පොලිසිය ගණන් උස්සයි..
ශ්‍රී ලංකා පොලීසිය විසින් රටේ මහජනතාව වෙත සපයන සේවා සඳහා අය කරනු ලබන ගාස්තු ඉහළ දැමීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත.
ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානවලට චක්‍රලේඛයක් යොමු කරමින් මේ බව සඳහන් කර ඇත.
ශබ්ද විකාශන බලපත්‍ර ගාස්තු එක දිනක් සඳහා මින් පෙර රුපියල් තුන්සියක් අය කළත් මෙම චක්‍රලේඛය නිකුත් කිරීමත් සමග එම ගාස්තුව රුපියල් දෙදහසක් දක්වා ඉහළ ගොස් ඇත.
පොලිස් නිල සුනඛයෙක් සඳහා පැය එක හමාරක කාලයකට යටත්ව හා රැගෙන යා හැකි උපරිම දුර ප්‍රමාණය තීරණය කිරීම පශු වෛද්‍යවරයාගේ නිර්දේශයට යටත්ව සහ පාසල් සන්දර්ශන සඳහා නිල සුනඛයන් ලබාදීමේදී ගාස්තු අය කිරීම හෝ නොකිරීම සම්බන්ධව මින් පෙර අය කළ රුපියල් තුන්දහසක මුදල රුපියල් විසිදහසක් දක්වා ඉහළ දමා ඇත.
අශ්වයෙක් සඳහා පැය එකමාරක කාලයකට මින් පෙර රුපියල් හයදහසක මුදලක් අය කළද මෙම චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසුව එම මුදල රුපියල් තිස්දහස දක්වායි ඉහළ නංවා ඇත.
මින් පෙර කිසිදු ගාස්තු අයකිරීමක් නොකර පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් දේශීය අවශ්‍යතා සඳහා පමණක් නිකුත් කරන පොලිස් වාර්තා සඳහා රුපියල් තුන්සීයක් අයකරනු ලබයි.
ආසන්නම පොලිස් ස්ථානයක් වෙත වාහනයක් ඇද ඉවත්කිරීමේ ගාස්තුව රුපියල් හයසීයේ සිට රුපියල් පන්දහස දක්වා ඉහළ දමා ඇති අතර එක් ඇඟිලි සටහන් ගාස්තු වාර්තාවක් සඳහා අයකළ රුපියල් එකසිය පනහක ගාස්තුව රුපියල් පන්සීය දක්වායි ඉහළ නංවා ඇත.
කිමිදුම් උපකරණ සඳහා අයකළ රුපියල් දෙදාස් හාරසීයේ ගාස්තුව රුපියල් හාරදහස දක්වාද, ජීවිතාරක්ෂක සහ කොස්වේන් උපකරණ සඳහා අයකළ රුපියල් එක්දහස් දෙසීයක මුදල රුපියල් පන්දහස දක්වාද ඉහළ දමා ඇත.
පොලිසිය සතු වාහන හා යාත්‍රා පෞද්ගලික පාර්ශ්වයන්ට ලබාදීමට පෙර, එකී වාහන හා යාත්‍රා පෞද්ගලික භාවිතයේදී සිදුවිය හැකි අලාභ හානි වෙනුවෙන් හැකි පූර්ණය සඳහා තාවකාලික රක්ෂණවාරයක් ලබාගැනීමට අදාළ පෞද්ගලික පාර්ශ්වයට නියම කළ යුතුය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්රස්ථානයක් බවට..