
‘දේශපාලනයෙන් ඉහළට ගිය ලංගම රියැදුරන්, කොන්දොස්තරවරුන් යළි බස්වලට ම’- ඇමති බිමල් කියයි
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තර හා රියැදුරන් ලෙස සේවයට බැඳුණු ඇතැම් පුද්ගලයන් පසුගිය පාලන කාලවලදී නුසුදුසු ආකාරයට ඩිපෝවල ඉහළ තනතුරුවලට පත්කර ඇති අතර එසේ පසුගිය වසර 5 තුළ එම තනතුරුවලට පත්කළ පුද්ගලයන් නැවත කලින් සිටි තනතුරුවලට ම ස්ථාපිත කළ බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.
ඔහු මේ බව පැවසුවේ, ඊයේ (අප්‍රේල් 8) පාර්ලිමේන්තුවේදී ය.
ඔහු සඳහන් කළේ, මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනා ලැබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් 1000කට අධික ප්‍රමාණයකට මේ වන විට විනය ක්‍රියාමාර්ග සිදුකෙරෙමින් පවතින බව ය.
ලාභ නොලබන තත්ත්වයේ පවතින ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු ඩිපෝ 55ක් ඇතැයි අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතුව ඩිපෝ අතරින් ඩිපෝ 54ක් ලාභ ලබන තත්ත්වයේ ඒවා බව ද ඔහු සඳහන් කළේ ය.
අමාත්‍යවරයා වැඩිදුරට ත් පැවසුවේ, ගමනාගමන මණ්ඩලය සතුව බස් රථ 7137ක් තිබුණ ද ඉන් ධාවනයට යෙදවිය හැකි තත්ත්වයේ ඇත්තේ බස් රථ 5137ක් පමණක් බව ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
