ලෝක නායකයින් තීරු බදු ඉවත් කර ගැනීමට මගේ පස්ස සිප ගනිමින් සිටිනවා- ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික රිපබ්ලිකන් කොන්ග්‍රස් කමිටු රාත්‍රී භෝජන සංග්‍රහයේදී පවසයි (වීඩියෝ )
පසුගිය අප්‍රේල් 2 වනදා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කළ දැඩි තීරුබදු පියවර සම්බන්ධයෙන් ඇති වූ කැලඹීම් මධ්‍යයේ ලෝක නායකයින් තමා සමඟ "ගිවිසුම් ඇති කර ගැනීම පිණිස මාරාන්තික සටනකට අවතීර්ණ වෙමින් සිටින" බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 8 වනදා ප්‍රකාශ කළේය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනුව, ඔහු සමඟ සම්බන්ධතාවයන ගොඩ නගා සිටින ලෝක නායකයින් තීරුබදු පැනවීම පිළිබඳ ගිවිසුමක් ඇති කර ගැනීමට ඕනෑම ක්‍රියාවක් කිරීමට පෙළඹෙනු ඇත.
“මම ඔබට කියනවා, මේ රටවල් අපට කතා කරමින්, මගේ පස්ස සිප ගනිමින් සිටිනවා.” ට්‍රම්ප් ජාතික රිපබ්ලිකන් කොන්ග්‍රස් කමිටු රාත්‍රී භෝජන සංග්‍රහයේදී කළ දේශනයේදී පැවසීය.
ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත නැවතත් අවධාරණය කර ඇත්තේ තමාට වෙනත් රටවල් සමඟ තිබෙන 'වෙළඳ අසමතුලිතතාවය' වැඩිදියුණු කිරීමට අවශ්‍ය බවත් ඔහු පනවා ඇති තීරුබදු හේතුවෙන් 'ඇමරිකාව නැවත පොහොසත් රටක් කරන' බවත්ය.
“ඔවුන් අමෙරිකාව ගිවිසුමක් ඇති කර ගැනීමට මාරාන්තික සටනකට අවතීර්ණ වෙමින් සිටිනවා. 'කරුණාකර, කරුණාකර, සර්, අප සමඟ ගිවිසුමක් ඇති කර ගන්න. මම ඕනෑම දෙයක් කරන්නම් සර්'," ට්‍රම්ප් ලෝක නායකයින් සමච්චලයට ලක් කරමින් තවදුරටත් පැවසීය.
අප්‍රේල් 2 වන දින රිපබ්ලිකන් පක්ෂය විසින් ප්‍රකාශයට පත් කරන ලද බොහෝ නව තීරුබදු ඊයේ(09) උදෑසන සිට ක්‍රියාත්මක විය. ඊළඟට ඖෂධ අංශය ඉලක්ක කරන බව පැවසූ ඩොනල්ඩ් ටෘම්ප් එමගින් ඖෂධ සමාගම් එක්සත් ජනපදයට නිෂ්පාදන ගෙන ඒමට හේතු වන බව කියා සිටියේය.
චීනය සහ යුරෝපා සංගමය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු වලට එරෙහිව පෙරට එයි
චීනය සහ යුරෝපා සංගමය යන දෙපාර්ශවයම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු පියවරයන්ට එරෙහිව කටයුතු ක්‍රීමට පෙළඹී තිබේ. ඩොනල්ඩ් ටෘම්ප් චීන භාණ්ඩ සඳහා දැවැන්ත සියයට 104 ක බද්දක් පැනවූ අතර යුරෝපා සංගම් කණ්ඩායමට සියයට 25 ක තීරුබදු පනවා තිබුණි.
ඒ අනුව චීනය සියලුම ඇමරිකානු භාණ්ඩ සඳහා පෙර පනවා තිබූ සියයට 34 ට බද්ද සියයට 84 ක් දක්වා ඉහළ නැංවූ බව ප්‍රකාශයට පත් කළ අතර එය අප්‍රේල් 10 වන දින ක්‍රියාත්මක වන බව චීන මුදල් අමාත්‍යාංශය පැවසීය.
බීජිනය එකට එක කිරීමක් ලෙස මීට පෙර ඇමරිකානු භාණ්ඩ සඳහා සියයට 34 ක පළිගැනීමේ තීරුබදු ප්‍රකාශයට පත් කර තිබුණි.
අනෙක් අතට, යුරෝපා සංගමය පසුගිය මාසයේ දී ට්‍රම්ප් සමූහයේ වානේ සහ ඇලුමිනියම් අපනයන සඳහා පැනවූ තීරුබදු වලට පළිගැනීමක් ලෙස ඇමරිකානු භාණ්ඩ සඳහා යුරෝ බිලියන 21 ක් (ඩොලර් බිලියන 23.2) පමණ තීරුබදු පැනවීමට තීරණය කළේය.
ඊයේ(09) යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 න් බහුතරයක් අමෙරිකාවට පැනවූ "තීරු බදු"දඬුවම්ට පක්ෂව ඡන්දය දුන් අතර, ඉන් රටවල් සමහරක් අප්‍රේල් මැද භාගයේ සිට පැනවූ තීරු බදු ක්‍රියාත්මක කරවීමට පටන් ගන්නා බව නිවේදනය කළේය.අමෙරිකානු තීරුබදු දේශපාලනික වශයෙන් සංවේදී ඇමරිකානු රාජ්‍යයන් ඉලක්ක කර පනවනු ලැබ ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..