News Category
From Date
To Date
Maximum Number of Result

රජය සහ මැ.කො. ගැන විමතිය පළ කරමින් ‘මව්බිම’ දුරකතන සංවාද එලියට දමයි...

Apr 17, 2025 at 10:49 PM
|

මවුබිම පුවත්පතිනි…

මැතිවරණ නීති උල්ලංඝණයක් කිරීමක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමුකළ බවට කොමිසමේ මූලාශ්‍රයක් සහතික කර එය අද (අප්‍රේල් 17) ප්‍රධාන පුවත හැටියට වාර්තා කිරීමෙන් පසු එහි සභාපතිවරයා විසින් ම එම තොරතුර ප්‍රතික්ෂේප කරනු ලැබීම ගැන ‘මව්බිම’ සිය බලවත් විමතිය පළ කර සිටියි.

‘නොදිනන සභාවලට ප්‍රතිපාදන නොදෙන බවට ජනපති කළ ප්‍රකාශය ගැන පැමිණිලි – මැතිවරණ නීති කඩන කතා එපා : මැ.කො ජනපතිට ලියයි’ යන සිරස්තලය යටතේ පළ කළ පුවත මැතිවරණ කොමිසමේ මූලාශ්‍ර මගින් ලබා ගත් පුවතක් වන අතර මෙසේ කොමිසම පැය විසි හතරක් ඇතුළත ස්ථාවර දෙකක් ගැනීම ගැන ‘මව්බිම’ සිය අප්‍රසාදය පළ කරමින් අද දිනයේ ම මැතිවරණ කොමිසමට හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපි යොමු කළේ ය.

මැතිවරණ කොමිසම මෙසේ ස්ථාවර දෙකක් පෙන්වමින් සිටින්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුත්තල හා තිස්සමහාරාම මැතිවරණ රැස්වීම්වලදී කළ ප්‍රකාශ මගින් පළාත් පාලන ආයතන මැතිවරණ ආඥා පනතේ අයුතු බලපෑම් හා අල්ලස යන වැරැදි සිදුකර ඇති බවට සී.එම්.ඊ.වී සංවිධානය මීට සති දෙකකට පෙර කළ පැමිණිල්ලක් සම්බන්ධයෙනි.

ජාතික ජන බලවේගයේ නොවන කණ්ඩායමක් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළහොත් ඒවාට මුදල් වෙන්කිරීම කළ නොහැකි බවත් මුදල් වෙන්කළත් එය සැලකිල්ලෙන් කිරීමට සිදුවන බවත් වශයෙන් මැතිවරණ වේදිකාවලදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශවලට එරෙහිව මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කළේ පසුගිය 2 වන දා ය.

‘2025 පළාත් පාලන ආයතන මැතිවරණ ව්‍යාපාරය අතරතුර විධායක ජනාධිපතිතුමා විසින් මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීම පිළිබඳ පැමිණිල්ල’ මැයෙන් වූ එම පැමිණිල්ලේ අදාළ ප්‍රකාශ දෙක ම පළාත් පාලන ආයතන මැතිවරණ ආඥා පනතේ 82 (ඇ) හා 82 (ඈ) (අයුතු බලපෑම් හා අල්ලස) යන වගන්ති බරපතළව හා පැහැදිලි ලෙස උල්ලංඝණය කිරීමක් බව සිය විශ්ලේෂණාත්මක මතය යැයි එම සංවිධානය දක්වා තිබිණි.

රටේ විධායක ජනාධිපතිවරයාට තිස්සමහාරාම හා බුත්තල ප්‍රාදේශීය සභාවට තම පක්ෂයේ නියෝජිතයින් තෝරා පත් කර නොගතහොත් ප්‍රදේශයේ මූල්‍ය අවශ්‍යතා ඉටු කිරීමට ප්‍රමාද වන බවට හෝ මෙම අවශ්‍යතා ඉටු කිරීමට ප්‍රමාද විය හැකි බවට ඡන්දදායකයින්ට කිසිසේත් තර්ජනය කළ නොහැකි යැයි සී.එම්.ඊ.වී ආයතනය තම පැමිණිල්ලේ දක්වා ඇත.

එසේ ම සිය නියෝජිතයාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ජන බලවේගයෙන් පැමිණෙන යෝජනා පිළිගෙන ප්‍රශ්න කිරීමකින් තොරව අරමුදල් සපයනු ලබන බවටත් වූ ප්‍රකාශය සමග සැසඳූ විට පැහැදිලි ලෙසම ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තර්ජනයක් සහ පොරොන්දුවක් යන දෙක ම ඒකාබද්ධ කරන්නක් යැයි ද සී.එම්.ඊ.වී ආයතනය පවසයි.

වඩා ගැටලුසහගත කරුණ වන්නේ ජනාධිපතිවරයා රට පුරා පණිවිඩයක් යවමින් මෙම කරුණු යළි යළිත් ප්‍රකාශ කරමින් සිටීම යැයි පවසන එම සංවිධානය පක්ෂ දේශපාලනය ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන වත්මන් ජනාධිපතිවරයා විසින්ම මෙවැනි ප්‍රකාශ කිරීම නිසා ජාතික ජනබලවේගයට ඡන්දය දීමට අකැමැති ඡන්දදායකයන්ට තර්ජනයක් හා අල්ලසක් ලෙසින් එය විශ්වාසදායක වනු ඇතැයි ද අවධාරණය කරයි.

ජනාධිපතිවරයාගේ මෙම මැදිහත්වීම සම බිමක ක්‍රීඩා කිරීමේ මැතිවරණ මූලධර්මයට හානි කර නිදහසේ සහ ස්වාධීනව ඡන්දය ප්‍රකාශ කිරීමේ පුරවැසි අයිතියට තර්ජනය කරමින් අවසාන මැතිවරණ ප්‍රතිඵලයට බලපෑ හැකි යැයි ද එම පැමිණිල්ලේ වැඩිදුරටත් දක්වා තිබිණි.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගත් පියවර ගැන පසුගිය 10 වන දා එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගෙන් ‘මව්බිම’ විමසූ අතර ඒ ගැන සිය පැමිණිලි අංශයෙන් විමසන්නැයි ඔහු පැවසීය.

ඉන්පසුව මේ සම්බන්ධයෙන් පෙරේදා(අප්‍රේල් 16) කළ විමසීමේදී එම අංශයේ නිලධාරියෙකු පැවසුවේ, ජනාධිපතිවරයාට එවැනි ප්‍රකාශ නොකරන ලෙසට ජනාධිපති ලේකම්වරයා ආමන්ත්‍රණය කරමින් ලිපියක් යොමුකළ බව ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වගන්තියෙන් සිවිල් හා අපරාධ නඩු පැවරීමේදී ජනාධිපතිවරයාට හිමි වන මුක්තිය නිසා මෙවැනි සිදුවීම්වලදී ජනාධිපති ලේකම්වරයා ආමන්ත්‍රණය කරමින් ලිපි යොමුකිරීමේ පිළිවෙත ගැන එම නිලධාරියා එහිදී සවිස්තර පැහැදිලි කිරීමක් කළේ ය.

එම නිලධාරියා සිදුකළ දීර්ඝ පැහැදිලි කිරීමේදී මෙසේ ද සඳහන් විය.

“පැමිණිලි ආපු නිසා ඒවා කෝට් කරලා ජනාධිපතිතුමා දැනුවත් කරන්න කියලා අපි ජනාධිපති ලේකම්ට ලියලා තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වගන්තිය තියෙනවානේ එයාට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න බැහැනේ. එනිසා තමයි අපි ජනාධිපති ලේකම්ට ලිව්වේ මේ විදිහට කරන්න දෙන්න එපා කියලා.”

එම නිලධාරියාගේ පැහැදිලි කිරීම අනුව ‘මැතිවරණ නීති කඩන කතා එපා: මැකො ජනපතිට ලියයි’ යන හිසින් ප්‍රධාන සිරස්තලය ලෙසින් ‘මව්බිම’ අද එම පුවත වාර්තා කළේ ඒ අනුවය.

