News Category
From Date
To Date
Maximum Number of Result

රජය සහ මැ.කො. ගැන විමතිය පළ කරමින් ‘මව්බිම’ දුරකතන සංවාද එලියට දමයි...

Apr 17, 2025 at 10:49 PM
|

මවුබිම පුවත්පතිනි…

මැතිවරණ නීති උල්ලංඝණයක් කිරීමක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමුකළ බවට කොමිසමේ මූලාශ්‍රයක් සහතික කර එය අද (අප්‍රේල් 17) ප්‍රධාන පුවත හැටියට වාර්තා කිරීමෙන් පසු එහි සභාපතිවරයා විසින් ම එම තොරතුර ප්‍රතික්ෂේප කරනු ලැබීම ගැන ‘මව්බිම’ සිය බලවත් විමතිය පළ කර සිටියි.

‘නොදිනන සභාවලට ප්‍රතිපාදන නොදෙන බවට ජනපති කළ ප්‍රකාශය ගැන පැමිණිලි – මැතිවරණ නීති කඩන කතා එපා : මැ.කො ජනපතිට ලියයි’ යන සිරස්තලය යටතේ පළ කළ පුවත මැතිවරණ කොමිසමේ මූලාශ්‍ර මගින් ලබා ගත් පුවතක් වන අතර මෙසේ කොමිසම පැය විසි හතරක් ඇතුළත ස්ථාවර දෙකක් ගැනීම ගැන ‘මව්බිම’ සිය අප්‍රසාදය පළ කරමින් අද දිනයේ ම මැතිවරණ කොමිසමට හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපි යොමු කළේ ය.

මැතිවරණ කොමිසම මෙසේ ස්ථාවර දෙකක් පෙන්වමින් සිටින්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුත්තල හා තිස්සමහාරාම මැතිවරණ රැස්වීම්වලදී කළ ප්‍රකාශ මගින් පළාත් පාලන ආයතන මැතිවරණ ආඥා පනතේ අයුතු බලපෑම් හා අල්ලස යන වැරැදි සිදුකර ඇති බවට සී.එම්.ඊ.වී සංවිධානය මීට සති දෙකකට පෙර කළ පැමිණිල්ලක් සම්බන්ධයෙනි.

ජාතික ජන බලවේගයේ නොවන කණ්ඩායමක් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළහොත් ඒවාට මුදල් වෙන්කිරීම කළ නොහැකි බවත් මුදල් වෙන්කළත් එය සැලකිල්ලෙන් කිරීමට සිදුවන බවත් වශයෙන් මැතිවරණ වේදිකාවලදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශවලට එරෙහිව මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කළේ පසුගිය 2 වන දා ය.

‘2025 පළාත් පාලන ආයතන මැතිවරණ ව්‍යාපාරය අතරතුර විධායක ජනාධිපතිතුමා විසින් මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීම පිළිබඳ පැමිණිල්ල’ මැයෙන් වූ එම පැමිණිල්ලේ අදාළ ප්‍රකාශ දෙක ම පළාත් පාලන ආයතන මැතිවරණ ආඥා පනතේ 82 (ඇ) හා 82 (ඈ) (අයුතු බලපෑම් හා අල්ලස) යන වගන්ති බරපතළව හා පැහැදිලි ලෙස උල්ලංඝණය කිරීමක් බව සිය විශ්ලේෂණාත්මක මතය යැයි එම සංවිධානය දක්වා තිබිණි.

රටේ විධායක ජනාධිපතිවරයාට තිස්සමහාරාම හා බුත්තල ප්‍රාදේශීය සභාවට තම පක්ෂයේ නියෝජිතයින් තෝරා පත් කර නොගතහොත් ප්‍රදේශයේ මූල්‍ය අවශ්‍යතා ඉටු කිරීමට ප්‍රමාද වන බවට හෝ මෙම අවශ්‍යතා ඉටු කිරීමට ප්‍රමාද විය හැකි බවට ඡන්දදායකයින්ට කිසිසේත් තර්ජනය කළ නොහැකි යැයි සී.එම්.ඊ.වී ආයතනය තම පැමිණිල්ලේ දක්වා ඇත.

එසේ ම සිය නියෝජිතයාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ජන බලවේගයෙන් පැමිණෙන යෝජනා පිළිගෙන ප්‍රශ්න කිරීමකින් තොරව අරමුදල් සපයනු ලබන බවටත් වූ ප්‍රකාශය සමග සැසඳූ විට පැහැදිලි ලෙසම ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තර්ජනයක් සහ පොරොන්දුවක් යන දෙක ම ඒකාබද්ධ කරන්නක් යැයි ද සී.එම්.ඊ.වී ආයතනය පවසයි.

වඩා ගැටලුසහගත කරුණ වන්නේ ජනාධිපතිවරයා රට පුරා පණිවිඩයක් යවමින් මෙම කරුණු යළි යළිත් ප්‍රකාශ කරමින් සිටීම යැයි පවසන එම සංවිධානය පක්ෂ දේශපාලනය ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන වත්මන් ජනාධිපතිවරයා විසින්ම මෙවැනි ප්‍රකාශ කිරීම නිසා ජාතික ජනබලවේගයට ඡන්දය දීමට අකැමැති ඡන්දදායකයන්ට තර්ජනයක් හා අල්ලසක් ලෙසින් එය විශ්වාසදායක වනු ඇතැයි ද අවධාරණය කරයි.

ජනාධිපතිවරයාගේ මෙම මැදිහත්වීම සම බිමක ක්‍රීඩා කිරීමේ මැතිවරණ මූලධර්මයට හානි කර නිදහසේ සහ ස්වාධීනව ඡන්දය ප්‍රකාශ කිරීමේ පුරවැසි අයිතියට තර්ජනය කරමින් අවසාන මැතිවරණ ප්‍රතිඵලයට බලපෑ හැකි යැයි ද එම පැමිණිල්ලේ වැඩිදුරටත් දක්වා තිබිණි.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගත් පියවර ගැන පසුගිය 10 වන දා එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගෙන් ‘මව්බිම’ විමසූ අතර ඒ ගැන සිය පැමිණිලි අංශයෙන් විමසන්නැයි ඔහු පැවසීය.

ඉන්පසුව මේ සම්බන්ධයෙන් පෙරේදා(අප්‍රේල් 16) කළ විමසීමේදී එම අංශයේ නිලධාරියෙකු පැවසුවේ, ජනාධිපතිවරයාට එවැනි ප්‍රකාශ නොකරන ලෙසට ජනාධිපති ලේකම්වරයා ආමන්ත්‍රණය කරමින් ලිපියක් යොමුකළ බව ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වගන්තියෙන් සිවිල් හා අපරාධ නඩු පැවරීමේදී ජනාධිපතිවරයාට හිමි වන මුක්තිය නිසා මෙවැනි සිදුවීම්වලදී ජනාධිපති ලේකම්වරයා ආමන්ත්‍රණය කරමින් ලිපි යොමුකිරීමේ පිළිවෙත ගැන එම නිලධාරියා එහිදී සවිස්තර පැහැදිලි කිරීමක් කළේ ය.

එම නිලධාරියා සිදුකළ දීර්ඝ පැහැදිලි කිරීමේදී මෙසේ ද සඳහන් විය.

“පැමිණිලි ආපු නිසා ඒවා කෝට් කරලා ජනාධිපතිතුමා දැනුවත් කරන්න කියලා අපි ජනාධිපති ලේකම්ට ලියලා තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වගන්තිය තියෙනවානේ එයාට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න බැහැනේ. එනිසා තමයි අපි ජනාධිපති ලේකම්ට ලිව්වේ මේ විදිහට කරන්න දෙන්න එපා කියලා.”

එම නිලධාරියාගේ පැහැදිලි කිරීම අනුව ‘මැතිවරණ නීති කඩන කතා එපා: මැකො ජනපතිට ලියයි’ යන හිසින් ප්‍රධාන සිරස්තලය ලෙසින් ‘මව්බිම’ අද එම පුවත වාර්තා කළේ ඒ අනුවය.

කෙසේ වෙතත්, පුවත්පත මුද්‍රණය වී පළවීමෙන් පසු මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා ‘මව්බිම’ට දුරකතන ඇමතුමක් ගෙන මෙම පුවත සදොස් බව ත් එවැනි ලිපියකට තමා අස්සන් නොකළ බව ත් පැවසීය.

ජනාධිපති ලේකම්වරයා අමතා යැවූ බව කියන ලිපියක් ගැන ‘මව්බිම’ට පෙර දිනයේ ප්‍රකාශයක් කළේ ද මැතිවරණ කොමිසමේ නීති අංශයේ නිලධාරියෙකු වන පසුබිමක හා එම අංශයෙන් අදාළ තොරතුරු ලබාගන්නැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ම මාර්ගෝපදේශ සැපයූ පසුබිමක පුවත පළකිරීමෙන් පසු මෙවැනි ප්‍රතිචාරයක් දැක්වීම ගැන පුවත්පතක් හැටියට විමතිය පළ කරමු.

