සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.
ඊට විෂය වන ජනාධිපති උපදේශක දුමින්ද හුළංගමුව මහතා ප්‍රධාන පෙළේ ගිණුම් කළමනාකරණ සමාගමක කොටස්කරුවකු සහ විධායක නිලධාරියෙකි. ඔහු බලවත් සමාගම් සමඟ ගනුදෙනු කරන අතර ජනාධිපති උපදේශකයෙකු ලෙස කටයුතු කිරීම මගින් එම මහා සමාගම්වල උවමනාවන්ට අනුව ජනාධිපතිට වැරදි උපදෙස් දීමේ හැකියාව ඔහුට තිබෙන බවටද චෝදනා එල්ල වෙයි.
මේ පහතින් පළවන්නේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන එවැනි පොස්ටුවකි.
හුලංගමුවට ශ්‍රී ලංකා ජනරජයේ මුදල් අමාත්‍යංශයේ ලේකම් ධූරය භාර ගැනීමට නොහැකි යැයි ඔහු කී බව ජනමාධ්‍ය වාර්තා කරයි. එයට හේතුව වශයෙන් දක්වන්නේ ඔහු රස්සාව කරන ජාත්‍යන්තර කොම්පැනියෙන් ඉවත් වීමට ඔහු අකමැති වීමය. එය අපූරු හේතුවකි. අපි නම් හිතුවේ අනුර කුමාර ජනාධිපතිතුමා ළඟ ඉන්නේ තමන්ගේ රට වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කිරීමට දෙවරක් නොසිතන දේශමාමකයන් කියාය. නමුත් බලාගෙන යන විදිහට හුලංගමුවට රටට වඩා තමන්ගේ රස්සාව වැදගත්ය.
නමුත් අවම තරමින් හුලංගමුව මෙහිදී අවංක වී තිබේ. රජයේ ඉහළ තනතුරු ගන්නා බොහෝ අය ඒ අතරතුර වෙනත් පුද්ගලික ආයතනවලටත් මුදලට වැඩ කරයි. එය අනිවාර්යෙන්ම බැඳියාවන් අතර පිළිගැටුමකි (Conflict of Interests). ජනපති අනුර කුමාර විසින් අපට දේශනා කරන යහපාලන සිද්ධාන්තවලට එය ඉඳුරා පටහැනිය.
අමාත්‍යංශ ලේකම් ධූරයක් දැරිය යුත්තේ රාජ්‍ය පරිපාලන සේවය පිළිබඳව විධිමත් ලෙස උගත් සහ වසර ගණනාවක අත්දැකීම් ඇති පරිණත ස්වාධීන පුද්ගලයන්ය. මුදල් අමාත්‍යංශය වැනි තැනකට එය අනිවාර්ය වේ. පුද්ගලික අංශයේ වැඩ කළ පමණින් රාජ්‍යයේ විධායක අමාත්‍යංශයක් මෙහෙයවිය කළ නොහැකිය. එක් පසෙකින් දේශපාලන සංස්ථාවත් අනෙක් පසින් සමස්ත රාජ්‍ය සේවයත් හා අත්‍යන්තයෙන් බැඳුණු එම ධූරය හෙබවිය යුත්තේ රාජ්‍ය සේවයේ ඒ සඳහා සුදුසුකම් ලත් උසස්ම නිලධාරියාය. අනුර කුමාර අපට කීවේ රාජ්‍ය සේවයට දිය යුතු ගරුත්වය දෙනවාය කියාය. හුලංගමුව වැනි පිටස්තරයෙකු එම තනතුර සඳහා යෝජනා කිරීමම ඒ අනුව වරදකි. තමා එයට නුසුදුසු බව පිළිගැනීම පිළිබඳව හුලංගමුවට අප ස්තුතිවන්ත විය යුතුය.
නමුත් මෙයින් තවත් ගැටලුවක් පැන නැඟේ. මුදල් අමාත්‍යංශයේ ලේකම් ධූරය සඳහා තමාගේ පුද්ගලික අංශයේ සම්බන්ධකම් පිළිගැටෙන්නේ නම්, ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ලෙස කටයුතු කිරීමටත් එය ඒ ආකාරයෙන්ම අදාළ විය යුතු නොවේද? ඔහුම කියන ආකාරයට මුදල් අමාත්‍යංශ ලේකම් ධූරයට හුලංගමුව නුසුදුසු නම්, ජනරජයේ ආර්ථික ක්‍රියාවලිය පිළිබඳ සියලු විධායක තීරණ සඳහා මුදල් අමාත්‍යයාද වන ජනපතිවරයාට සෘජුව උපදෙස් දීමටත් ඔහු නුසුදුසු වේ. ඒ අනුව හුලංගමුව සිය උපදේශක ධූරයෙන්ද ඉල්ලා අස් විය යුතුය.
පුදුමය තිබෙන්නේ Ernst & Young වැනි ජාත්‍යන්තරව පිළිගත් ආයතනයක සේවය කරන පුද්ගලයෙකුට මෙම ප්‍රාථමික සදාචාර ගැටලු ගැන අවබෝධයක් නැති වීමය. සාමාන්‍යයෙන් එම ආයතනය Corporate Governance තුළ Ethics and Best Practices පිළිබඳව දැඩි ලෙස කටයුතු කරයි. අඩුම තරමින් එසේ කරන බව ලෝකයට කියයි. ජනරජයේ විශාලතම ටෙන්ඩර් සඳහා වැඩිපුරම තරග කරන කොම්පැනි සංගමයේ සභාපතිවරයා ලෙසත් සිටිමින් රටේ ආර්ථික තීරණ සඳහා මුදල් ඇමති සහ ජනපතිට බලපෑම් කිරීම කෙතරම් නින්දිතද? එය වෘත්තීය සදාචාරයක් තිබෙන කිසිවෙකුත් නොකරන ක්‍රියාවකි.
මෙය අනුර කුමාර සහෝදරයාට හොඳ පාඩමකි. අමාත්‍යංශයේ ලේකම් ධූරය භාර ගෙන රටට සේවය කිරීම වෙනුවෙන් තමන්ගේ පුද්ගලික අංශයේ රස්සාව අත්හැරීමට අකමැති මිනිසුන් තමන්ගේ සමීපතම උපදේශකයන් කරගැනීම මෝඩකමකටත් වඩා බෙහෙවින් අනතුරුදායකය. එයින් පෙන්වන්නේ ඔවුන් සැබැවින්ම වගවීමට අකමැති බව නොවේද? ඒ වෙනුවෙන් පඩියක් ගන්නේ නැත්තේද ඒ නිසාය. එවිට වගකීමෙන් මිදිය හැකිය. එයින් පෙන්වන්නේ අනුරගේ ජනපතිකම පිළිබඳව එම පුද්ගලයාට විශ්වාසයක් නැති බව නොවේද? විශ්වාසයක් ඇත්නම් තමන්ගේ රස්සාව හැර දමා උරෙන් උර ගැටී අනුර සමග සිට ගත යුතුය.
එක්කෝ හුලංගමුව තමා වැඩ කරන දෙස් විදෙස් පුද්ගලික ව්‍යාපාරවලින් ඉවත් වී එක හිතින් ජනපති අනුර හා එකතු විය යුතුය. නැත්නම් කිසිදු තනතුරක් නොගෙන පැත්තකට විය යුතුය. ප්‍රශ්නය වන්නේ කිසියම් අනිසි තනතුරක යමෙකු තබා තිබීමෙන් වාසි ලබා ගන්නා අය එයට ඉඩ දෙනු ඇත්ද? යන්නය. ධර්මය ඔබට මග වේවා!
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි