
උපකාර පන්ති ගුරුවරියට පොලිස් ආරක්ෂාව ලබාදී ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන්
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසුන් ඇගයීම සඳහා ඉකුත් අප්‍රේල් 17 සහ 18 යන දිනයන්හීදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය සඳහා ආරක්ෂාව ලබාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය කළ දැනුම් දීමක් අනුව බව වාර්තා වේ.
අදාළ උත්සවයට සිසුන් සහ ඔවුන්ගේ මව්පියන් 30,000කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වීමට නියමිත බැවින් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය ආරක්ෂාව සලසා දෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය ඉකුත් 08 වනදා ලිපියක් මඟින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
එම උත්සවය සංවිධානය කර තිබුණේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පන්ති පවත්වන ගුරුවරියක් විසින්.
එම ගුරුවරිය අදාළ උත්සවයට පොලිස් රථ සහ ආරක්ෂාව මධ්‍යයේ රථ පෙළකින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට පැමිණි ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහක් නිර්මාණය කළා.
ඒ, වත්මන් ආණ්ඩුව මැති ඇමතිවරුන්ට පවා විශේෂ ආරක්ෂාවක් ලබා නොදෙන පසුබිමක එම ගුරුවරියට එවැනි ආරක්ෂාවක් ලබා දුන්නේ කුමන පදනමක් යටතේදැයි ප්‍රශ්න කරමින්.
කෙසේවෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ඉකුත් දා ප්‍රකාශ කළේ අදාළ ගුරුවරියගේ වාහනයට පොලිස් ආරක්‍ෂාව ලබා දීම සිදුව ඇත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් සිදු වන බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
