News Category
From Date
To Date
Maximum Number of Result

දිනකට ටොන් 940 ක් නිපදවා රටට අහිමි වූ බියගම යූරියා කම්හල

Nov 19, 2023 at 08:10 AM
|

එවකට ලංකාවේ තිබූ විශාලම ආයෝජනය මෙන්ම විශාලම රසායනික යන්ත්‍රාගාරයද මෙය බව සඳහන් වේ. එවකට මෙම කර්මාන්තය පිළිබඳ කීර්තිමත් ජාත්‍යන්තර ආයතනයක්වූ කෙලොග් ඕවසීස් කෝපරේෂන් නම් වූ සුදු ජාතික සමාගම, යන්ත්‍රාගාර ඉදිකිරීම් සිදුකර යූරියා නිෂ්පාදනය ආරම්භ කළ අතර, ඉන්දියාවේ මදුරාසි පොහොර සමාගම විසින් ඇසුරුම් හා මෙහෙයුම් කටයුතු සිදුකරන ලදී. දිනකට යූරියා මෙටි්‍රක් ටොන් 940 ක් නිපදවීමේ හැකියාව තිබූ මෙම සුවිසල් යන්ත්‍රාගාරය, මළ නොබැඳෙන සුදු යකඩ ලෝහයෙන් නිමවූ ලොකු කුඩා බට සංකීර්ණයකින් හා රසායනික ප්‍රතික්‍රියාව සිදුවූ සද්ධන්ත කුටීරයකින්ද :(Reactor) දියර යූරියා කැට බවට පත් කරන අහස උසට නැගි යෝධ කොන්ක්‍රීට් කුලුනකින්ද (Prilling Tower) යූරියා කැට කල්තබා ගත හැකි ටොන් විසිදහසක යෝධ කොන්ක්‍රීට් ගබඩාවකින්ද (Silo) බෑග් කළ යූරියා තැබිය හැකි ටොන් දසදහසක ගබඩා සංකීර්ණයකින්ද :(Bag Storage) අංග සම්පූර්ණ ගිනි හා ආරක්‍ෂක පද්ධතියකින්ද (Fire & Safety) සහ වැඩහල් (Work Shop) ආයුධ ගබඩාව, රසායනාගාර, වෛi මධ්‍යස්ථාන, පරිපාලන ගොඩනැඟිලි ආදියෙන් සමන්විත විය.

හැටේ හැත්තෑවේ දශකවල පැවැති රජයන්හි සිටි, රටට ආදරය කළ නායක නායිකාවන්, විශේෂයෙන්ම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, විසින් රටට අවශ්‍යම කර්මාන්ත බොහෝමයක් ආරම්භ කරවන ලදී. හැකි සෑම දෙයක්ම ශ්‍රී ලංකාවේ නිපදවා ගැනීම එදා සිටි දුරදක්නා නුවණින් යුත් දේශප්‍රේමි ඔවුන්ගේ අභිප්‍රාය විය. ඔවුන්ගේ යහපත් විදේශ ප්‍රතිපත්තිය හේතුකොටගෙන දියුණු රටවල් කිහිපයක්ම ඔවුන් සතු විවිධ කර්මාන්ත ශ්‍රී ලංකාවටද ලබාදීමට ඉදිරිපත්වූවා පමණක් නොව අදාළ තාක්‍ෂණික දැනුමෙන් හා පුහුණුවෙන් අපව සන්නද්ධ කිරීමටද කටයුතු කළහ

