News Category
From Date
To Date
Maximum Number of Result

රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල

Apr 16, 2025 at 02:43 PM
|

කොටින්ගෙන් වෙන් වෙලා ඇවිත් කොටි පරදන්න ජීවිතය පරදුවට තියලා සටන් කළ තමන්ට සළකන්නේ මෙහෙමදැයි පිල්ලෙයාන් හඬා වැටෙමින් කඳුළු සළමින් පැවසූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (16) පැවසීය.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු සහ නැගෙනහිර පළාත් හිටපු මහ ඇමතිවරයකු වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී හමුවීම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය මාධ්‍ය හමුවක් පවත්වමින් අද (16) මෙසේ පැවසීය.

එහිදී නීතිඥ උදය ගම්මන්පිල මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.


තමන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී හමුවීම සම්බන්දයෙන් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද දින (2025.04.16) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය වෙත මෙසේ අදහස්  දැකවීය.


මම අද මේ පවත්වන මාධ්‍ය හමුව ජීවිතයේ කිසිම දිනක පැවැත්වීමට බලාපොරොත්තු නොවූ මාධ්‍ය හමුවක්.  මම පිල්ලෙයාන් හමු වුණේ දේශපාලකයෙකු ලෙස නොවේ.  නීතිඥයෙකු ලෙස.  මම මගේ දේශපාලන ජීවිතයත් වෘත්තීය ජීවිතයත් ඉරක් ගහලා වෙන් කරගෙන කරන්නේ.  ඒ නිසා මම සීඅයිඩියට යෑමට පෙරවත් යෑමෙන් පසුවත් මාධ්‍යයන්ට ඒ ගැන කිව්වේ නෑ.  මම පිල්ලෙයාන් හමු වුණු බව මාධ්‍ය වලට කියන්න එපා කියලා සීඅයිඩී පරිපාලන ස්ථානාධිපති මගෙන් ඉල්ලීමක් කළා.  එතකොටත් මම “බය වෙන්න එපා. මම නීතිඥ ආචාර ධර්ම දන්නවා” කියලා එතුමාට කිව්වා.  නමුත් ඊ ළඟට සිදු වුණු දේ තමයි පොලිසිය ඉතිහාසයේ කවදාවත් නොවුණු අයුරින් දේශපාලනිකරණය වෙලා කියන එකට හොඳම නිදසුන.


මම සීඅයිඩිය ඇතුලේ ඉන්න අතරේ සමාජ මාධ්‍යවේදින් මගේ පැමිණීම ගැන වාර්තා කරලා ඉවරයි.  ඔය අතරේ සිඅයිඩියේ සිටින උප පොලිස් පරික්ෂකවරයෙකු වන ඒ එල් එම් ෆාහිම් මාගේ පැමිණීම ගැන ඔහුගේ මතය සමාජ මාධ්‍ය වලත් දානවා.  මීට කලින් පොලිස් නිලධාරින් මෙහෙම හැසිරිලා තිබෙනවාද? යම් රැඳවියෙකුගේ නීතිඥයා කවුද බලන්න ආපු අය කවුද වැනි කරුණු මීට කලින් මෙහෙම වාර්තා වෙලා නෑ.  පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සමාජ මාධ්‍ය වලට තොරතුරු මුදලට විකුණන බවටයි අපට තොරතුරු තිබෙන්නේ.  ඒ නිසා තෝරා ගත් සමාජ මාධ්‍ය වලට පමණක් සීඅයිඩියේ තොරතුරු ලැබෙන්නේ කෙසේද කියා වහාම විමර්ශනයක් ඇරඹිය යුතුයි.  එතකොට මේ ජාවාරම හෙලි කර ගන්න පුළුවන්.


ඒ විතරක් නොවේ.  පිල්ලෙයාන්ගේ ප්‍රකාශයේ තිබුණාය කියලා විවිධ කරුණු සමාජ මාධ්‍ය වල වාර්තා වෙනවා.  මීට කලින් සිදුවෙලා තිබෙන්නේ යමක් රටට ප්‍රකාශ කළ යුතු නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සියළුම මාධ්‍ය වලට එක පාර කියනවා මිස තමන් තෝරා ගත් මාධ්‍ය වලට විතරක් කියන්නේ නෑ. නමුත් පොලිසිය සහ ආණ්ඩුව විසින් මා පිල්ලෙයාන් හමු වීමට දැවැන්ත ප්‍රසිද්ධියක් ලබා දීම නිසා මාධ්‍ය නිරන්තරයෙන් මගෙන් තොරතුරු විමසන නිසා මට අද මේ මාධ්‍ය හමුව පවත්වන්න සිදු වුණා.


මේ ආණ්ඩුවේ නායකයින් රටේ නීතිය අමු අමුවේ උල්ලංඝණය කරමින් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන ඉන්නවා.  ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ යමෙක් අත්අඩංගුවට ගත්තාම අත්අඩංගුවට ගැනීමට හේතුව දක්වලා ලේඛණයක් ඥාතින්ට භාර දෙන්න ඕනි.  ඒක කලේ නෑ.  ඒ වගේම නීතිඥවරයෙකුට ඔහු සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ඉල්ලුවොත් ඒක ලබා දෙන්න ඕනි.  ඒකත් ප්‍රතික්ෂේප කළා.  ඒ වගේම පවුලේ ඥාතින් සමග කතා කිරීමට අවස්ථාව ලබා දිය යුතු වුවත් ඒක කලෙත් නෑ.


පිල්ලෙයාන්ගේ නීතිඥයා මගේ මිත්‍රයෙක්.  ඔහුගේ කණිෂ්ඨ නීතිඥයෙකු පිල්ලෙයාන් බැලීමට අප්‍රේල් 9දා අවස්ථාව ඉල්ලුවත් ඒක සීඅයිඩිය ප්‍රතික්ෂේප කරලා තිබෙනවා.  ඒ බව මට කිව්වාම මම පිල්ලෙයාන්ගේ ඥාතින් පසුගිය 12 දා මගේ කාර්යාලයට ගෙන්වා ගෙන කතා කරලා තොරතුරු ලබා ගත්තා.  ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාවට මම දුරකතනයෙන් කතා කරලා පිල්ලෙයාන්ගේ නීතිඥයාටවත් ඥාතින්ටවත් පිල්ලෙයාන් සමග කතා කරන්න දීලා නෑ.  නමුත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 10අ(1) වගන්තියෙන් නීතිඥවරයෙකුට රැඳවියා හමුවන්නත් 10අ(2) වගන්තියෙන් ඥාතින් සමග කතා කිරීමටත් නීතියෙන්ම අයිතිය දීලා තිබෙන බව පෙන්වා දුන්නා.  ඒ බව පවසලා පිල්ලෙයාන්ගේ දැන් නීතිඥයා මමයි මට ඔහු සමග කතා කරන්න අවස්ථාව ඕනෑ කියලා කිව්වා.  එතකොට ලිඛිතව ඉල්ලීමක් කලොත් ඉහළ නිලධාරින්ට දැනුම් දීලා තීරණයක් ලබා දෙන්නම් කියලා අධ්‍යක්ෂතුමිය කිව්වා.  මම අදාළ නීතිමය විධිවිධාන සඳහන් කරමින් ලිඛිතව ඉල්ලීමක් කළා.  ඉල්ලීම කරලා පැය තුනක් ඇතුලත අධ්‍යක්ෂතුමිය මට අප්‍රේල් 13 දා උදෑසන 10ට සීඅයිඩියට එන්න කියලා දැනුම් දුන්නා.  දුරකතනයෙන් කතා කළ වහාම කතා කිරීම ගැනත් මගේ ලිඛිත ඉල්ලීමට ඉක්මන් ප්‍රතිචාර දැක්වීම ගැනත් සීඅයිඩී අධ්‍යක්ෂතුමිය මගේ ප්‍රණාමය පුද කරනවා.



මම පිල්ලෙයාන් සමග විනාඩි 30ක් පමණ කතා කළා.  මා කතා කරන අවස්ථාවේ එතැන පොලිස් නිලධාරින් හතරදෙනෙකු සියල්ල අසාගෙන හිටියා.  එක්කෙනෙක් කියන ඒවා ලියා ගත්තා.  සාමාන්‍යයෙන් සැකකරුවෙකු තමන්ගේ නීතිඥයා සමග කරන සාකච්ඡා රහසිගත විය යුතුයි.  ඒ බව මම පෙන්වා දුන්නත් පොලිස් නිලධාරින් එතැන රැඳිලා හිටියා.  නමුත් එතැන හිටිය එකෙන් මා කියන දෙයට දැන් සාක්ෂිකරුවන් හතර දෙනෙක්ම ඉන්නවා.


