
මෝදි නැවත වරක් ශ්‍රී ලංකාව සමඟ ගොඩබිම් සම්බන්ධතා ව්‍යාපෘතියක් යෝජනා කරලා...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරයේදී ඉන්දියාව නැවත වරක් ශ්‍රී ලංකාව සමඟ ගොඩබිම් සම්බන්ධතා ව්‍යාපෘතියක් යෝජනා කර ඇති නමුත් ශ්‍රී ලංකා රජය මෙතෙක් එයට එකඟතාවය දක්වා නැති බව වාර්තා වේ.
2002 දී එවකට ශ්‍රී ලංකා රජය ඉන්දියාවේ තමිල්නාඩුවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම අතර ගොඩබිම් පාලමක් යෝජනා කළේය. ඒ රාම් සේතු හෙවත් ආදම්ගේ පාලම නමැති පුරාණ ගොඩබිම් සම්බන්ධය පදනම් කරගෙනය.
සැලැස්මට අනුව, මාර්ග සහ රේල් පාලම් සම්බන්ධතා සංවර්ධනය කිරීමට යෝජනා කරන ලදී.
පසුව නැවතත් දෙපාර්ශවය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ අතර එය පසුගිය රජය සමයේ නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයට පවා ඇතුළත්ව තිබුණි. පසුගිය වසරේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නවදිල්ලි සංචාරයෙන් පසු නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයට එය ඇතුළත් කර නොතිබුණද.
අගමැති මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දීය පාර්ශ්වය එය යෝජනා කළේය. වාර්තා වූ පරිදි ශ්‍රී ලංකා රජය එයට ක්ෂණික ප්‍රතිචාරයක් නොදැක්වීය.
අග්‍රාමාත්‍ය මෝදි, ශ්‍රී ලංකාවෙන් ආපසු යන අතරමගදී, ඉන්දියානු සාගරයට ඉහළින් සැතපුම් 30ක් (කිලෝමීටර් 48ක්) විහිදෙන ස්වභාවික හුණුගල් විශාල දාමයක් වන ආදම්ගේ පාලම ලෙසද හැඳින්වෙන රාම් සේතු දර්ශණය වූ බව විශේෂයෙන්ම සදහන් කර තිබුණි. මෙම පෞරාණික ගොඩබිම් පාලම එහි භූ විද්‍යාත්මක, ඓතිහාසික වැදගත්කම ද ඔහු පවසා ඇත. පුරාණ හුණුගල් පාලම රාම් දෙවියන් විසින් ඉදිකරන ලද්දක් ලෙස සැලකේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