ඒ අනුව වානේ, ලෝහ භාණ්ඩ, පිඟන් භාණ්ඩ, ටයර්, නයිලෝන්, රෙදිපිළි, කඩදාසි, සීනි, සහල් සැකසුම්, ඛනිජ සම්පත්, පොහොර සහ තවත් බොහෝ කර්මාන්ත ලංකාවේම ආරම්භ කරන ලදී. රට ආහාර වලින් ස්වයංපෝෂිත කිරීමේ අරමුණින් අරඹන ලද වගා සංග්‍රාමයට අවශ්‍යම සාධකයන් වූ පොහොර ලංකාවේදීම නිපදවීම ආරම්භ කළහ. පොහොරවල අඩංගු විය යුතු ප්‍රධාන සංඝටකය වන නයිට්‍රජන් 👎 බහුලව ලබාගත්තේ යූරියා වලින් බැවින් යූරියා නිපදවීමේ කම්හලක අවශ්‍යතාවය මතුවිය. ඒ අනුව කැලණියේ සුන්දර සපුගස්කන්ද ප්‍රදේශයේ අක්කර සියයක පමණ රජය සතු ඉඩමක රජයේ පොහොර නිපදවීමේ සංස්ථාව නමින් නෙදර්ලන්ත තාක්‍ෂණයෙන් යුත් සුවිසල් යන්ත්‍රාගාරයක්, කර්මාන්ත හා විiා කටයුතු අමාත්‍යාංශය යටතේ ආරම්භ විය.

ප්‍රධාන අමුද්‍රව්‍ය වන හයිඩ්‍රොකාබන් ලබාගත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථා පිරිපහදුවේ අතුරු පෙට්‍රෝලියම් නිෂ්පාදනයක් වන නැප්තා (Naptha) වලින් බැවිනුත්, විශාල වශයෙන් ජලය උපයෝගී වන යන්ත්‍රාගාරයක් (Weter Treatment Plant) බැවිනුත්, සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදුවත්, කැලණි ගඟත් ආසන්නයේ භූමියක මෙය ඉදිවිය. අනෙක් ප්‍රධාන අමුද්‍රව්‍ය වන ඇමෝනියා සඳහා අවශ්‍ය නයිට්‍රජන් ලබාගත්තේ අවට ඇති වායුගෝලීය වාතයෙනි.

මහවැලි කඩිනම් ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර, එවකට ලංකාවේ තිබූ විශාලම ආයෝජනය මෙන්ම විශාලම රසායනික යන්ත්‍රාගාරයද මෙය බව සඳහන් වේ. එවකට ලංකාවේ තිබූ විශාලම ආයෝජනය මෙන්ම විශාලම රසායනික යන්ත්‍රාගාරයද මෙය බව සඳහන් වේ. එවකට මෙම කර්මාන්තය පිළිබඳ කීර්තිමත් ජාත්‍යන්තර ආයතනයක්වූ කෙලොග් ඕවසීස් කෝපරේෂන් නම් වූ සුදු ජාතික සමාගම, යන්ත්‍රාගාර ඉදිකිරීම් සිදුකර යූරියා නිෂ්පාදනය ආරම්භ කළ අතර, ඉන්දියාවේ මදුරාසි පොහොර සමාගම විසින් ඇසුරුම් හා මෙහෙයුම් කටයුතු සිදුකරන ලදී. දිනකට යූරියා මෙටි්‍රක් ටොන් 940 ක් නිපදවීමේ හැකියාව තිබූ මෙම සුවිසල් යන්ත්‍රාගාරය, මළ නොබැඳෙන සුදු යකඩ ලෝහයෙන් නිමවූ ලොකු කුඩා බට සංකීර්ණයකින් හා රසායනික ප්‍රතික්‍රියාව සිදුවූ සද්ධන්ත කුටීරයකින්ද :(Reactor) දියර යූරියා කැට බවට පත් කරන අහස උසට නැගි යෝධ කොන්ක්‍රීට් කුලුනකින්ද (Prilling Tower) යූරියා කැට කල්තබා ගත හැකි ටොන් විසිදහසක යෝධ කොන්ක්‍රීට් ගබඩාවකින්ද (Silo) බෑග් කළ යූරියා තැබිය හැකි ටොන් දසදහසක ගබඩා සංකීර්ණයකින්ද :(Bag Storage) අංග සම්පූර්ණ ගිනි හා ආරක්‍ෂක පද්ධතියකින්ද (Fire & Safety) සහ වැඩහල් (Work Shop) ආයුධ ගබඩාව, රසායනාගාර, වෛද්‍ය මධ්‍යස්ථාන, පරිපාලන ගොඩනැඟිලි ආදියෙන් සමන්විත විය.. ඉහත සඳහන් සද්ධන්ත කුටීරය, කොළඹ වරායේ සිට සියලුම මාර්ග වසාදමා රෝද සිය ගණනක විශේෂ කැරියර් රථයකින් සපුගස්කන්දට ගෙන ආ බව කියනු ලබන අතර, පෙර කී යෝධ කුලුන, නටඹුන් ලෙස කොළඹ කැලණි පාලමේ සිට ඈතින් අද ද දැකිය හැක.

