
විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් මිදුණු පුළුල් අධ්‍යාපන ක්‍රමවේදයක් - වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය සියලු දරුවන්ගේ අයිතියක්
අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යාපනය සියලු දරුවන්ගේ අයිතියක් 2026 වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අප්‍රේල් 20වැනි දා වන්නි දිස්ත්‍රික්කයේ ඉරට්ටපෙරියකුලම් නගර ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් පවසන ලදී.
එමෙන්ම කිසිම දරුවකුට පාසල් අධ්‍යාපනය මඟ හැරීමට ඉඩ නොතබමින් දහතුන් වසරක අධ්‍යාපනය සියලු දරුවන්ගේ අයිතියක් ලෙස තහවුරු කරමින් විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් මිදුණු පුළුල් අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දීම ඉදිරියේදී සිදුවන බව අග්‍රාමාත්‍යවරිය විසින් මෙහිදී ප්‍රකාශ කරන ලදී.
එම පුළුල් අධ්‍යාපන පරිවර්තනය සිදු කිරීම උදෙසා පාසල් දරුවන්ගේ විෂය නිර්දේශය, ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රමවේදය, විභාග ක්‍රමවේදය, පාසල් වල පන්තිකාමර ආකෘතිය සහ යටිතල පහසුකම් යන සියලු ක්ෂේත්‍ර වෙනස් විය යුතු බවත් එම ක්ෂේත්‍ර සංවර්ධනය උදෙසා මෙවර අයවැයෙන් ඉතිහාසයේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන ලද විශාලතම මුදල වෙන් කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය විසින් ප්‍රකාශ කරන ලදී.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු විය යුතු බවත් ගුරු පුහුණු විද්‍යාලවල පහසුකම් දියුණු කිරීමේ වැදගත්කම පිළිබඳවත් අග්‍රාමාත්‍යවරිය මෙහි දී අවධාරණය කරන ලදී. එමෙන්ම වසර ගණනාවක් පුරාවට වසා ඇති වව්නියා දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය ගුරු විද්‍යාලය කඩිනමින් ප්‍රතිසංස්කරණය කොට නැවත විවෘත කිරීම මෙවර අයවැයෙන් සිදුකරන බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා ය.
දරුවන්ට සමාජය තුළ ගොඩනැගෙන්නට අවශ්‍ය කුසලතා වර්ධනය කෙරෙන, පෞරුෂය ශක්තිමත් කරන නිදහස් අධ්‍යාපනය තහවුරු කරන ,නිදහස් අධ්‍යාපනයේ පරමාර්ථය හොඳින් ම සාක්ෂාත් වන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගීම ජාතික ජනබලවේග ආණ්ඩුවේ මූලික බලාපොරොත්තුව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙහි දී ප්‍රකාශ කරන ලදී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
