විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් මිදුණු පුළුල් අධ්‍යාපන ක්‍රමවේදයක් - වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය සියලු දරුවන්ගේ අයිතියක්
අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යාපනය සියලු දරුවන්ගේ අයිතියක් 2026 වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අප්‍රේල් 20වැනි දා වන්නි දිස්ත්‍රික්කයේ ඉරට්ටපෙරියකුලම් නගර ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් පවසන ලදී.
එමෙන්ම කිසිම දරුවකුට පාසල් අධ්‍යාපනය මඟ හැරීමට ඉඩ නොතබමින් දහතුන් වසරක අධ්‍යාපනය සියලු දරුවන්ගේ අයිතියක් ලෙස තහවුරු කරමින් විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් මිදුණු පුළුල් අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දීම ඉදිරියේදී සිදුවන බව අග්‍රාමාත්‍යවරිය විසින් මෙහිදී ප්‍රකාශ කරන ලදී.
එම පුළුල් අධ්‍යාපන පරිවර්තනය සිදු කිරීම උදෙසා පාසල් දරුවන්ගේ විෂය නිර්දේශය, ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රමවේදය, විභාග ක්‍රමවේදය, පාසල් වල පන්තිකාමර ආකෘතිය සහ යටිතල පහසුකම් යන සියලු ක්ෂේත්‍ර වෙනස් විය යුතු බවත් එම ක්ෂේත්‍ර සංවර්ධනය උදෙසා මෙවර අයවැයෙන් ඉතිහාසයේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන ලද විශාලතම මුදල වෙන් කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය විසින් ප්‍රකාශ කරන ලදී.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු විය යුතු බවත් ගුරු පුහුණු විද්‍යාලවල පහසුකම් දියුණු කිරීමේ වැදගත්කම පිළිබඳවත් අග්‍රාමාත්‍යවරිය මෙහි දී අවධාරණය කරන ලදී. එමෙන්ම වසර ගණනාවක් පුරාවට වසා ඇති වව්නියා දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය ගුරු විද්‍යාලය කඩිනමින් ප්‍රතිසංස්කරණය කොට නැවත විවෘත කිරීම මෙවර අයවැයෙන් සිදුකරන බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා ය.
දරුවන්ට සමාජය තුළ ගොඩනැගෙන්නට අවශ්‍ය කුසලතා වර්ධනය කෙරෙන, පෞරුෂය ශක්තිමත් කරන නිදහස් අධ්‍යාපනය තහවුරු කරන ,නිදහස් අධ්‍යාපනයේ පරමාර්ථය හොඳින් ම සාක්ෂාත් වන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගීම ජාතික ජනබලවේග ආණ්ඩුවේ මූලික බලාපොරොත්තුව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙහි දී ප්‍රකාශ කරන ලදී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..