ජනතාව ප්‍රතික්ෂේප කළයුතු බවත් ජාතික සංවිධාන නියෝජනය කරමින් ජෙහාන් හමීඩ් මහත්මිය පවසයි.
ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

ප්‍රධාන පුවත්

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.