එසේ ම, ස්වාධීන කොමිසමක් හැටියට මෙහි ගැටලුවක් වේ නම් මැතිවරණ කොමිසමේ ලිපි ශීර්ෂ යටතේ ප්‍රතිචාර නොදක්වා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලවා පය බුරුලෙන් තබන නිවේදනයක් නිකුත් කිරීම වඩා ප්‍රශ්නකාරී බව ද අවධාරණය කරමු.

මේ අතර, 2025 CMEV/SLG2025/Complaint/01 අංකය දරන පැමිණිල්ල ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමට 2025 අප්‍රේල් මස 2 දින යොමුකර දින 15ක් ගතවී ඇති නමුත් මැතිවරණ කොමිසමෙන් කිසිදු ප්‍රතිචාරයක් තමන්ට නොලැබීම අවදානයට ලක් විය යුතු කරුණක් බව කියමින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය අද නිවේදනයක් නිකුත් කර ඇත.

සිය පැමිණිල්ලේ අන්තර්ගතය ඡන්දයට තීරණාත්මක බලපෑමක් ඇතිකරන නිසා එයට ඉක්මන් හා ප්‍රමාණවත් පිළිතුරක් මැතිවරණ කොමිසමෙන් ජනතාව වෙනුවෙන් තම සංවිධානය බලාපොරොත්තු වෙන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.



සම්බන්ධිත පුවත් | Related News

ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති වීම හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීමට ඇති පොරොත්තු කාලය ඉහළ යාම, වෛද්‍යවරයකුට එක් රෝගියකු වෙනුවෙන් වෙන් කළ හැකි කාලය සීමා වීම සහ සායනික තීරණ ගැනීමේදී අවදානම් මතුවීම වැනි බරපතළ ගැටලු රැසක් පැනනැඟී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දෙයි.
ජර්මනියේ කොලෝන් නගරයේදී 16 හැවිරිදි දැරියකට අතවරයක් සිදුකළ බවට සැක කෙරෙන රොබෝ යන්ත්‍රයක් පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
ජනාධිපති අනුර දිසානායකගේ දැඩි කෝපයට ලක්ව සිටින කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර වෙත භාර දී තිබේ.
මැදපෙරදිග කලාපයේ උත්සන්න වන භූදේශපාලනික ආතතීන් හේතුවෙන් ඉදිරියේදී රටේ ආර්ථික වර්ධනය තවදුරටත් පහළ යාමේ අවදානමක් පවතින බව මහ බැංකුව පවසයි.
බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පවත්වනු ලබන ‘සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාව’ ඊයේ (13දා) සිව්වැනි දිනටත් වරකාපොළ නගරයෙන් ආරම්භ වී නිට්ටඹුව නගරයෙන් අවසන් විය.
ප්‍රංශය මේ වන විට ගිනියම් කරමින් පවතින පාසල් සිසුන්ගේ සහ තරුණයන්ගේ වීදි සටන් පිටුපස ඇත්තේ හුදු අධ්‍යාපන ගැටලු පමණක් නොව, සමස්ත යුරෝපීය බිඳවැටීම සහ ගෝලීය බලය වෙනස් වීමේ ක්‍රියාවලියක් බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර පෙන්වා දෙයි.
ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් අද දින අභියාචනාධිකරණයේ දී කරුණු තහවුරු කිරීමට නියමිතය.
දේශපාලන පක්ෂ භේදයකින් තොරව ගොවි ජනතාව එක්ව පවත්වාගෙන යන ගොවි සංවිධානවල පරිපාලනයට දේශපාලන අධිකාරිය අතපොවන බවට චෝදනා කරමින්, බෙදුම්ඇල ගොවි සමිතියේ සභාපතිවරයා සහ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා අතර සිදුවූ ආන්දෝලනාත්මක දුරකථන සංවාදයක හඬපටයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.
සිවුරට දඬුවම් දෙනවාට තමන් පෞද්ගලිකව අකමැති බවත්, සුද්දාගේ කාලයේත් සිවුරට දඬුවම් දුන් බවත් ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

ප්‍රධාන පුවත්

කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?

ජනාධිපති අනුර දිසානායකගේ දැඩි කෝපයට ලක්ව සිටින කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර වෙත භාර දී තිබේ.

ප්‍රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..

ප්‍රංශය මේ වන විට ගිනියම් කරමින් පවතින පාසල් සිසුන්ගේ සහ තරුණයන්ගේ වීදි සටන් පිටුපස ඇත්තේ හුදු අධ්‍යාපන ගැටලු පමණක් නොව, සමස්ත යුරෝපීය බිඳවැටීම සහ ගෝලීය බලය වෙනස් වීමේ ක්‍රියාවලියක් බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර පෙන්වා දෙයි.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..

ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් අද දින අභියාචනාධිකරණයේ දී කරුණු තහවුරු කිරීමට නියමිතය.

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.