ශ්‍රී ලංකාවේ ශ්‍රම බළකාය ශීඝ්‍රයෙන් පහළට...ආර්ථිකයටත් දැඩි බලපෑම් - මහාචාර්ය වසන්ත අතුකෝරල
මෙරට ශ්‍රමබළකාය ශීඝ්‍රයෙන් පහළ යෑමේ අවදානමක් මතුව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාත අධ්‍යයන අංශයේ මහාචාර්ය, වසන්ත අතුකෝරල මහතා සඳහන් කරයි.
මෙම තත්ත්වය මෙරට ආර්ථිකයට ද විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි ද සඳහන් කරන මහාචාර්යවරයා, මීට අමතරව මෙරට ජනගහන වර්ධන වේගය ද තරමක අඩුවක් පෙන්නුම් කර ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ සංගණනයේදී හෙළිව ඇතැයි ද පවසයි.
2024 වසරේදී සිදු කළ ජන හා නිවාස සංගණනයට අනුව මෙරට ජනගනය දෙකෝටි දාහත් ලක්ෂ හැට තුන්දාස් එකසිය හැත්තෑවක් වුවත් පළාත් වශයෙන් සැලකීමේදී ජන ඝනත්වයේ ද විෂමතාවන් දැකගත හැකිව ඇතැයි මහාචාර්යවරයා පෙන්වා දෙයි.
ශ්‍රම බළකාය අඩුවීම, ජනගහන වර්ධන වේගය අඩුවීම හේතුවෙන් ආර්ථිකමය බර වැඩිවිය හැකි බවත් වැඩිහිටි ජනගහනය වැඩිවීම හේතුවෙන් සෞඛ්‍ය වියදම් ඉහළ යෑමත්, නාගරික තදබදය වැඩිවීම, සාමාජීය ප්‍රශ්න ඉහළ යෑමට බලපෑ හැකි බවද මහාචාර්යවරයා පවසයි.
ජන සංගණනයක් වසර දහයකට වරක් සිදු කළත්, මෙවර එය යම් ආකාරයක ප්‍රමාදයක් පෙන්නුම් කළ බවත්, සඳහන් කළ මහාචාර්යවරයා 2012 කළ සංගණනයට සාපේක්ෂව සලකා බැලීමේදී ලක්ෂ 14ක පමණ ජනගහනය වැඩිවීමක් පෙන්නුම් කළත් ජනගහන වර්ධනය පිළිබඳව සලකා බැලීමේදී එහි පහළ යෑමක් පෙන්නුම් කර ඇති බවත් එය සීයට දශම 05ක පමණ වර්ධනයක් මේ වන විට පෙන්වා දී ඇතැයි ද මහාචාර්යවරයා පවසයි.
එය 2012 දී සියයට දශම 07ක ප්‍රමාණයක පැවැති බවද පවසන මහාචාර්යවරයා මෙම සංගණනය තුළදී මෙරට ජනගහනය ක්‍රම ක්‍රමයෙන් පහත අගයක් ගන්නා බව පෙන්වා ඇතැයි ද කියා සිටී.
ඇතැම් ප්‍රදේශවල ජනගහනය සංකේන්ද්‍රනය වීමේ ස්වරූපයක් පෙන්නුම් කරන බවත් විශේෂයෙන් බස්නාහිර පළාතේ බිලියන 6 කට ආසන්න ජනගහනයක් පෙන්නුම් කරන බවත් මධ්‍යම පළාතේ මිලියන 2.7ක්, දකුණු පළාතේ මිලියන 2.6ක් වශයෙන් විවිධ පළාත්වල ජන ගණත්වයේ විශාල විෂමතාවක් පෙන්නුම් කරනු ලබන බව ද සංගණනය මගින් පෙන්වා දී ඇති බව සඳහන් කරන මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා, තමන්ට ජීවත් වීමට හිසට වහලක් නොමැති පුද්ගලයන් දෙදහස් දෙසිය අසූඑකක් සිටින බවද වැඩිදුරටත් සඳහන් කර සිටී.
- දිවයින-
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි