
ලෝක නායකයින් තීරු බදු ඉවත් කර ගැනීමට මගේ පස්ස සිප ගනිමින් සිටිනවා- ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික රිපබ්ලිකන් කොන්ග්‍රස් කමිටු රාත්‍රී භෝජන සංග්‍රහයේදී පවසයි (වීඩියෝ )
පසුගිය අප්‍රේල් 2 වනදා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කළ දැඩි තීරුබදු පියවර සම්බන්ධයෙන් ඇති වූ කැලඹීම් මධ්‍යයේ ලෝක නායකයින් තමා සමඟ "ගිවිසුම් ඇති කර ගැනීම පිණිස මාරාන්තික සටනකට අවතීර්ණ වෙමින් සිටින" බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 8 වනදා ප්‍රකාශ කළේය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනුව, ඔහු සමඟ සම්බන්ධතාවයන ගොඩ නගා සිටින ලෝක නායකයින් තීරුබදු පැනවීම පිළිබඳ ගිවිසුමක් ඇති කර ගැනීමට ඕනෑම ක්‍රියාවක් කිරීමට පෙළඹෙනු ඇත.
“මම ඔබට කියනවා, මේ රටවල් අපට කතා කරමින්, මගේ පස්ස සිප ගනිමින් සිටිනවා.” ට්‍රම්ප් ජාතික රිපබ්ලිකන් කොන්ග්‍රස් කමිටු රාත්‍රී භෝජන සංග්‍රහයේදී කළ දේශනයේදී පැවසීය.
ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත නැවතත් අවධාරණය කර ඇත්තේ තමාට වෙනත් රටවල් සමඟ තිබෙන 'වෙළඳ අසමතුලිතතාවය' වැඩිදියුණු කිරීමට අවශ්‍ය බවත් ඔහු පනවා ඇති තීරුබදු හේතුවෙන් 'ඇමරිකාව නැවත පොහොසත් රටක් කරන' බවත්ය.
“ඔවුන් අමෙරිකාව ගිවිසුමක් ඇති කර ගැනීමට මාරාන්තික සටනකට අවතීර්ණ වෙමින් සිටිනවා. 'කරුණාකර, කරුණාකර, සර්, අප සමඟ ගිවිසුමක් ඇති කර ගන්න. මම ඕනෑම දෙයක් කරන්නම් සර්'," ට්‍රම්ප් ලෝක නායකයින් සමච්චලයට ලක් කරමින් තවදුරටත් පැවසීය.
අප්‍රේල් 2 වන දින රිපබ්ලිකන් පක්ෂය විසින් ප්‍රකාශයට පත් කරන ලද බොහෝ නව තීරුබදු ඊයේ(09) උදෑසන සිට ක්‍රියාත්මක විය. ඊළඟට ඖෂධ අංශය ඉලක්ක කරන බව පැවසූ ඩොනල්ඩ් ටෘම්ප් එමගින් ඖෂධ සමාගම් එක්සත් ජනපදයට නිෂ්පාදන ගෙන ඒමට හේතු වන බව කියා සිටියේය.
චීනය සහ යුරෝපා සංගමය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු වලට එරෙහිව පෙරට එයි
චීනය සහ යුරෝපා සංගමය යන දෙපාර්ශවයම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු පියවරයන්ට එරෙහිව කටයුතු ක්‍රීමට පෙළඹී තිබේ. ඩොනල්ඩ් ටෘම්ප් චීන භාණ්ඩ සඳහා දැවැන්ත සියයට 104 ක බද්දක් පැනවූ අතර යුරෝපා සංගම් කණ්ඩායමට සියයට 25 ක තීරුබදු පනවා තිබුණි.
ඒ අනුව චීනය සියලුම ඇමරිකානු භාණ්ඩ සඳහා පෙර පනවා තිබූ සියයට 34 ට බද්ද සියයට 84 ක් දක්වා ඉහළ නැංවූ බව ප්‍රකාශයට පත් කළ අතර එය අප්‍රේල් 10 වන දින ක්‍රියාත්මක වන බව චීන මුදල් අමාත්‍යාංශය පැවසීය.
බීජිනය එකට එක කිරීමක් ලෙස මීට පෙර ඇමරිකානු භාණ්ඩ සඳහා සියයට 34 ක පළිගැනීමේ තීරුබදු ප්‍රකාශයට පත් කර තිබුණි.
අනෙක් අතට, යුරෝපා සංගමය පසුගිය මාසයේ දී ට්‍රම්ප් සමූහයේ වානේ සහ ඇලුමිනියම් අපනයන සඳහා පැනවූ තීරුබදු වලට පළිගැනීමක් ලෙස ඇමරිකානු භාණ්ඩ සඳහා යුරෝ බිලියන 21 ක් (ඩොලර් බිලියන 23.2) පමණ තීරුබදු පැනවීමට තීරණය කළේය.
ඊයේ(09) යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 න් බහුතරයක් අමෙරිකාවට පැනවූ "තීරු බදු"දඬුවම්ට පක්ෂව ඡන්දය දුන් අතර, ඉන් රටවල් සමහරක් අප්‍රේල් මැද භාගයේ සිට පැනවූ තීරු බදු ක්‍රියාත්මක කරවීමට පටන් ගන්නා බව නිවේදනය කළේය.අමෙරිකානු තීරුබදු දේශපාලනික වශයෙන් සංවේදී ඇමරිකානු රාජ්‍යයන් ඉලක්ක කර පනවනු ලැබ ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
