News Category
From Date
To Date
Maximum Number of Result

රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල

Apr 16, 2025 at 02:43 PM
|

කොටින්ගෙන් වෙන් වෙලා ඇවිත් කොටි පරදන්න ජීවිතය පරදුවට තියලා සටන් කළ තමන්ට සළකන්නේ මෙහෙමදැයි පිල්ලෙයාන් හඬා වැටෙමින් කඳුළු සළමින් පැවසූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (16) පැවසීය.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු සහ නැගෙනහිර පළාත් හිටපු මහ ඇමතිවරයකු වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී හමුවීම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය මාධ්‍ය හමුවක් පවත්වමින් අද (16) මෙසේ පැවසීය.

එහිදී නීතිඥ උදය ගම්මන්පිල මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.


තමන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී හමුවීම සම්බන්දයෙන් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද දින (2025.04.16) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය වෙත මෙසේ අදහස්  දැකවීය.


මම අද මේ පවත්වන මාධ්‍ය හමුව ජීවිතයේ කිසිම දිනක පැවැත්වීමට බලාපොරොත්තු නොවූ මාධ්‍ය හමුවක්.  මම පිල්ලෙයාන් හමු වුණේ දේශපාලකයෙකු ලෙස නොවේ.  නීතිඥයෙකු ලෙස.  මම මගේ දේශපාලන ජීවිතයත් වෘත්තීය ජීවිතයත් ඉරක් ගහලා වෙන් කරගෙන කරන්නේ.  ඒ නිසා මම සීඅයිඩියට යෑමට පෙරවත් යෑමෙන් පසුවත් මාධ්‍යයන්ට ඒ ගැන කිව්වේ නෑ.  මම පිල්ලෙයාන් හමු වුණු බව මාධ්‍ය වලට කියන්න එපා කියලා සීඅයිඩී පරිපාලන ස්ථානාධිපති මගෙන් ඉල්ලීමක් කළා.  එතකොටත් මම “බය වෙන්න එපා. මම නීතිඥ ආචාර ධර්ම දන්නවා” කියලා එතුමාට කිව්වා.  නමුත් ඊ ළඟට සිදු වුණු දේ තමයි පොලිසිය ඉතිහාසයේ කවදාවත් නොවුණු අයුරින් දේශපාලනිකරණය වෙලා කියන එකට හොඳම නිදසුන.


මම සීඅයිඩිය ඇතුලේ ඉන්න අතරේ සමාජ මාධ්‍යවේදින් මගේ පැමිණීම ගැන වාර්තා කරලා ඉවරයි.  ඔය අතරේ සිඅයිඩියේ සිටින උප පොලිස් පරික්ෂකවරයෙකු වන ඒ එල් එම් ෆාහිම් මාගේ පැමිණීම ගැන ඔහුගේ මතය සමාජ මාධ්‍ය වලත් දානවා.  මීට කලින් පොලිස් නිලධාරින් මෙහෙම හැසිරිලා තිබෙනවාද? යම් රැඳවියෙකුගේ නීතිඥයා කවුද බලන්න ආපු අය කවුද වැනි කරුණු මීට කලින් මෙහෙම වාර්තා වෙලා නෑ.  පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සමාජ මාධ්‍ය වලට තොරතුරු මුදලට විකුණන බවටයි අපට තොරතුරු තිබෙන්නේ.  ඒ නිසා තෝරා ගත් සමාජ මාධ්‍ය වලට පමණක් සීඅයිඩියේ තොරතුරු ලැබෙන්නේ කෙසේද කියා වහාම විමර්ශනයක් ඇරඹිය යුතුයි.  එතකොට මේ ජාවාරම හෙලි කර ගන්න පුළුවන්.


ඒ විතරක් නොවේ.  පිල්ලෙයාන්ගේ ප්‍රකාශයේ තිබුණාය කියලා විවිධ කරුණු සමාජ මාධ්‍ය වල වාර්තා වෙනවා.  මීට කලින් සිදුවෙලා තිබෙන්නේ යමක් රටට ප්‍රකාශ කළ යුතු නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සියළුම මාධ්‍ය වලට එක පාර කියනවා මිස තමන් තෝරා ගත් මාධ්‍ය වලට විතරක් කියන්නේ නෑ. නමුත් පොලිසිය සහ ආණ්ඩුව විසින් මා පිල්ලෙයාන් හමු වීමට දැවැන්ත ප්‍රසිද්ධියක් ලබා දීම නිසා මාධ්‍ය නිරන්තරයෙන් මගෙන් තොරතුරු විමසන නිසා මට අද මේ මාධ්‍ය හමුව පවත්වන්න සිදු වුණා.


මේ ආණ්ඩුවේ නායකයින් රටේ නීතිය අමු අමුවේ උල්ලංඝණය කරමින් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන ඉන්නවා.  ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ යමෙක් අත්අඩංගුවට ගත්තාම අත්අඩංගුවට ගැනීමට හේතුව දක්වලා ලේඛණයක් ඥාතින්ට භාර දෙන්න ඕනි.  ඒක කලේ නෑ.  ඒ වගේම නීතිඥවරයෙකුට ඔහු සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ඉල්ලුවොත් ඒක ලබා දෙන්න ඕනි.  ඒකත් ප්‍රතික්ෂේප කළා.  ඒ වගේම පවුලේ ඥාතින් සමග කතා කිරීමට අවස්ථාව ලබා දිය යුතු වුවත් ඒක කලෙත් නෑ.


පිල්ලෙයාන්ගේ නීතිඥයා මගේ මිත්‍රයෙක්.  ඔහුගේ කණිෂ්ඨ නීතිඥයෙකු පිල්ලෙයාන් බැලීමට අප්‍රේල් 9දා අවස්ථාව ඉල්ලුවත් ඒක සීඅයිඩිය ප්‍රතික්ෂේප කරලා තිබෙනවා.  ඒ බව මට කිව්වාම මම පිල්ලෙයාන්ගේ ඥාතින් පසුගිය 12 දා මගේ කාර්යාලයට ගෙන්වා ගෙන කතා කරලා තොරතුරු ලබා ගත්තා.  ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාවට මම දුරකතනයෙන් කතා කරලා පිල්ලෙයාන්ගේ නීතිඥයාටවත් ඥාතින්ටවත් පිල්ලෙයාන් සමග කතා කරන්න දීලා නෑ.  නමුත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 10අ(1) වගන්තියෙන් නීතිඥවරයෙකුට රැඳවියා හමුවන්නත් 10අ(2) වගන්තියෙන් ඥාතින් සමග කතා කිරීමටත් නීතියෙන්ම අයිතිය දීලා තිබෙන බව පෙන්වා දුන්නා.  ඒ බව පවසලා පිල්ලෙයාන්ගේ දැන් නීතිඥයා මමයි මට ඔහු සමග කතා කරන්න අවස්ථාව ඕනෑ කියලා කිව්වා.  එතකොට ලිඛිතව ඉල්ලීමක් කලොත් ඉහළ නිලධාරින්ට දැනුම් දීලා තීරණයක් ලබා දෙන්නම් කියලා අධ්‍යක්ෂතුමිය කිව්වා.  මම අදාළ නීතිමය විධිවිධාන සඳහන් කරමින් ලිඛිතව ඉල්ලීමක් කළා.  ඉල්ලීම කරලා පැය තුනක් ඇතුලත අධ්‍යක්ෂතුමිය මට අප්‍රේල් 13 දා උදෑසන 10ට සීඅයිඩියට එන්න කියලා දැනුම් දුන්නා.  දුරකතනයෙන් කතා කළ වහාම කතා කිරීම ගැනත් මගේ ලිඛිත ඉල්ලීමට ඉක්මන් ප්‍රතිචාර දැක්වීම ගැනත් සීඅයිඩී අධ්‍යක්ෂතුමිය මගේ ප්‍රණාමය පුද කරනවා.



මම පිල්ලෙයාන් සමග විනාඩි 30ක් පමණ කතා කළා.  මා කතා කරන අවස්ථාවේ එතැන පොලිස් නිලධාරින් හතරදෙනෙකු සියල්ල අසාගෙන හිටියා.  එක්කෙනෙක් කියන ඒවා ලියා ගත්තා.  සාමාන්‍යයෙන් සැකකරුවෙකු තමන්ගේ නීතිඥයා සමග කරන සාකච්ඡා රහසිගත විය යුතුයි.  ඒ බව මම පෙන්වා දුන්නත් පොලිස් නිලධාරින් එතැන රැඳිලා හිටියා.  නමුත් එතැන හිටිය එකෙන් මා කියන දෙයට දැන් සාක්ෂිකරුවන් හතර දෙනෙක්ම ඉන්නවා.


පිල්ලෙයාන් හඬා වැටෙමින් ඇස් වලින් කඳුළු කඩා වැටෙද්දී මට කිව්වා “කොටින්ගෙන් වෙන් වෙලා ඇවිත් කොටි පරදන්න මම ජීවිතය පරදුවට තියලා සටන් කළා.  එදා කොටියාගේ පැත්ත අරන් සටන් කරපු සමහරු අද පාර්ලිමේන්තු මන්ත්‍රිවරු.  තව සමහරු සරු ව්‍යාපාරිකයෝ.  තවත් සමහරු එන්ජීඕ ප්‍රධානින්.  ඒ අය කිසිම ප්‍රශ්නයක් නැතිව සමාජයේ ජීවත් වෙනවා.  මම බොරු නඩුවකට රැඳවුම් නියෝග යටතේ අවුරුදු පහක් ඇතුලේ හිටියා.  අන්තිමට සාක්ෂි නැතිව නඩුව හකුලා ගත්තා.  දැන් ආයෙත් ඇතුලට දැම්මා.  රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ කියලා.


සමාජ මාධ්‍ය වල ලියන පුංචි දුවලා පුතාලා පිල්ලෙයාන් කියන්නේ කවුද කියලා දන්නේ නෑ.  හරි නම් මේ රට කොටි ත්‍රස්තවාදය අවසන් කරන්න ඔහු කළ තීරණාත්මක කාර්යභාරයට ඔහුව ජාතික වීරයෙකු ලෙස සලකන්න ඕනි.  කරුණා සහ පිල්ලෙයාන් කොටි සංවිධානයෙන් ඉවත් වෙලා හමුදාව සමග එකතු වුණාට පස්සේ තමයි කොටි සංවිධානයේ අවසානය ආරම්භ වුණේ.  කවුද මේ පිල්ලෙයාන්?


අවුරුදු 14 දී කොටි සංවිධානයෙන් බලහත්කාරයෙන් කොටි සංවිධානයට බඳවා ගත් ළමා සොල්දාදුවෙක් තමයි පිල්ලෙයාන් කියන්නේ.  කොටි සංවිධානය ළමා සොල්දාදුවන් බඳවා ගත්තා කියන එකට තිබෙන ජීවමාන සාක්ෂියක් තමයි පිල්ලෙයාන්.  පිල්ලෙයාන් වගේම නැගෙනහිර කොටි නායක කරුණා අම්මාන් අපේ හමුදාවට හිසරදයක් වුණු දක්ෂ සටන්කරුවන්.  කොටි සංවිධානය රණවිරුවන් සමග උතුරේ යුද වැදිලා පරාජය පෙනුනු සෑම අවස්ථාවකම නැගෙනහිර කොටි උතුරට ඇවිල්ලා තමයි කොටි සංවිධානය බේරා ගත්තේ.  ඒ නැගෙනහිර කොටි නායකයින් වුණු කරුණා සහ පිල්ලෙයාන් 2003 දී කොටි සංවිධානයෙන් ඉවත් වුණේ හය දහසක ත්‍රස්තවාදින් එක්ක.  පිල්ලෙයාන් කියන්නේ අන්තිම මොහොත වෙන තුරුම හමුදාවේ ලේ ඉල්ලලා, සටන පැරදුනාම යටත් වුණු කොටියෙකු නොවේ.  කොටි සංවිධානය අත් හැරලා අපේ හමුදාව එක්ක බෙදුම්වාදයට ත්‍රස්තවාදයට එරෙහිව තමන්ගේ ජීවිතය පරදුවට තියලා රට වෙනුවෙන් සටන් කරපු සැබෑ දේශප්‍රේමියෙක්.


2006 දී පිල්ලෙයාන්ලා හමුදාවත් එක්ක එකතු වෙලා කොටින්ට විරුද්ධව සටන් කරන කොට කොටින් වෙනුවෙන් සටන් කරන්න හිටියේ භූමිය නොදන්න උතුරෙන් පැමිණි ත්‍රස්තවාදින්.  ඒ නිසා කොටි ත්‍රස්තවාදය ඉතා පහසුවෙන් නැගෙනහිරින් පරාජය කරන්න අපට පුළුවන් වුණා.  උතුරේ සටන් වල දී වෙන දා කොටින්ට නැගෙනහිරින් ලැබෙන තීරණාත්මක සහයෝගය ලැබුණේ නෑ.  එහෙම නම් අද අපි සාමකාමි රටක ජීවත් වෙන්නේ පිල්ලෙයාන් වැනි අය ජීවිත පරදුවට තබා කළ සටන් නිසා.


කොටි ත්‍රස්තවාදය අවසන් කරන්න පිල්ලෙයාන් කළ කාර්යභාරය ගැන දෙමළ බෙදුම්වාදින් පිල්ලෙයාන් එක්ක ඉන්නේ වෛරයෙන්.  ඔහුව විනාශ කිරීම බෙදුම්වාදින්ගේ ලොකුම ඉලක්කයක්.  ඒ නිසා ජාතික ජන බලවේගය හරහා බෙදුම්වාදින් පිල්ලෙයාන්ට දඬුවම් කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කරලා තිබෙනවා. 2015 දීත් ජාතික ජන බලවේගයේ සහයෙන් බලයට පත් වුණු ආණ්ඩුව පිල්ලෙයාන් වසර පහක් රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන හිටියා.  ඔහුට විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි නෑ කියලා අධිකරණය විසින් තීරණය කලා.  දැන් නැවත වතාවක් පිල්ලෙයාන්ව අත්අඩංගුවට අරගෙන තිබෙනවා.  ඔහුට විරුද්ධව තිබෙන චෝදනාව තමයි 2006 දෙසැම්බර් මාසයේ දී එවකට නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත්ව අතුරුදහන් කිරීම.  2025 ජනවාරි වන තුරු ඒ කියන්නේ වසර 18ක් යන තුරුම මේ පිළිබඳ පිල්ලෙයාන්ට එරෙහිව කිසිම චෝදනාවක් නෑ.  2025 ජනවාරි මාසයේ දී අරුන් හේමචන්ද්‍රන් නියෝජ්‍ය ඇමතිවරයාගේ ඥාතියෙකු හදිසියේ සීඅයිඩියට ලබා දෙන සාක්ෂියක් මත තමයි මේ අත්අඩංගුවට ගන්නේ.  පසුගිය 8දා අත්අඩංගුවට ගන්නා තුරු තමන්ට උපකුලපතිවරයෙකු අතුරුදහන් කළා කියලා චෝදනාවක් තිබෙන බව පිල්ලෙයාන්වත් දන්නේ නෑ.


මේ උපකුලපතිවරයා අතුරුදහන් වෙන්නේ 2006 දෙසැම්බර් මාසයේ 16දා කොළඹ දී.  මේ දවසේ පිල්ලෙයාන් කොහේද සිටියේ කියලා මම ඔහුගෙන් ප්‍රශ්න කලා.  එතකොට ඔහු කිව්වේ ඒ දවස ගැන මට නිශ්චිත මතකයක් නැතත් ඔය කාලයේ තමයි කොටි සමග නැගෙනහිර යුද්ධය දරුණුවටම තිබ්බේ.  ඒ යුද කාලය පුරාම කරුණා කණ්ඩායම කොටින්ට එරෙහිව මෙහෙයෙව්වේ මම.  ඒ නිසා මාදුරුඔය තිබුණු අපේ කඳවුරෙන් පිටතට යන්න මට වෙලාවක් තිබුණේ නෑ.  මාවිල්ආරු වලින් නැගෙනහිර මෙහෙයුම් පටන් ගන්නේ 2006 ජූලි 26 දා.  තොප්පිගල අත්පත් කරගෙන නැගෙනහිර මෙහෙයුම් අවසන් වෙන්නේ 2007 ජූලි 11.  ඒ අනුව ඔය සිදුවීම වෙන්නේ නැගෙනහිර සටන්වල උච්චතම අවස්ථාවේ කියන කතාව ඇත්ත.


මේ අතුරුදහන්වීමට පිල්ලෙයාන් සම්බන්ධද නැද්ද කියන කතාව පැත්තකින් තියමු.  කොටි නායකයින් අද මන්ත්‍රිවරු වෙලා පාර්ලිමේන්තුවේ ඉන්නවා.  මගේ දෙවියා මගේ නායකයා ප්‍රභාකරන් කියලා අර්චුනාට යහතින් ඉන්න පුළුවන්.  දකුණේ භීෂණය වැපුරූ තවත් ත්‍රස්තවාදියෙක් රටේ ජනාධිපති වෙලා ඉන්නවා.  ත්‍රස්තවාදින් වගේම ගෝනි බිල්ලන් ඇමතිවරු වෙලා ඉන්නවා.  මේ කාටවත් ත්‍රස්තවාදි සමයේ කරපු දේවල් වලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.  මුළු රටම උතුරේ සහ දකුණේ ත්‍රස්තවාදින්ට සමාව දීලා ඒ යුගය අමතක කරලා ඉන්නේ.  එහෙම නම් පිල්ලෙයාන් පස්සෙන් විතරක් පොලිසිය පන්නන්නේ ඇයි?


