
මාර්තු 6න් පස්සේ සහල් පිටරටින් ගේන්න නැවත ගැසට් එකක්? ආණ්ඩුවේ සහල් අර්බුදයට පිළියම මේක විතරයි.. (වීඩියෝ)
ආණ්ඩුවට සහල් අර්බුදයට විසදුම් නොමැති බවත් ඊට ඇති එකම විසදුම සහල් පිටරටින් ආනයනය කිරීම පමණක් බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි. ඊයේ වශේෂ මාධ්‍ය හමුවක් පවතිවමින් ඒ් මහතා මේ අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
'' මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්න තීරණය කෙරේ, වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්මා දිගින් දිගටම සිය මැතිවරණ වේදිකාවේ කියමින් යනවා බැරිවෙලාවත් සහල් අර්බුදයක් ආවොත් සහල් හිගයක් කෘතීම වෙළඳපොළේ ආවොත් අනිවාර්යෙන්ම සහල් ආනයනය කරනවා කියලා.
අපි වසන්ත සමරසිංහ අමාත්‍යවරයට සහ මේ ආණ්ඩුවේ කෘෂිකර්ම අමාත්‍යවරය ඇතුළු අදාළ බලධාරීන්ට කියන්නේ තමන්ගේ මේ තියෙන අර්බුදයට විසඳුම් දෙන්න බැරි කමට අර කෝකටත් තෛලය වගේ සහල් ආනයනය කරන, පිටරටින් හාල් ගේනවා කියන එක වෙනුවට නිශ්චිත ක්රමවේදයක් ආණ්ඩුවට හදා ගන්න කියලා.
මේ දැන් සහල් අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිවරයා බලයට පත් වීමත් එක්කම මහා පරිමාණ මෝල් හිමියෝ සහ සහල් කර්මාන්තයේ නියැළෙන සුළු හා මධ්ය පරිමාන සහල් කර්මාන්තකරුවෝ ගෙනල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී තීරණය කරා ඉදිරියේදී යම් විදියකින් සහල් හිඟයක් ඇති වුනොත් ඒ අර්බුදය සඳහා හිඟයට පිළියම් යෙදීම සඳහා රජයේ වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීමේ ක්රියාවලියක් සකස් කරන බව.
ඒ සදහා වී අලෙවි මණ්ඩලයේ මිල දී ගන්නා ලද වී ප්රමාණයෙන් වෙළඳපොලට නිකුත් කරන්න කියලා සහල් හිඟය සහ මේ කෘතීම සහල් අර්බුදය නිමා කරන්නටත්, හැබැයි අපි බලමු. දැන් ආණ්ඩුව ඒ තීරණය ගත්තා වී මෙට්රික් ටොන් ලක්ෂ තුනක් ආණ්ඩුව මගින් වී අලෙවි මණ්ඩලයෙන් මගින් මිලදී ගන්න. හැබැයි ඒ සඳහා කඩිමුඩියේ වී අලෙවි මණ්ඩලයේ තිබ්බ ගබඩා සංකීර්ණ හැම දිස්ත්රික්ක වී වගා කරන හැම දිස්ත්රික්කයකම වගේ ප්රතිසංස්කරණ කටයුතු කරා. එතකොට ප්රතිසංස්කරණ කටයුතු කිරීමෙන් අනතුරුව මාස් කන්නයේ වී අස්වනු නෙළුවට පස්සෙ ආණ්ඩුවේ වී මිලදී ගැනීමේ ක්රියාවලිය ආණ්ඩුවේ වී අලෙවි මණ්ඩලය වී මිලදී ගත්ත ප්රමාණය අනුව මේ තියෙන අර්බුදයට විසඳුම් දෙන්න බැරි බව ඉතාමත් හොදින් පැහැදිලි වෙනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
