නලීන් හේවගේ නැවතත් නා ගනි?
ජාතික ජන බලවේග රජය බලයට පත්වන විට ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරය සතුව තිබුණේ අමෙරිකානු ඩොලර් මිලියන 20ක් පමණක් බවට
වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ කළ ප්‍රකාශයෙන් පසුව ඔහු දැඩි විවේචනයට ලක්ව තිබේ.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගාල්ලේ පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී අදහස් දක්වමින් හේවගේ පැවසුවේ වත්මන් පරිපාලනය භාණ්ඩාගාර සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 6.19ක් දක්වා වැඩි කර ඇති බවයි.
“අත්පොළසන් ප්‍රමාණවත් නැති බව පේන්නේ. ඩොලර් මිලියන 20ක් පමණක් තිබූ ගිණුමකට අපි ඩොලර් මිලියන 6,190ක් රැස් කර ගත්තා කිව්වම වහලේ උඩ යන්න අත්පොළසන් දෙන්න ඕනේ,” යනුවෙන් ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, 2024 සැප්තැම්බර් මාසයේදී ඩොලර් බිලියන 5.99ක්, ඔක්තෝබර් මාසයේදී ඩොලර් බිලියන 6.47ක්, නොවැම්බර් මාසයේදී ඩොලර් බිලියන 6.45ක් හා දෙසැම්බර් මාසයේදී ඩොලර් බිලියන 6.12ක් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව නිල සංචිත පැවති බව ය.
එසේ ම, 2025 ජනවාරියේ ඩොලර් බිලියන 6.06ක්, පෙබරවාරි මාසයේ 6.08ක් හා මාර්තු මාසයේ 6.51ක් සංචිත පැවැති බව මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛනවල සඳහන් යැයිද ඔහු කීය.
සංඛ්‍යා සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී තිබේ නම් තමා ඉදිරිපත් කළ මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛන පිළිගන්නා හැටියට ද අමාත්‍ය නලින්ද ජයතිස්ස ඉල්ලීමක් කළේ ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ පරිගණක මුරපද CIDයට දීම මිලේනියම් සිටි පාවාදීමටත් වඩා භයානකයි.. රාජ්‍ය බුද්ධි රහස් ඩයස්පෝරාවේ කුලීකරුවන්ට පාවා නොදෙනු! - ජයන්ත සමරවීර
හම්බන්තොට වරාය අසල අක්කර 108ක් සංවර්ධනය කිරීමට විදේශීය ආයෝජකයින් සොයයි..
සූරේෂ් සලේව නිරුවත් කළ බව CIDය පිළිගත්තා.. - සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම සහ නායකයන් අතර ගෞරවයට පාත්‍ර වෙයි..
සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව පැරීසියේදී දැවැන්ත විරෝධතාවයක්..
ධවල මන්දිරයට එල්ල වීමට තිබු ප්‍රහාරයක් ව්‍යර්ථ කෙරේ..
ඩොලරය අතහැර රුපියල්වලින් ගණුදෙනු කරන්න ඉන්දු - ලංකා අවධානය..
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්..
උතුරේ සිංහල ජනාවාස දරුණු අර්බුදයක.. පවුල් 300කට වඩා බෞද්ධහරණයට ලක්වෙලා.. - ආචාර්ය චන්න ජයසුමන හෙළිකරන කතාව
වසවිලාන් හමුදා රෝහලේ ඉදිකිරීම් වහාම නවත්වනු! - වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභා සභාපති යාපනය ආරක්ෂක සේනාංක මූලස්ථානය වෙත ලියයි
සලේ සිටි සිරමැදිරිය නිරීක්ෂණය කරයි.. නිසිපරිදි වාතාශ්‍රය නොලැබීම ඇතුළු අඩුපාඩු රැසක් හෙළිවෙයි..
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ නඩු තීන්දුවත් ජුලි 31 වැනිදා..
ජාතික අභිලාෂයන්ට හානියක් නොවන පරිදි ඉරාන-ඇමරිකානු අවබෝධතා ගිවිසුමකට එළඹුනා - ගරිබාබාඩි
ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති බවට ආණ්ඩුව කරන ප්‍රකාශ බොරු.. - රටේ ජීවන බර ඉහළ යාම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්
රාජ්‍ය බුද්ධි සේවය මගේ ඔත්තුව යට ගැහුවා.. මේක තනිකරම කුමන්ත්‍රණයක්.. මට අද ආරක්ෂාවක් නැහැ.. - පාස්කු ප්‍රහාරයේ දෙවන රැල්ල වැළැක්වූ තොරතුරුකරුවා හෙළිකරන කතාව
අමෙරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එළඹෙයි.. සිකුරාදා ස්විට්සර්ලන්තයේදී අත්සන් කිරීමට සූදානම්..