ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කෙරේ
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ රියන්සි අර්සකුලරත්නගේ (PC) සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කරන ලද බව එම අමාත්‍යාංශය නිවේදනය කරනු ලබනවා.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළව මුළික සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 වනදා අධිකරණ අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා.
එහිදී, නව පනත ගෝලිය ත්‍රස්තවාදයට සහ අභියෝගයන්ට මුහුණ දිය හැකි ආකාරයේ පනතක් විය යුතු අතර, අන්තර්ජාතික වශයෙන් පිලිගන්නා වු මෙරට ව්‍යවස්ථාවෙන් ද සහතික කර වු මානව හිමිකම් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතින් කඩනොවන ආකාරයේ පනතක් විය යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.
පසුගිය කාලයේ පැවති ආණ්ඩු මෙම සංශෝධන නීති ගෙන ඒම සඳහා නිසි උද්යෝගයෙන් කටයුතු කර නොමැති අතර, මේ සදහා පත් කර ඇති කමිටුව ඉතා කෙටි කාලයක් තුළ මෙම පනත අහෝසි කිරීමට අදාළ කරුණු සාක්ෂාත් කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී කමිටු නිලධාරින්ට දැනුම් දෙන ලදී.
මැයි මස මුල් කාලය තුළ මහජන අදහස් හා සිවිල් සංවිධානවල අදහස් ගැනීම සඳහා පියවර ගන්නා ලෙසත්, අන්තර්ජාතික ආයතන සහ ප්‍රජාවන්ගේ අදහස් ද ලබා ගැනීම පිණිස කටයුතු කරන ලෙසත්, අමාත්‍යතුමා කමිටුවට උපදෙස් ලබා දුන් බවයි එම නිවේදනයේ සඳහන්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි