
පුංචි ඡන්දයේ පත්‍රිකා යළි මුද්‍රණය නිසා රජයට මිලියන 114ක අමතර වියදමක් දැරීමට සිදුවෙලා

පළාත් පාලන ඡන්ද විමසීම සදහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් භාරදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප වීම හේතුවෙන් ඒ ඒ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අධිකරණය හමුවේ නඩු ගොනු කිරීමට කටයුතු කළා.
ඒ අනුව එම නාමයෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙසයි අධිකරණය පසුගියදා නියෝග කළේ. මෙම නියෝගයට පෙර පළාත් පාළන ආයතන රැසකට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට රජයේ මුද්‍රණාලය පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත් අධිකරණ තීන්දු මත පළාත් පාලන ආයතන රැසකට අදාළ අපේක්ෂක නාමලේඛන සහ ඡන්ද පත්‍රිකා යළි මුද්‍රණය කිරීමටයි මුද්‍රණාලයට සිදුව ඇත්තේ. ඒ අනුව ඡන්ද පත්‍රිකා 45 ලක්ෂ 97,608 ක් මුද්‍රණය කිරීමට සිදුව තිබෙනවා.
ඒ වෙනුවෙන් රජයට රුපියල් මිලියන 114 ක අධික මුදලක් වැය වී ඇති බවයි රජයේ මුද්‍රණාලායාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර ප්‍රකාශ කළේ.
එමෙන්ම පළාත් පාලන ඡන්ද විමසීම සඳහා සිදුකරන තැපැල් ඡන්ද සළකුනු කිරීම සම්බන්ධව මැතිවරණ කොමිසම විසින් අද නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව එළැඹෙන 24, 25,28 සහ 29 යන දිනවලදී පමණක් අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු සිදුකරන බවයි මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ.
මීට පෙර දින 05 ක් ඒ සදහා මැතිවරණ කොමිසම විසින් නම්කර තිබුණා.
මේ අතර ඉදිරි මැතිවරණයෙන් පසු පළාත් පාලන ආයතන සඳහා මුදල් වෙන්කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සිදුකළ ප්‍රකාශයට විරුද්ධව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
එහිදී මහලේකම්වරයා සඳහන් කළේ 88, 89 කාල වකවානුවේදී සේම ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සිය බලය භාවිත කරන බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
