සිරි දළදා වන්දනාවේ තුන්වන දිනය අද
ගෞතම බුදුරජාණන්වහන්සේගේ වාම දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැකබලාගැනීමේ දුර්ලභ අවසථාව උදාකර දෙන “සිරි දළදා වන්දනාවේ තුන්වන දිනය අදයි .දහවල් 01:00 සිට පස්වරු 05:00 දක්වා අදත් (20) සැදැහැවතුන්ට දළදා වහන්සේ වැදපුදා ගැනීමට අවස්ථාව හිමිවනවා.
දෙවැනි දිනය වූ ඊයේ දිනයේ එක් ලක්ෂ විසිදහසකට අධික සැදැහැවතුන් පිරිසකට දළඳා වහන්සේ වන්දනාමාන කරගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
එසේම අද දිනයේදී වන්දනා කිරීම සඳහා ඊයේ රාත්‍රී 09:00 ය පමණ වන විට 50,000කට අධික සැඳැහැවතුන් පිරිසක් මහනුවරට පැමිණ සිටි අතර, එම ප්‍රමාණය අද පෙරවරුව වන විට ලක්ෂය ඉක්මවා යනු ඇතැයි පොලිසිය අපේක්ෂා කරනවා.
ඒ අනුව සති අන්තයේ දිනයක් වන අද දිනය මගහැර ඉදිරි දිනයක් යොදා ගැනීමට කටයුතු කිරීම මගින් සැඳැහැවතුන්ට පහසුවෙන් දළදා වහන්සේ වන්දනාමාන කරගැනීමට හැකියාව පවතින බවයි පොලිසිය දැනුම් දෙන්නේ.
දස දහස් සංඛ්‍යාත සැහැදැවතුන් පිරිසක් තුන්වන දිනය වන අදත් වන්දනාමාන කර ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටිනවා.
සිරි දළදා වන්දානාව සඳහා ඇති ප්‍රධාන පිවිසුම් මාර්ග තුනෙහිම කිලෝ මීටර ගණන් දිගු පෝලිම් මේ වනව්ට දක්නට ලැබෙනවා.
දළදා වහන්සේ දැක වන්දනාමාන කර ආශිර්වාද ලබා ගැනීම වෙනුවෙන් පැමිණ සිටින විශේෂ අවශ්‍යතා සහිත ජනතාව වෙනුවෙන් ද වෙනම පෝලිමක් පිහිටුවා තිබෙනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..