වෙළඳ යුද්ධය අස්‍සේ බොරතල්මිල පහළට
2021 වසරට පසු වසර 04කින් බොරතෙල් මිල පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධය උත්සන්න වීමත් සමගය.
ඒ අනුව බොරතෙල් බැරලයක මිල 6.68% කින් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 55.60 දක්වා පහත වැටි ඇති බවය.
එක් අවස්ථාවක දී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 58.84 දක්වා පහත වැටි ඇති අතර එය 6.34% ක පහත වැටීමක් බවද සඳහන් වේ.
ලෝකය කොවිඩ් වසංගතයට මුහුණ දුන් 2021 වසරේ පෙබරවාරි මාසයේ සිට බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 60 ට වඩා පහත වැටුණු පළමු අවස්ථාව මෙය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය සතියේ එක්සත් ජනපදය විසින් නව තීරුබදු ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අඛණ්ඩව පස්වන දිනටත් තෙල් මිල තියුණු ලෙස පහත වැටී ඇති බවය.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තියට පළිගැනීමක් ලෙස චීනය ද එක්සත් ජනපද භාණ්ඩ සඳහා අතිරේක තීරුබදු ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මෙලෙස අද දිනයේ (09) බොරතෙල් මිල 7% කින් පමණ පහත වැටී ඇත.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන ආනයන සඳහා පැනවූ 104% ක බදු අද (09) සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
ඊට පළි ගැනීමක් වශයෙන් චීන මුදල් මුදල් අමාත්‍යාංශය, අමෙරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා 84% ක තීරුබද්දක් පැනවීමට ද කටයුතු කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි