අමෙරිකා තීරුබදුවලට මුහුණ දෙන හැටි IMF ලොක්කන් ලංකාවට කියාදෙයි..
මෑතකාලීනව එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද තීරුබදු වෙනස්කම්, ශ්‍රී ලංකාවේ ආර්ථික පුරෝකථනයන්ට අභියෝගාත්මක තත්ත්වයක් නිර්මාණය කර ඇති පසුබිමක පවා, ශ්‍රී ලංකාව තම අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීම, ස්ථාවරත්වය සහ වර්ධනය පවත්වා ගැනීම සඳහා ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පවසයි.
මේ වන විට එක්සත් ජනපදයේ වොෂිංටන් හි පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2025 වසන්ත රැස්වීම් (2025 Spring Meetings) හි ඊයේ (24) පැවති Regional Economic Outlook – Asia and Pacific සැසියේදී ඔහු මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන්,
"ඉතා මෑතක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කළා. නව තීරුබදු ප්‍රකාශයට පත්වෙද්දී පවා ඔවුන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටියේ. එම වාතාවරණය තුළ ලැබී තිබුණු කාලය තීරුබදු බලපෑම සහ ආර්ථිකයේ වර්ධනයට බලපාන ආකාරය පිළිබඳ සාර්ව ආර්ථික රාමුවක් සකස් කිරීමට තරම් ප්‍රමාණවත් වුණේ නැහැ. අපගේ කණ්ඩායම නැවත පැමිණි පසුවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා දිගටම කරගෙන ගියා."
"පුළුල් වශයෙන් බැලුවහොත් ශ්‍රී ලංකාව විශාල වශයෙන් තීරුබදු බලපෑමට ලක්වූ රටක් බව කිව හැකියි. ඇඟලුම් කර්මාන්ත අංශයට ඉන් ඇතිවිය හැකි බලපෑම විශාලයි. තවත් අංශවලට එය බලපානවා. තීරුබදු බලපෑම විශාල වශයෙන් එල්ල විය හැකි රටවල් අතරට ශ්‍රී ලංකාව හොඳ උදාහරණයක්. ශ්‍රී ලංකාව පමණක් නොව, මෙම බලපෑමට හසුවිය හැකි අනෙකුත් රටවල් මේ අවස්ථාවේ දී ඔවුන්ගේ අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය, කලාපය තුළ මනා සමෝධානයක් පවත්වා ගැනීම ආදිය හරහා ඇතිවිය හැකි බලපෑම අවම කිරීමට උපකාරී විය හැකියි."
"එතැනින් ඒහාට ගියොත්, ශ්‍රී ලංකාවේ ආයෝජන ඉහළ නංවා ගැනීම සඳහා පරිසරයක් නිර්මාණය කළ යුතුවෙනවා. එය බදු නිදහස් කිරීම් හරහා කරන දිරිගැන්වීම්වලින් නොවිය යුතුයි. අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ මූල්‍ය ඒකාබද්ධතාවය හා මූල්‍ය විනය අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු වෙනවා. එම තත්ත්වයන් නොවෙනස්ව පවත්වා ගනිමින් පෞද්ගලික ආයෝජන දිරිගැන්වීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කර දීමෙන් ආයෝජන ප්‍රවර්ධනයට කටයුතු කළ යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..