
ආණ්ඩුව ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නැගුවා - ඉන්දික අනුරුද්ධ
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්ළි බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඊයේ (21) පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිටිහි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවේදී ඉන්දික අනුරුද්ධ මහතා එසේ පැවසීය.
පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු අප්‍රේල් 21 වැනිදාට කළින් හෙළිකරන්නේ යැයි ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවත් එම ප්‍රකාශය මත ජනාධිපතිවරයා විශේෂ හෙළිදර්වක් කරමින් ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටුකරනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කළ බවත් අනුරුද්ධ මහතා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ‘පාස්කු’ ප්‍රහාරය හරහා බලය ගත් බවට ද වර්තමාන ආණ්ඩුව චෝදනා කරන බව කී ඉන්දික අනුරුද්ධ මහතා එවැනි චෝදනා කර විශාලා ඝෝෂාවක් නගලා වර්තමාන ආණ්ඩුව එය හොයලා පැය ගාණකින් වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගේනවා යැයි පම්පෝරි ගසමින් ආණ්ඩු බලය ලබාගත් බව ද සඳහන් කළේය.
ක්‍නාධිපතිවරයා පොරොන්දු කඩකිරීමෙන් කතෝලික සභාව, කාදිනල්තුමාට, කතෝලික ජනතාවට මෙන්ම ඒ අගතියට පත්වූ වින්දිතයින්ට දැඩි අසාධාරණයක් කළ බවත් ජනාධිපතිවරණයේදී වේදිකාවක් වේදිකාවක් ගානේ පාස්කු ප්‍රහාරය මතක් කර අහිංසක මිනිස්සුන්ගේ තුවාල පෑරවූ බවත් ඔහු කීය.
ඉන්පසු මහා මැතිවරණයෙදි නැවත නැවතත් පල්ලියේ අල්තාරයේ පියතුමන්ලා ලව්වා මාලිමාවට ඡන්දය දෙන ලෙස කියවාගැනීමට අනුර කුමාර ජනාධිපතිතුමා පාස්කු වින්දියින්ට සාධාරණයක් කරන්නේ යැයි පැවසූ බවත් එසේ ප්‍රකාශ කළ ජනාධිප‘තිවරයා මාස හයකින් පසුව ජනාධිපති කොමිෂන් වාර්තාව සීඅයිඩියට භාරදුන්නේ යැයි ප්‍රකාශ කළ බවත් ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේය.
කොමිසමේ නිර්දේශ වෙනුවෙන් ජනාධිපතිතුමා කිසිදු සාධනීය උත්තරයක් නොමැතිව නීතියක් ක්‍රියාත්මක නොකළේ ඇයි දැයි ගැටලුව මතුවන බව කී ඉන්දික අනුරුද්ධ මහතා පැවසුවේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට ඉදිරියෙන් තබාගෙන පළාත් පාලන මැතිවරණයේ ඡන්ද සොයනවාද යන සැකය මතුවන බවත්ය.
රාජපක්‍ෂ කඳවුර පාස්කු ප්‍රහාරය කළේ යැයි කියවා ගැනීම ආණ්ඩුවේ උත්සහ බවට පත්ව ඇති බවත් ජනාධිපතිතුමාට රාජපක්‍ෂලා සමඟ ඇති පෞද්ගලික තරහා කදිනල්තුමා ලවා, කතෝලික ජනතාව ලවා ඉස්මතු කරගන්න හදනවා නම් එය කෙනාකරන ලෙස ඉල්ලා සිටින බවත් ඉන්දික අනුරුද්ධ මහතා වැඩි දුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
