
අමෙරිකා තීරුබදුවලට මුහුණ දෙන හැටි IMF ලොක්කන් ලංකාවට කියාදෙයි..
මෑතකාලීනව එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද තීරුබදු වෙනස්කම්, ශ්‍රී ලංකාවේ ආර්ථික පුරෝකථනයන්ට අභියෝගාත්මක තත්ත්වයක් නිර්මාණය කර ඇති පසුබිමක පවා, ශ්‍රී ලංකාව තම අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීම, ස්ථාවරත්වය සහ වර්ධනය පවත්වා ගැනීම සඳහා ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පවසයි.
මේ වන විට එක්සත් ජනපදයේ වොෂිංටන් හි පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2025 වසන්ත රැස්වීම් (2025 Spring Meetings) හි ඊයේ (24) පැවති Regional Economic Outlook – Asia and Pacific සැසියේදී ඔහු මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන්,
"ඉතා මෑතක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කළා. නව තීරුබදු ප්‍රකාශයට පත්වෙද්දී පවා ඔවුන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටියේ. එම වාතාවරණය තුළ ලැබී තිබුණු කාලය තීරුබදු බලපෑම සහ ආර්ථිකයේ වර්ධනයට බලපාන ආකාරය පිළිබඳ සාර්ව ආර්ථික රාමුවක් සකස් කිරීමට තරම් ප්‍රමාණවත් වුණේ නැහැ. අපගේ කණ්ඩායම නැවත පැමිණි පසුවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා දිගටම කරගෙන ගියා."
"පුළුල් වශයෙන් බැලුවහොත් ශ්‍රී ලංකාව විශාල වශයෙන් තීරුබදු බලපෑමට ලක්වූ රටක් බව කිව හැකියි. ඇඟලුම් කර්මාන්ත අංශයට ඉන් ඇතිවිය හැකි බලපෑම විශාලයි. තවත් අංශවලට එය බලපානවා. තීරුබදු බලපෑම විශාල වශයෙන් එල්ල විය හැකි රටවල් අතරට ශ්‍රී ලංකාව හොඳ උදාහරණයක්. ශ්‍රී ලංකාව පමණක් නොව, මෙම බලපෑමට හසුවිය හැකි අනෙකුත් රටවල් මේ අවස්ථාවේ දී ඔවුන්ගේ අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය, කලාපය තුළ මනා සමෝධානයක් පවත්වා ගැනීම ආදිය හරහා ඇතිවිය හැකි බලපෑම අවම කිරීමට උපකාරී විය හැකියි."
"එතැනින් ඒහාට ගියොත්, ශ්‍රී ලංකාවේ ආයෝජන ඉහළ නංවා ගැනීම සඳහා පරිසරයක් නිර්මාණය කළ යුතුවෙනවා. එය බදු නිදහස් කිරීම් හරහා කරන දිරිගැන්වීම්වලින් නොවිය යුතුයි. අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ මූල්‍ය ඒකාබද්ධතාවය හා මූල්‍ය විනය අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු වෙනවා. එම තත්ත්වයන් නොවෙනස්ව පවත්වා ගනිමින් පෞද්ගලික ආයෝජන දිරිගැන්වීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කර දීමෙන් ආයෝජන ප්‍රවර්ධනයට කටයුතු කළ යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
