
පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ මිනීමැරුමක් සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව පෙන්වීමට රජය උත්සාහ කරනවා... විපක්ෂයෙන් චෝදනා
පාස්කු ප්‍රහාර මාලාවට වසර 06 ක් ගතවෙමින් ඇති පසුබිමක් තුළ එම ප්‍රහාරයෙන් වින්දිතයින් වූ පුද්ගලයන්ට යුක්තිය ඉටුකරන ලෙසත්, වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා රජයට බලපෑම් එල්ල වෙමින් තිබේ.
ඒ අනුව, 2019 පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉටුකිරීමේ අරමුණින් රජය ගෙන ඇති පියවර පිළිබඳව සමගි ජන බලවේගය කනස්සල්ල පළකර තිබේ.
එම පක්ෂය පවසන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජය ලබා දී ඇති පොරොන්දුවලට අනුකූලව සැබවින්ම ඵලදායී වන පියවර ගැනීමට රජය අවධානය යොමු කළ යුතු බවයි.
ඊයේ කොළඹ පැවැති ජනමාධ්‍ය හමුවකදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ද මේ සම්බන්ධයෙන් අදහස් පළකළේය.
ඔහු එහිදී පෙන්වාදුන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුත්තන් නීතියේ රැහැනට හසුකර ගැනීමට රජය පියවර ගත යුතු බවයි.
ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉටුකරන බවට ජනතාව මෙන්ම පාර්ශ්ව ගණනාවක් වත්මන් පාලනය කෙරෙහි විශ්වාසය තැබූ බැවින් රජය ඔවුන්ගේ පොරොන්දුව ඉටු කළ යුතු බව ද මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.
එමෙන්ම සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා එම ජනමාධ්‍ය හමුවේදී අදහස් පළකළේය.
එහිදී ඔහු පැවසුවේ පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ක්‍රියාමාර්ගයක් බව පෙන්වීමට රජය උත්සාහ කළ ද ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනීමැරුමක් සම්බන්ධයෙන් බවයි.
පිල්ලෙයාන් රඳවා තබාගැනීමට රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කළද එය අවලංගු කරන බවට රජය පොරොන්දු ලබාදුන් බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැවසුවේය.
එමෙන්ම ඔහු අවධාරණය කළේ පිල්ලෙයාන් යම් වරදක් කර ඇත්නම් ඔහුට දඩුවම් දිය යුතු නමුත් ඒ සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හැර වෙනත් නීති ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබූ බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