මේක ත්‍රස්තවාදින්ගේ ආණ්ඩුවක්.  උතුරේ සහ දකුණේ ත්‍රස්තවාදින් එකතු වෙලා පිහිටුවපු ආණ්ඩුවක්. එ් නිසා ත්‍රස්තවාදින්ට සලකනවා.  ත්‍රස්තවාදය විනාශ කරන්න දායක වුණු අයට වෛර කරනවා.  මෙහෙම දඬුවම් විඳින්න පිල්ලෙයාන් කරපු වරද තමයි කොටි සංවිධානයෙන් වෙන් වෙලා ඇවිත් කොටි ත්‍රස්තවාදය අවසන් කරන්න දායක වීම.  දකුණේ ත්‍රස්තවාදින් විසින් උතුරේ ත්‍රස්තවාදින්ට ලබා දෙන තෑග්ග තමයි පිල්ලෙයාන්.


පිල්ලෙයාන් මාව පෞද්ගලිකව හමු වී ඇත්තේ දෙපාරක් පමණයි.  නමුත් ඔහු වෙනුවෙන් මම පෙනී සිටින්නේ ලාංකිකයින් ගුණමකු ජාතියක් නොවන බව සිංහලයින් ගුණමකු ජාතියක් නොවන බව පෙන්වන්නයි.  ත්‍රස්තවාදයට විරුද්ධ වීම නිසා කාට හරි දඬුවම් කරනවා නම් අපි ඒ අය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා.  එහෙම නොකලොත් අනාගතයේ දී ත්‍රස්තවාදය අත්හැර ත්‍රස්ත විරෝධින් සමග එකතු වෙලා ත්‍රස්තවාදය විනාශ කරන්න කිසිවෙකු ඉදිරිපත් වෙන්නේ නෑ.


පිල්ලෙයාන්ගෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු රාශියක් අනාවරණය වුණු බවට මහජන ආරක්ෂක අමාත්‍යතුමා අප්‍රේල් 10දා පාර්ලිමේන්තුවට කිව්වා.  ඒ වගේම පාස්කු ප්‍රහාරය විමර්ශන යටතේ මඩකලපුවේ කෙනෙකු අත්අඩංගුවට ගත්තා කළා අප්‍රේල් 12දා ජනාධිපතිතුමා මඩකලපුවේ දී කිව්වා.  පට්ටපල් බොරු.  ජනාධිපතිතුමා සහ ඇමතිවරු බොරු විදින මැෂින් බවට පත්වෙලා තිබෙන්නේ මේ රටේ ඉන්නේ බත් කන හරක් කියන අදහසින් වෙන්න ඕනි.


මේ තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් අත්සන් තබා නිකුත් කළ පිල්ලෙයාන් පිළිබඳ රැඳවුම් නියෝගය.  (රැඳවුම් නියෝගය කියවයි).  මේකේ පාස්කු ප්‍රහාරය ගැන වචනයක්වත් කියවෙනවා ද?  නෑ.  අධිකරණයට ඉදිරිපත් නොකර ජනාධිපතිගේ රැඳවුම් නියෝගයක් යටතේ තබා ගන්නේ අධිකරණයට ඉදිරිපත් කලා නම් අත්අඩංගුවට ගැනීමට බල පෑ හේතු සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න වෙන නිසා මේ බොරුව හෙලි වෙනවා.


මම අප්‍රේල් 13දා පරණ අවුරුදු දා පොලිස් නිලධාරින් හතරදෙනෙකු ඉදිරිපිට දී පිල්ලෙයාන්ට කතා කලේ.  ඒ කියන්නේ ජනාධිපති සහ පොලිස් ඇමති පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිල්ලෙයාන් සම්බන්ධ බවට ප්‍රකාශ කලාට පස්සේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ එක වචනයක් පිල්ලෙයාන් කතා කරලා නෑ.  එහෙම ප්‍රකාශයක් කරන්න පාස්කු ප්‍රහාරය ගැන මෙලෝ දෙයක් පිල්ලෙයාන් දන්නෙත් නෑ.  2015 සිට 2020 දක්වා අත්අඩංගුවේ සිටි කෙනෙකු 2019 දී පාස්කු ප්‍රහාරය කෙරෙව්වා කියලා කවුරු හරි චෝදනා කරනවා නම් ඒ අයගේ ඔළුව පරික්ෂා කරන්න ඕනි.  සහරාන් එක්ක ඡායාරූප ගත්ත දේශපාලකයින් ගණනාවක් ඉන්නවා.  එහෙම කෙනෙකු මහ මොලකරු කියලා අත්අඩංගුවට ගත්තා නම් පුංචි හරි පදනමක් තිබෙනවා.


අප්‍රේල් 21ට කලින් පාස්කු ප්‍රහාරයේ වගකිවයුතු කීපදෙනෙක් හෙලිදරව් කරනවා කියලා ජනාධිපතිතුමා කිව්වේ මාර්තු 30දා.  දැන් අප්‍රේල් 21ට තිබෙන්නේ දවස් 5යි.  පොලිසියේ ලණුවක් කාලා කරපු ප්‍රකාශය නිසා ජනාධිපතිතුමා ලොකු අමාරුවක වැටිලා ඉන්නේ.  ඒ නිසා පාස්කු ප්‍රහාරය කාලේ වසර පහක් හිරේ හිටිය පිල්ලෙයාන් අල්ලා ගෙන ඔහුට බලපෑම් කරලා පාපොච්චාරණයක් කරවා ගන්නයි හදන්නේ.  හාවා අල්ලා ගෙන තමන් නරියෙකු කියලා පිලිගන්නා තුරු පහර දෙන න්‍යාය හැමදාම හරි යන්නේ නෑ.  දැන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතා සීඅයිඩිය බාරව ඉන්න කාලයේ තමයි කොලපාට හෝස් බටයකින් රැයක් පුරා ගහලා සේයා දෙව්මිණි මැරුවේ තමන් කියලා පිලිගන්න කොණ්ඩයාව එකඟ කර ගත්තේ.  ඩීඑන්ඒ පරික්ෂණ නොතිබුණා නම් සීඅයිඩිය විසඳූ තවත් අබිරහසක් ලෙස මේ කතාව ඉතිහාසයට එකතු වෙන්න තිබුණා.  පිල්ලෙයාන්ටත් කොණ්ඩයාට වගේ බලපෑම් කරන්න තමයි නීතිඥයින්ට මුණ ගැහෙන්න දෙන්න ප්‍රතික්ෂේප කලේ.  ගෙදර අය සමග කතා කරන්න අවස්ථාව නොදුන්නේ.  ප්‍රභාකරන් එක්ක හැප්පිලා ජයග්‍රහණය කරපු පිල්ලෙයාන් එක්ක ඔය සෙල්ලම් බෑ කියලා අපි ආණ්ඩුවට කියනවා.

සම්බන්ධිත පුවත් | Related News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින රාජ්‍ය සංචාරය අරඹමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇතැයි වාර්තා වෙයි.
පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසයි.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් නීතිත්‍යානූකූල නොවන බව ජාතික සංවිධාන නියෝජිත වෛද්‍ය සකුන්තලා සෙනවිරත්න පවසයි.
කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් විසින් කොළඹ පිහිටි තම කාර්යාලය ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවයකට ප්‍රතිචාර දක්වමින් පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ ශ්‍රී ලංකාවේ මෙම විරෝධතා ඇති කළේ කවුරුන්ද යන්න රහසක් නොවන බවයි.
ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම්වල කිසිඳු වලංගුතාවක් නොමැති බවත්, ඒබව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට දැනුම්දුන් බවත් ජාතික සංවිධාන නියෝජනය කරමින් සිවිල් ක්‍රියාකාරික සංක චන්දිම මහතා පවසයි.
රහසිගත ලෙස රටේ ජනතාවගෙන් සඟවා ඇති ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සමග අත්සන් කෙරුණු ගිවිසුම් සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත්, මෙම ගිවිසුම් ශ්‍රී ලාංකික ජනතාව ප්‍රතික්ෂේප කළයුතු බවත් ජාතික සංවිධාන නියෝජනය කරමින් ජෙහාන් හමීඩ් මහත්මිය පවසයි.

ප්‍රධාන පුවත්

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.