
මෙරට ජනගහනය ඉහළට... අලුත්ම වාර්තාව මෙන්න
2024 වසරේ ජන හා නිවාස සංගණනය ප්‍රතිඵල නිකුත් වී තිබේ.
ඒ අනුව, මෙවර සංගණනයේදී අනාවරණ වී ඇති පරිදි මෙරට ජනගහනය 21,763,170 කි.
2012 වසරේදී සිදු කළ ජන හා නිවාස සංගණනයට සාපේක්ෂව සලකා බලන විට එම වසරේදී වාර්තා වූ මුළු ජනගහනයට වඩා මෙවර ජනගහනය 1,403,731ක වැඩිවීමක් පෙන්නුම් කරයි.
2001-2012 අන්තර් සංගණන කාල පරිච්ඡේදය සැළකුවිට ජනගහනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතිකය සියයට 0.7 කි.
මෙවර 2012-2024 අන්තර් සංගණන කාල පරිච්ඡේදය සැලකූ විට ජනගහනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතිකය සියයට 0.5 ක් වේ.
මෙමගින් පැහැදිළි වන්නේ මෙරට ජනගහන වර්ධන වේගය අඩු වුවද තවදුරටත් ජනගහනය වර්ධනය වෙමින් පවතින බවයි.
ශ්‍රී ලංකාවේ පළාත් අනුව ජනගහනය සැලකුවිට මුළු ජනගහනයෙන් සියයට 28.1 ක වැඩිම ජනගහනයක් බස්නාහිර පළාතේ පදිංචිව සිටින අතර සියයට 5.3ක් වූ අඩුම ජනගහනයක් පදිංචිව සිටින්නේ උතුරු පළාතේය.
දිස්ත්‍රික්ක මට්ටමින් ජනගහන ව්‍යාප්තිය සැලකුව හොත් වැඩිම ජනගහනයක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර එය සංඛ්‍යාත්මක වශයෙන් 2,433,685 කි.
දෙවන වැඩිම ජනගහනයක් සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර එහි ජනගහනය 2,374,461 කි.
මේ අනුව මිලියන 2 කට වැඩි ජනගහනයක් පදිංචිව සිටිනුයේ මෙම දිස්ත්‍රික්ක දෙක තුළයි.
ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක හැරුණු විට පෙර සංගණනවලදී මෙන්ම මෙවරද වැඩි ජනගහනයන් පිළිවෙලින් වාර්තා වන්නේ පහත දිස්ත්‍රික්කවලයි.
කුරුණෑගල – 1,760,829
මහනුවර – 1,461,269
කළුතර – 1,305,552
රත්නපුර – 1,145,138
ගාල්ල – 1,096,585
ඉහත සෑම දිස්ත්‍රික්කයකම මිලියනයකට වැඩි ජනගහනයක් පදිංචිව සිටියි.
පෙර සංගණන වලදී මෙන්ම, මෙවරද දිවයිනේ ජනගහනය අඩු දිස්ත්‍රික්ක ලෙස උතුරු පළාතේ මුලතිව් (122,542), මන්නාරම (123,674), කිලිනොච්චි (136,434) සහ වවුනියා (172,257) දිස්ත්‍රික්ක වාර්තා වී ඇත.
සියයට 2.23 ක වැඩීම සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයක් වාර්තා වී ඇත්තේ මුලති වූ දිස්ත්‍රික්කයෙන් ය.
අවම සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයක් වාර්තා වන්නේ වවුනියා දිස්ත්‍රික්කයෙන් වන අතර එම ප්‍රතිශතය 0.01% කි.
පෙර සංගණන වලදී මෙන්ම මෙවරද, වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 3,549 ක් වූ වැඩිම ජනගහන ඝනත්වයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, අවම ජනගහන ඝනත්වයක් වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙනි.
එහි ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 50කි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