ඉහත යෝධ කුලුන තුළ නිපදවන යූරියා කැට, ගමන් කරන විශාල පටි (Convey Belt) ඔස්සේ ඇසුරුම් යන්ත්‍රාගාරයටද අතිරික්තය පෙර කී කොන්ක්‍රීට් ගබඩාවටද (Silo) යවනු ලැබීය. ඇසුරුම් යන්ත්‍රාගාරයේදී ස්වයංක්‍රීයව කිලෝ 50 වශයෙන් බෑග් කෙරෙන මෙම යූරියා පැය විසිහතර පුරාම ලොරි රථ වලින් බෙදාහරින ලදී. යන්ත්‍රාගාරය ක්‍රියාත්මකවීමේදී දිනකට ජලය ගැලුම් ලක්‍ෂ අටක් පමණ අවශ්‍ය වූ බැවින් ඊට නුදුරු පට්ටිවල ප්‍රදේශයේ කැලණි ගඟ මැද විශාල ජල පොම්පාගාරයක් ඉදිවිය. ඉදිකිරීම් හා සම්බන්ධ වූ දේශීය හා විදේශීය ඉංජිනේරුවන්ගේ නේවාසික නිවාස සංකීර්ණය, ඒ ආසන්නයේ පිහිටි බටලන්ද නම් වූ රජය සතු අක්කර පනහක පමණ සුන්දර පොල් ඉඩමක ඉදිවිය. එම සුදු ජාතිකයන් වෙනුවෙන් නාන තටාක, සුපිරි වෙළෙඳසල් පවා එහි ඉදිවූ අතර එකල මෙය පුංචි එංගලන්තය නමින්ද හැඳින්විය. යන්ත්‍රාගාරයේ නිෂ්පාදන ආරම්භ වීමත් සමඟම ක්‍රමයෙන් ඔවුන් ලංකාවෙන් පිටවී ගිය අතර, පසු කලෙක එම ප්‍රදේශයේ දේශපාලන බලවතුන් හා ආරක්‍ෂක අංශ විසින් මෙය අත්පත් කර ගැනීම නිසා 88, 89 භීෂණ සමයේදී මෙම සුන්දර බටලන්ද ඉමහත් අපකීර්තියට පත්විය.

1978 වර්ෂයේ සිට විද්‍යා විෂයයන් හදාරා තාක්‍ෂණ දැනුමෙන් පරිපූර්ණ දක්‍ෂ තරුණයන්, යන්ත්‍රාගාර ක්‍රියාකරවුම් තාක්‍ෂණික ශිල්පීන් ලෙස බඳවාගත් අතර, ඔවුන්ව ඔස්ටේ්‍රලියාව, නෙදර්ලන්තය සහ ඉන්දියාව වැනි රටවලට යවා අදාළ යන්ත්‍රාගාර පුහුණුව ලබාදීමෙන් අනතුරුව 1981 දී නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලදී. එවකට මෙම ප්‍රදේශයට මගී ප්‍රවාහන පහසුකම් නොතිබූ බැවින්, සෑම සේවා මුරයක් සඳහාම කොළඹ කොටුවේ සහ තවත් අවට ප්‍රදේශවල සිට කාර්යමණ්ඩල ප්‍රවාහනය වෙනුවෙන් සංස්ථාව සතු විශාල මගී බස් රථ 05 ක් යොදවන ලදී. එදා සිටි අතිදක්‍ෂ යන්ත්‍රාගාර කළමනාකරුවන් (Plant Managers) සහ සමහර ක්‍රියාකරවුම් ශිල්පීන් (Plant Operators) අදවන විට ජීවතුන් අතර නැත.