කෙසේ වෙතත්, පුවත්පත මුද්‍රණය වී පළවීමෙන් පසු මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා ‘මව්බිම’ට දුරකතන ඇමතුමක් ගෙන මෙම පුවත සදොස් බව ත් එවැනි ලිපියකට තමා අස්සන් නොකළ බව ත් පැවසීය.

ජනාධිපති ලේකම්වරයා අමතා යැවූ බව කියන ලිපියක් ගැන ‘මව්බිම’ට පෙර දිනයේ ප්‍රකාශයක් කළේ ද මැතිවරණ කොමිසමේ නීති අංශයේ නිලධාරියෙකු වන පසුබිමක හා එම අංශයෙන් අදාළ තොරතුරු ලබාගන්නැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ම මාර්ගෝපදේශ සැපයූ පසුබිමක පුවත පළකිරීමෙන් පසු මෙවැනි ප්‍රතිචාරයක් දැක්වීම ගැන පුවත්පතක් හැටියට විමතිය පළ කරමු.

එසේ ම, ස්වාධීන කොමිසමක් හැටියට මෙහි ගැටලුවක් වේ නම් මැතිවරණ කොමිසමේ ලිපි ශීර්ෂ යටතේ ප්‍රතිචාර නොදක්වා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලවා පය බුරුලෙන් තබන නිවේදනයක් නිකුත් කිරීම වඩා ප්‍රශ්නකාරී බව ද අවධාරණය කරමු.

මේ අතර, 2025 CMEV/SLG2025/Complaint/01 අංකය දරන පැමිණිල්ල ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමට 2025 අප්‍රේල් මස 2 දින යොමුකර දින 15ක් ගතවී ඇති නමුත් මැතිවරණ කොමිසමෙන් කිසිදු ප්‍රතිචාරයක් තමන්ට නොලැබීම අවදානයට ලක් විය යුතු කරුණක් බව කියමින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය අද නිවේදනයක් නිකුත් කර ඇත.

සිය පැමිණිල්ලේ අන්තර්ගතය ඡන්දයට තීරණාත්මක බලපෑමක් ඇතිකරන නිසා එයට ඉක්මන් හා ප්‍රමාණවත් පිළිතුරක් මැතිවරණ කොමිසමෙන් ජනතාව වෙනුවෙන් තම සංවිධානය බලාපොරොත්තු වෙන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.



සම්බන්ධිත පුවත් | Related News

විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ගුරුවරයකුගේ ලංගික අතවරයට ලක්ව සියදිවි නසාගත් කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් දැරියගේ හඩට ඇය දිවිනසා ගන්නට පෙර කිසිවෙකු ඇහුන්කන් දීමට උත්සාහ කර නැති බවත්, ගුරුවරියක් ලෙස තමන් මෙම දැරියට සිදුවූ අපරාධය පිළිබඳව ලැජ්ජාවට පත්වන බවත් රූපවාහිනී සාකච්ඡාවක දී එක්තරා ගුරුවරියක් විසින් පවසයි.
රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාව සමඟ විස්තීර්ණ ණය වැඩසටහනක නියුතුව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ණය සැපයීමට තවත් කොන්දේසියක් ඉදිරිපත් කර ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිත භූමිය අනවසරයෙන් වගා කිරීමට පිරිසක් පියවර ගෙන ඇති අතර ට්‍රැක්ටර ​භාවිතයෙන් ඉඩම් සකස් කර ඇති බවත් පැවසෙයි.
පසුගිය මැයි 06 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කුඩය ලකුණින් තරග කළ ජන අරගල සන්ධානය ආසන 16ක් දිනාගැනීමට සමත් වී තිබේ.
සියදිවි නසාගත් 16 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයෙකුගෙන් ලිංගික අතරවරයකට ලක්ව ඇතැයි අනාවරණ වි ඇති බව පොලීසිය පවසනවා.
සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටී ඇති බව පාකිස්තානය ප්‍රකාශ කරන බව ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.