ආණ්ඩුව ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නැගුවා - ඉන්දික අනුරුද්ධ
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්ළි බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඊයේ (21) පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිටිහි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවේදී ඉන්දික අනුරුද්ධ මහතා එසේ පැවසීය.
පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු අප්‍රේල් 21 වැනිදාට කළින් හෙළිකරන්නේ යැයි ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවත් එම ප්‍රකාශය මත ජනාධිපතිවරයා විශේෂ හෙළිදර්වක් කරමින් ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටුකරනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කළ බවත් අනුරුද්ධ මහතා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ‘පාස්කු’ ප්‍රහාරය හරහා බලය ගත් බවට ද වර්තමාන ආණ්ඩුව චෝදනා කරන බව කී ඉන්දික අනුරුද්ධ මහතා එවැනි චෝදනා කර විශාලා ඝෝෂාවක් නගලා වර්තමාන ආණ්ඩුව එය හොයලා පැය ගාණකින් වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගේනවා යැයි පම්පෝරි ගසමින් ආණ්ඩු බලය ලබාගත් බව ද සඳහන් කළේය.
ක්‍නාධිපතිවරයා පොරොන්දු කඩකිරීමෙන් කතෝලික සභාව, කාදිනල්තුමාට, කතෝලික ජනතාවට මෙන්ම ඒ අගතියට පත්වූ වින්දිතයින්ට දැඩි අසාධාරණයක් කළ බවත් ජනාධිපතිවරණයේදී වේදිකාවක් වේදිකාවක් ගානේ පාස්කු ප්‍රහාරය මතක් කර අහිංසක මිනිස්සුන්ගේ තුවාල පෑරවූ බවත් ඔහු කීය.
ඉන්පසු මහා මැතිවරණයෙදි නැවත නැවතත් පල්ලියේ අල්තාරයේ පියතුමන්ලා ලව්වා මාලිමාවට ඡන්දය දෙන ලෙස කියවාගැනීමට අනුර කුමාර ජනාධිපතිතුමා පාස්කු වින්දියින්ට සාධාරණයක් කරන්නේ යැයි පැවසූ බවත් එසේ ප්‍රකාශ කළ ජනාධිප‘තිවරයා මාස හයකින් පසුව ජනාධිපති කොමිෂන් වාර්තාව සීඅයිඩියට භාරදුන්නේ යැයි ප්‍රකාශ කළ බවත් ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේය.
කොමිසමේ නිර්දේශ වෙනුවෙන් ජනාධිපතිතුමා කිසිදු සාධනීය උත්තරයක් නොමැතිව නීතියක් ක්‍රියාත්මක නොකළේ ඇයි දැයි ගැටලුව මතුවන බව කී ඉන්දික අනුරුද්ධ මහතා පැවසුවේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට ඉදිරියෙන් තබාගෙන පළාත් පාලන මැතිවරණයේ ඡන්ද සොයනවාද යන සැකය මතුවන බවත්ය.
රාජපක්‍ෂ කඳවුර පාස්කු ප්‍රහාරය කළේ යැයි කියවා ගැනීම ආණ්ඩුවේ උත්සහ බවට පත්ව ඇති බවත් ජනාධිපතිතුමාට රාජපක්‍ෂලා සමඟ ඇති පෞද්ගලික තරහා කදිනල්තුමා ලවා, කතෝලික ජනතාව ලවා ඉස්මතු කරගන්න හදනවා නම් එය කෙනාකරන ලෙස ඉල්ලා සිටින බවත් ඉන්දික අනුරුද්ධ මහතා වැඩි දුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්රස්ථානයක් බවට..