මෙම යූරියා ප්‍රවාහනය සඳහා ඉන්දියාවේ සිට ටාටා ලොරි චැසි 52 ක් ගෙන්වා, පානදුරේ සී/ස හැරිසන් ලොරි බොඩි සමාගමෙන් බොඩි සාදවා රැගෙන විත් තැන තැන දිරන්නට හැර පසුව විකුණා දැමූ අතර, වැඩි වශයෙන් ප්‍රවාහනය කළේ සී/ස ජයගිරි පුද්ගලික සමාගමේ ලොරි රථ වලිනි. මෙම යූරියා ප්‍රවාහනය සඳහාම ප්‍රධාන දුම්රිය මාර්ගයේ කැලණියේ සිට සපුගස්කන්ද දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදිවූවද, යන්ත්‍රාගාරය පෙනි පෙනී එයද නතර විය. අපේ යූරියා පොහොර මිලදී රැගෙන යෑමට ලංකා පොහොර සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, බවර් සහ සමාගම ඇතුළු තවත් ආයතනවල ලොරි රථද දිවා රෑ නොබලා සපුගස්කන්දට පැමිණියහ.

1982 පමණ වන විට ලංකාවේ යූරියා පොහොර සුලබ වූ අතර යූරියා මෙටි්‍රක් ටොන් පනස්දහසක් (50,000) සැපයීම සඳහා බුරුම රටෙන් ඇණවුමක් ලැබෙන්නේ මේ අතරවාරයේදීය. යන්ත්‍රාගාර ඉංජිනේරුවන්, ක්‍රියාකරවුම් ශිල්පීන් සහ කම්කරුවන් සියලු දෙනා එකාමෙන් කැපවීමෙන් විසිහතර පැයේම වැඩ කළ අතර, දින 30 කින් සපයා අවසන් කිරීමට තිබූ මෙම ඇණවුම දින කිහිපයක් ඉතිරිව තිබියදී අවසන් කිරීම හේතුවෙන් අදාළ නැව් සමාගම අප සංස්ථාවට ප්‍රසාද දීමනාවක්ද ප්‍රදානය කරන ලදී. සාමාන්‍යයෙන් රාජ්‍ය සංස්ථාවක් යනු මෙසේ කාර්යක්‍ෂමව කටයුතු සිදු නොවන ස්ථානයක් වුවද අප පොහොර නිපදවීමේ සංස්ථාවේ නම් එසේ සිදුවිය. එම බෝනස් මුදල බෙදී ගොස් එම මස අපගේ වැටුපට අමතර මුදලක්ද එකතු වී තිබුණි.

යන්ත්‍රාගාරය මාස කිහිපයක් සක්‍රීයව පැවතියහොත්, නඩත්තු කටයුතු සඳහා තවත් මාස කීපයක් නවතා තැබිය යුතුයි. (Shutdown Period) මෙම කාලය තුළ ක්‍රියාකාරවුම් ශිල්පීන්ට විවේකයක් ලැබුණ අතර, ඔවුන්ව, ගිනි නිවීමේ (Fire Fighting) පුහුණු පාඨමාලා වැනි අතිරේක ක්‍රියාකාරකම් වල යෙදවීය. තවද උතුරු නැගෙනහිර වෙහෙර විහාර එළිපෙහෙළි කිරීමේ ශ්‍රමදාන සඳහා නිල නොවන සංචාර සංවිධානය වූ අතර ඒ සඳහා සංස්ථා බස් රථද ලැබිණි. 1977 න් පසු පත්වූ රජයේ සමහර වෙළෙඳ පොළ ප්‍රතිපත්ති හේතුවෙන්, පිටරට වලින් සෑම දෙයක්ම ලංකාවට ගලා ඒමට පටන් ගත් නිසා, දේශීය කර්මාන්ත එකින් එක බිඳ වැටීම ආරම්භ වූ අතර, එවකට කර්මාන්ත ඇමැතිව සිටි සිරිල් මැතිව් මහතා මෙම යූරියා කම්හල රැකගැනීමට ගත් උත්සාහය අගය කළ යුතුය. එනමුදු රටේ අවාසනාවට මෙන්ම ඉන් පසුව පත්වූ දේශපාලනඥයන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් රට ගැන නොසිතා නිද්‍රාශීලීව කටයුතු කළ නිසා රජයේ පොහොර නිපදවීමේ සංස්ථාවටද කණකොකා හැඬීමට පටන් ගත්තේය.

අප යන්ත්‍රාගාරයේ ක්‍රියාත්මක වූ රසායනික ක්‍රියාවලිය තරමක් වියදම් වැඩි හා සංකීර්ණ එකක් වූවද, නිපදවූ යූරියා, බයියුරේට් (Biuret) වැනි පැලෑටි වලට විෂ සහිත අතුරු රසායනික ඵලවලින් තොර ප්‍රමිතියෙන් ඉහළ යූරියා පොහොර විය. මේ අතර වියදම් අඩු ජීව වායු ක්‍රියාවලියෙන් (Bio gas process) නිපදවූ එහෙත් බාල ප්‍රමිතියෙන් යුත් යූරියා අඩු මිලට ලෝක වෙළෙඳ පොළට පැමිණි අතර, ආනයනය කිරීමේදී කොමිස් ප්‍රතිලාභත් ලැබෙන නිසා, විවෘත ආර්ථිකයේ වාසියෙන් බොහෝ ආයතන පිටරටින් යූරියා ආනයනය කිරීමට පටන් ගත්හ. පිටරට යූරියා අඩු මුදලට තිබියදී, වැඩි වියදමක් දරා ලංකාවේදී යූරියා නිපදවන්නේ මන්දැයි විමසූ ඔවුන්, වෙස්වලාගත් ආශිර්වාදයක් බඳු මිල කළ නොහැකි මෙම කම්හල සුදු අලියෙක් යැයි නිගා කළා පමණක් නොව, වසා දැමීමට කටයුතු කළහ. අදූරදර්ශී නායකයෝද මෙය අනුමත කළහ. ඒ අනුව 1985 දී රජයේ පොහොර නිපදවීමේ සංස්ථාව, ඈවර කර වසා දමා සේවකයන්ට සොච්චම් වන්දි මුදලක් ලබාදී යන්ත්‍රාගාරය අඩු මුදලකට මැද පෙරදිග රටකට විකුණා දැමූ අතර, ඉතිරි ගොඩනැඟිලි සහ භූමිය පුද්ගලික ව්‍යාපාරිකයන්ට ලබාදෙන ලදී.

වැඩිකල් නොගොස් ලෝක වෙළෙඳපොළේ ජීව වායු යූරියා වල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස්, ලංකාවේ නිපදවූ යූරියාවල මිලටත් එහා ගිය අතර, කාට කාටත් ඇස් ඇරෙන විට සියල්ල සිදුවී හමාරය.

ගාමිණි ලියනගේ

යන්ත්‍රාගාර ක්‍රියාකාරවුම් ශිල්පී

වැසී ගිය රජයේ පොහොර නිපදවීමේ සංස්ථාව

Indu Abenayake

සම්බන්ධිත පුවත් | Related News

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.
සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රෝහින්ග්‍යා අන්තවාදී මුලධර්මවාදීන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.