පිල්ලෙයාන් හඬා වැටෙමින් ඇස් වලින් කඳුළු කඩා වැටෙද්දී මට කිව්වා “කොටින්ගෙන් වෙන් වෙලා ඇවිත් කොටි පරදන්න මම ජීවිතය පරදුවට තියලා සටන් කළා.  එදා කොටියාගේ පැත්ත අරන් සටන් කරපු සමහරු අද පාර්ලිමේන්තු මන්ත්‍රිවරු.  තව සමහරු සරු ව්‍යාපාරිකයෝ.  තවත් සමහරු එන්ජීඕ ප්‍රධානින්.  ඒ අය කිසිම ප්‍රශ්නයක් නැතිව සමාජයේ ජීවත් වෙනවා.  මම බොරු නඩුවකට රැඳවුම් නියෝග යටතේ අවුරුදු පහක් ඇතුලේ හිටියා.  අන්තිමට සාක්ෂි නැතිව නඩුව හකුලා ගත්තා.  දැන් ආයෙත් ඇතුලට දැම්මා.  රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ කියලා.


සමාජ මාධ්‍ය වල ලියන පුංචි දුවලා පුතාලා පිල්ලෙයාන් කියන්නේ කවුද කියලා දන්නේ නෑ.  හරි නම් මේ රට කොටි ත්‍රස්තවාදය අවසන් කරන්න ඔහු කළ තීරණාත්මක කාර්යභාරයට ඔහුව ජාතික වීරයෙකු ලෙස සලකන්න ඕනි.  කරුණා සහ පිල්ලෙයාන් කොටි සංවිධානයෙන් ඉවත් වෙලා හමුදාව සමග එකතු වුණාට පස්සේ තමයි කොටි සංවිධානයේ අවසානය ආරම්භ වුණේ.  කවුද මේ පිල්ලෙයාන්?


අවුරුදු 14 දී කොටි සංවිධානයෙන් බලහත්කාරයෙන් කොටි සංවිධානයට බඳවා ගත් ළමා සොල්දාදුවෙක් තමයි පිල්ලෙයාන් කියන්නේ.  කොටි සංවිධානය ළමා සොල්දාදුවන් බඳවා ගත්තා කියන එකට තිබෙන ජීවමාන සාක්ෂියක් තමයි පිල්ලෙයාන්.  පිල්ලෙයාන් වගේම නැගෙනහිර කොටි නායක කරුණා අම්මාන් අපේ හමුදාවට හිසරදයක් වුණු දක්ෂ සටන්කරුවන්.  කොටි සංවිධානය රණවිරුවන් සමග උතුරේ යුද වැදිලා පරාජය පෙනුනු සෑම අවස්ථාවකම නැගෙනහිර කොටි උතුරට ඇවිල්ලා තමයි කොටි සංවිධානය බේරා ගත්තේ.  ඒ නැගෙනහිර කොටි නායකයින් වුණු කරුණා සහ පිල්ලෙයාන් 2003 දී කොටි සංවිධානයෙන් ඉවත් වුණේ හය දහසක ත්‍රස්තවාදින් එක්ක.  පිල්ලෙයාන් කියන්නේ අන්තිම මොහොත වෙන තුරුම හමුදාවේ ලේ ඉල්ලලා, සටන පැරදුනාම යටත් වුණු කොටියෙකු නොවේ.  කොටි සංවිධානය අත් හැරලා අපේ හමුදාව එක්ක බෙදුම්වාදයට ත්‍රස්තවාදයට එරෙහිව තමන්ගේ ජීවිතය පරදුවට තියලා රට වෙනුවෙන් සටන් කරපු සැබෑ දේශප්‍රේමියෙක්.


2006 දී පිල්ලෙයාන්ලා හමුදාවත් එක්ක එකතු වෙලා කොටින්ට විරුද්ධව සටන් කරන කොට කොටින් වෙනුවෙන් සටන් කරන්න හිටියේ භූමිය නොදන්න උතුරෙන් පැමිණි ත්‍රස්තවාදින්.  ඒ නිසා කොටි ත්‍රස්තවාදය ඉතා පහසුවෙන් නැගෙනහිරින් පරාජය කරන්න අපට පුළුවන් වුණා.  උතුරේ සටන් වල දී වෙන දා කොටින්ට නැගෙනහිරින් ලැබෙන තීරණාත්මක සහයෝගය ලැබුණේ නෑ.  එහෙම නම් අද අපි සාමකාමි රටක ජීවත් වෙන්නේ පිල්ලෙයාන් වැනි අය ජීවිත පරදුවට තබා කළ සටන් නිසා.


කොටි ත්‍රස්තවාදය අවසන් කරන්න පිල්ලෙයාන් කළ කාර්යභාරය ගැන දෙමළ බෙදුම්වාදින් පිල්ලෙයාන් එක්ක ඉන්නේ වෛරයෙන්.  ඔහුව විනාශ කිරීම බෙදුම්වාදින්ගේ ලොකුම ඉලක්කයක්.  ඒ නිසා ජාතික ජන බලවේගය හරහා බෙදුම්වාදින් පිල්ලෙයාන්ට දඬුවම් කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කරලා තිබෙනවා. 2015 දීත් ජාතික ජන බලවේගයේ සහයෙන් බලයට පත් වුණු ආණ්ඩුව පිල්ලෙයාන් වසර පහක් රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන හිටියා.  ඔහුට විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි නෑ කියලා අධිකරණය විසින් තීරණය කලා.  දැන් නැවත වතාවක් පිල්ලෙයාන්ව අත්අඩංගුවට අරගෙන තිබෙනවා.  ඔහුට විරුද්ධව තිබෙන චෝදනාව තමයි 2006 දෙසැම්බර් මාසයේ දී එවකට නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත්ව අතුරුදහන් කිරීම.  2025 ජනවාරි වන තුරු ඒ කියන්නේ වසර 18ක් යන තුරුම මේ පිළිබඳ පිල්ලෙයාන්ට එරෙහිව කිසිම චෝදනාවක් නෑ.  2025 ජනවාරි මාසයේ දී අරුන් හේමචන්ද්‍රන් නියෝජ්‍ය ඇමතිවරයාගේ ඥාතියෙකු හදිසියේ සීඅයිඩියට ලබා දෙන සාක්ෂියක් මත තමයි මේ අත්අඩංගුවට ගන්නේ.  පසුගිය 8දා අත්අඩංගුවට ගන්නා තුරු තමන්ට උපකුලපතිවරයෙකු අතුරුදහන් කළා කියලා චෝදනාවක් තිබෙන බව පිල්ලෙයාන්වත් දන්නේ නෑ.


මේ උපකුලපතිවරයා අතුරුදහන් වෙන්නේ 2006 දෙසැම්බර් මාසයේ 16දා කොළඹ දී.  මේ දවසේ පිල්ලෙයාන් කොහේද සිටියේ කියලා මම ඔහුගෙන් ප්‍රශ්න කලා.  එතකොට ඔහු කිව්වේ ඒ දවස ගැන මට නිශ්චිත මතකයක් නැතත් ඔය කාලයේ තමයි කොටි සමග නැගෙනහිර යුද්ධය දරුණුවටම තිබ්බේ.  ඒ යුද කාලය පුරාම කරුණා කණ්ඩායම කොටින්ට එරෙහිව මෙහෙයෙව්වේ මම.  ඒ නිසා මාදුරුඔය තිබුණු අපේ කඳවුරෙන් පිටතට යන්න මට වෙලාවක් තිබුණේ නෑ.  මාවිල්ආරු වලින් නැගෙනහිර මෙහෙයුම් පටන් ගන්නේ 2006 ජූලි 26 දා.  තොප්පිගල අත්පත් කරගෙන නැගෙනහිර මෙහෙයුම් අවසන් වෙන්නේ 2007 ජූලි 11.  ඒ අනුව ඔය සිදුවීම වෙන්නේ නැගෙනහිර සටන්වල උච්චතම අවස්ථාවේ කියන කතාව ඇත්ත.


මේ අතුරුදහන්වීමට පිල්ලෙයාන් සම්බන්ධද නැද්ද කියන කතාව පැත්තකින් තියමු.  කොටි නායකයින් අද මන්ත්‍රිවරු වෙලා පාර්ලිමේන්තුවේ ඉන්නවා.  මගේ දෙවියා මගේ නායකයා ප්‍රභාකරන් කියලා අර්චුනාට යහතින් ඉන්න පුළුවන්.  දකුණේ භීෂණය වැපුරූ තවත් ත්‍රස්තවාදියෙක් රටේ ජනාධිපති වෙලා ඉන්නවා.  ත්‍රස්තවාදින් වගේම ගෝනි බිල්ලන් ඇමතිවරු වෙලා ඉන්නවා.  මේ කාටවත් ත්‍රස්තවාදි සමයේ කරපු දේවල් වලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.  මුළු රටම උතුරේ සහ දකුණේ ත්‍රස්තවාදින්ට සමාව දීලා ඒ යුගය අමතක කරලා ඉන්නේ.  එහෙම නම් පිල්ලෙයාන් පස්සෙන් විතරක් පොලිසිය පන්නන්නේ ඇයි?


මේක ත්‍රස්තවාදින්ගේ ආණ්ඩුවක්.  උතුරේ සහ දකුණේ ත්‍රස්තවාදින් එකතු වෙලා පිහිටුවපු ආණ්ඩුවක්. එ් නිසා ත්‍රස්තවාදින්ට සලකනවා.  ත්‍රස්තවාදය විනාශ කරන්න දායක වුණු අයට වෛර කරනවා.  මෙහෙම දඬුවම් විඳින්න පිල්ලෙයාන් කරපු වරද තමයි කොටි සංවිධානයෙන් වෙන් වෙලා ඇවිත් කොටි ත්‍රස්තවාදය අවසන් කරන්න දායක වීම.  දකුණේ ත්‍රස්තවාදින් විසින් උතුරේ ත්‍රස්තවාදින්ට ලබා දෙන තෑග්ග තමයි පිල්ලෙයාන්.


පිල්ලෙයාන් මාව පෞද්ගලිකව හමු වී ඇත්තේ දෙපාරක් පමණයි.  නමුත් ඔහු වෙනුවෙන් මම පෙනී සිටින්නේ ලාංකිකයින් ගුණමකු ජාතියක් නොවන බව සිංහලයින් ගුණමකු ජාතියක් නොවන බව පෙන්වන්නයි.  ත්‍රස්තවාදයට විරුද්ධ වීම නිසා කාට හරි දඬුවම් කරනවා නම් අපි ඒ අය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා.  එහෙම නොකලොත් අනාගතයේ දී ත්‍රස්තවාදය අත්හැර ත්‍රස්ත විරෝධින් සමග එකතු වෙලා ත්‍රස්තවාදය විනාශ කරන්න කිසිවෙකු ඉදිරිපත් වෙන්නේ නෑ.


පිල්ලෙයාන්ගෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු රාශියක් අනාවරණය වුණු බවට මහජන ආරක්ෂක අමාත්‍යතුමා අප්‍රේල් 10දා පාර්ලිමේන්තුවට කිව්වා.  ඒ වගේම පාස්කු ප්‍රහාරය විමර්ශන යටතේ මඩකලපුවේ කෙනෙකු අත්අඩංගුවට ගත්තා කළා අප්‍රේල් 12දා ජනාධිපතිතුමා මඩකලපුවේ දී කිව්වා.  පට්ටපල් බොරු.  ජනාධිපතිතුමා සහ ඇමතිවරු බොරු විදින මැෂින් බවට පත්වෙලා තිබෙන්නේ මේ රටේ ඉන්නේ බත් කන හරක් කියන අදහසින් වෙන්න ඕනි.


මේ තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් අත්සන් තබා නිකුත් කළ පිල්ලෙයාන් පිළිබඳ රැඳවුම් නියෝගය.  (රැඳවුම් නියෝගය කියවයි).  මේකේ පාස්කු ප්‍රහාරය ගැන වචනයක්වත් කියවෙනවා ද?  නෑ.  අධිකරණයට ඉදිරිපත් නොකර ජනාධිපතිගේ රැඳවුම් නියෝගයක් යටතේ තබා ගන්නේ අධිකරණයට ඉදිරිපත් කලා නම් අත්අඩංගුවට ගැනීමට බල පෑ හේතු සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න වෙන නිසා මේ බොරුව හෙලි වෙනවා.


මම අප්‍රේල් 13දා පරණ අවුරුදු දා පොලිස් නිලධාරින් හතරදෙනෙකු ඉදිරිපිට දී පිල්ලෙයාන්ට කතා කලේ.  ඒ කියන්නේ ජනාධිපති සහ පොලිස් ඇමති පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිල්ලෙයාන් සම්බන්ධ බවට ප්‍රකාශ කලාට පස්සේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ එක වචනයක් පිල්ලෙයාන් කතා කරලා නෑ.  එහෙම ප්‍රකාශයක් කරන්න පාස්කු ප්‍රහාරය ගැන මෙලෝ දෙයක් පිල්ලෙයාන් දන්නෙත් නෑ.  2015 සිට 2020 දක්වා අත්අඩංගුවේ සිටි කෙනෙකු 2019 දී පාස්කු ප්‍රහාරය කෙරෙව්වා කියලා කවුරු හරි චෝදනා කරනවා නම් ඒ අයගේ ඔළුව පරික්ෂා කරන්න ඕනි.  සහරාන් එක්ක ඡායාරූප ගත්ත දේශපාලකයින් ගණනාවක් ඉන්නවා.  එහෙම කෙනෙකු මහ මොලකරු කියලා අත්අඩංගුවට ගත්තා නම් පුංචි හරි පදනමක් තිබෙනවා.


අප්‍රේල් 21ට කලින් පාස්කු ප්‍රහාරයේ වගකිවයුතු කීපදෙනෙක් හෙලිදරව් කරනවා කියලා ජනාධිපතිතුමා කිව්වේ මාර්තු 30දා.  දැන් අප්‍රේල් 21ට තිබෙන්නේ දවස් 5යි.  පොලිසියේ ලණුවක් කාලා කරපු ප්‍රකාශය නිසා ජනාධිපතිතුමා ලොකු අමාරුවක වැටිලා ඉන්නේ.  ඒ නිසා පාස්කු ප්‍රහාරය කාලේ වසර පහක් හිරේ හිටිය පිල්ලෙයාන් අල්ලා ගෙන ඔහුට බලපෑම් කරලා පාපොච්චාරණයක් කරවා ගන්නයි හදන්නේ.  හාවා අල්ලා ගෙන තමන් නරියෙකු කියලා පිලිගන්නා තුරු පහර දෙන න්‍යාය හැමදාම හරි යන්නේ නෑ.  දැන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතා සීඅයිඩිය බාරව ඉන්න කාලයේ තමයි කොලපාට හෝස් බටයකින් රැයක් පුරා ගහලා සේයා දෙව්මිණි මැරුවේ තමන් කියලා පිලිගන්න කොණ්ඩයාව එකඟ කර ගත්තේ.  ඩීඑන්ඒ පරික්ෂණ නොතිබුණා නම් සීඅයිඩිය විසඳූ තවත් අබිරහසක් ලෙස මේ කතාව ඉතිහාසයට එකතු වෙන්න තිබුණා.  පිල්ලෙයාන්ටත් කොණ්ඩයාට වගේ බලපෑම් කරන්න තමයි නීතිඥයින්ට මුණ ගැහෙන්න දෙන්න ප්‍රතික්ෂේප කලේ.  ගෙදර අය සමග කතා කරන්න අවස්ථාව නොදුන්නේ.  ප්‍රභාකරන් එක්ක හැප්පිලා ජයග්‍රහණය කරපු පිල්ලෙයාන් එක්ක ඔය සෙල්ලම් බෑ කියලා අපි ආණ්ඩුවට කියනවා.

සම්බන්ධිත පුවත් | Related News

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.
ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය ඉදිරියේ දී තවදුරටත් අඩු (මන්දගාමී) වනු ඇතැයි ලෝක බැංකුව පවසයි. මේ අනුව ලෝක බැංකුවේ නවතම පුරෝකථනවල දැක්වෙන්නේ ගිය වසරේ (2025) සියයට 5 ක් වූ ආර්ථික වර්ධනය මේ වසරේ (2026) දී සියයට 4.4 ක් දක්වා අඩු වනු ඇති බවයි.
ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.
සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කර ගනිමින් මෙම සතිය තුළ එල්ල වූ තෙවන ප්‍රහාරයෙන් පුද්ගලයින් අවම වශයෙන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 309 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (11) දෙවන දිනටත් පැවැත්වේ.
ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ බරපතළම සහ දැවැන්තම මූල්‍ය වංචාව මෙරටට බාල ගල්අඟුරු ආනයනය කිරීම බවත්, ඒ හරහා රටට සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 18කට ආසන්න බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීමට භික්ෂූන්වහන්සේට මිස වෙනත් කිසිවෙකුටත් හැකියාවක් නොමැති බව, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමියෝ පවසති.

ප්‍රධාන පුවත්

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.