
සූර්ය පැනල තාවකාලිකව ක්‍රියා විරහිත කරන ලෙස දැනුම්දීමක්
පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල මත සවි කර ඇති සූර්ය බලශක්තිය තාවකාලිකව නවතා දමන ලෙස විදුලි බල මණ්ඩලය සූර්ය පැනල සවිකර ඇති බලශක්ති හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව හෙට (13) සිට එළැඹෙන අප්‍රේල් 21 වැනිදා තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පැනල පද්ධතිය අක්‍රීය කරන ලෙස විදුලි බල මණ්ඩලය අදාළ පාර්ශ්වයන් වෙත දැනුම් දී තිබේ.
විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අවුරුදු සමය තුළ විදුලි ඉල්ලුම අවම මට්ටමකට පහත වැටී ඇති බවත් මේ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන ඉහළ විචල්‍යතාවයකින් යුතු පුනර්ජනනීය බලශක්ති දායකත්වය ජාතික පද්ධතියට අසාමාන්‍ය ලෙස ආතතියක් ඇති කරන බවත්ය.
ඒ අනුව එහි ප්‍රතිඵලයක් ලෙස පද්ධතියේ අවස්ථිතිය තියුණු ලෙස පහත වැටී ඇති බවත් ඊට ඉතා සුළු උච්චාවචනයකදී පවා අර්ධ වශයෙන් ඇනහිටීම් හෝ රට පුරා විදුලිය විසන්දි වීමක් ඇති කළ හැකි මට්ටමකට පැමිණිමේ අවදානමක් පවතින බවද විදුලි බල මණ්ඩලය සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.
ඒ අනුව මෙම කාල සීමාව තුළදී ජාතික විදුලි බල ජාලයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා වහල මත සවි කර ඇති සූර්ය පැනල තාවකාලිකව නවතා දමන ලෙස විදුලි බල මණ්ඩලය සිය නිවේදනය මගින් අදාළ පාර්ශ්වයන් වෙත දැනුම් දී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
