
නලින්ද උස්සාගෙන ආව පොත කියෙව්වේ නැතත්, කවරය විතරක්වත් කියෙව්වානම්, පොත නිකුත් කළ ආයතනය ගැන දැන ගන්න තිබුණා - රවී කුමුදේශ්
ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් තබන ලද සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදුකරන ලද ප්‍රකාශයකට අදාළව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ මහතා අදහස් පළ කරයි.
ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහන් කර ඇති දීර්ඝ සටහන මෙසේය.
කවරය විතරක්වත් කියෙව්වානම්, පොත සහ පොත නිකුත් කරන ආයතනය කියන්නේ දෙකක් කියලා තේරුම් ගන්න තිබුණා..
නලින් හේවගේ කෙහෙල් ගහට කොටලා හොට ගලවා ගන්නත් කලින්, නලින් හේවගේව පාවලා දීපු නලින්ද ඇමතිතුමා කෙහෙල් ගහට කොටා ගත්තා.
කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස ‘ඉන්දියානු ෆාමකෝපියා කොමිසම’ (Indian Pharmacopoeia Commission) කියන්නෙ පොතක් බව කැබිනට් මාධ්‍ය හමුවේදී කිව්වා. එයාලගෙ අනුගාමිකයො දැන් ඒක සමාජ මාධ්‍ය වලත් උස්සගෙන දුවනවා.
අන්ධ මිනිස්සු අලියෙකු ගැන විස්තර කරනවා වගේ” කියන ජනප්‍රිය ප්‍රස්තාව පිරුළට ඔහු හොඳ උදාහරණයක්.
ඉන්දියන් ෆාර්මකෝපියා කියන්නේ පොතක් විතරක් නෙවෙයි, ඒ පොත නිකුත් කරන ආයතනයේ නමත් ඉන්දියානු ෆාර්මකෝපියා කොමිසම ( IPC).
නලින්ද උස්සාගෙන ආව පොත කියෙව්වේ නැතත්, කවරය විතරක්වත් කියෙව්වානම්, පොත නිකුත් කළ ආයතනය ගැන දැන ගන්න තිබුණා.
ලංකාවේ ඖෂධ නියාමන අධිකාරිය (NMRA එක) ෆාර්මකෝපියා පිලිගත්තා කියන එක තමයි ගිවිසුම. ඒක තමයි ප්‍රශ්නය. පුබුදු කිව්වෙත් ඒක.
දැන් ලංකාවට ඉන්දියානු ඖෂධ ගේද්දී බලපාන්නේ ඉන්දියානු ප්‍රමිතිය මිස ලංකාවේ ප්‍රමිතිය නෙවෙයි. (දැන් තේරෙනව ඇති ජරා බෙහෙත් නිකම්ම හොද බෙහෙත් වෙන විදිහ)
අපේ ලෙඩ්ඩුන්ට බාල බෙහෙත් පටවන්න ඉන්දියාවට අවසර දෙන ගිවිසුම තමයි අත්සන් කලේ කියලා නලින්දම පිලිගන්නවා.
නලින්ද වෘත්තියෙන් වෛද්‍යවරයෙක්, ඒ වුණත් දේශපාලකයකුවීම නිසාත් ජා.ජා.බ. ආණ්ඩුව බේරාගන්න මාධ්‍ය ප්‍රකාශකයකු වෙන්න සිදුවීම නිසාත් ‘ඉන්දියානු ෆාමකෝපියා කොමිසම’ (Indian Pharmacopoeia Commission) කියන්නෙ පොතක් කියලා, තමන්ගෙ සාමාන්‍ය දැනීම කොච්චරද කියලා පෙන්වලා. තමන් මාධ්‍ය ඉදිරියේ පැහැදිලි කරන්න යන දේ ගැන විනාඩියකට කලින් ගූගල් කළා නං ඇමති නලින්දට www.ipc.gov.in වෙබ් අඩවිය හමුවෙනවා.
ඇයි මේ ඇමති නලින්දට මෙහෙම පටලැවිල්ලක් වුණේ?
පහුගිය 5 වෙනිදා නරේන්ද්‍ර මෝදිගේ සංචාරයේදී එන්පීපී ආණ්ඩුව, ඉන්දීය රජය සමඟ අත්සන් කළ ගිවිසුමකින් ‘ජාතික ඖෂධ නියාමන අධිකාරිය’ (NMRA) සතු තොරතුරු ඉන්දියානු ඖෂධ කොමිසමට භාර දීමට මග පෑදීම පිළිබඳ බුබුදු ජාගොඩ කල කථාවකට පිළිතුරක් විදිහට තමයි නලින්ද මේ උත්තරේ දෙන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
