බුද්ධගයාවේ පරිපාලනය සම්පූර්ණයෙන්ම බෞද්ධයන්ට දෙන්න! - මහා නායක හිමිවරුන්ගෙන් මෝදිට සංදේශයක්
බුද්ධගයාවේ පරිපාලන කටයුතු සම්පූර්ණයෙන්ම බෞද්ධයන් වෙත ලබාදෙන මෙන් ඉල්ලමින් මෙරට මහ නායක හිමිවරුන් සිව්නම විසින් සකස් කරන ලද විශේෂ සංදේශයක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත ලබාදී තිබේ. මෙම සංදේශය භාරදීම සිදුව ඇත්තේ පසුගිය සෙනසුරාදා ඉන්දීය අගමැතිවරයා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට ගිය අවස්ථාවේ දී වීම විශේෂත්වයකි.
මෙම සංදේශයට මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සුමංගල නාහිමි, අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමි, අමරපුර නිකායේ උත්තරීතර මහ නායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමුර්ති නාහිමි, රාමඤ්ඤ නිකායේ මහ නායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නාහිමි විසින් අත්සන් තබා තිබේ.
ශ්‍රී ලංකාව හා බුද්ධගයාව අතර ඓතිහාසික සම්බන්ධයක් ඇති බවත් එය අශෝක අධිරාජ්‍ය සමය දක්වා දිවෙන බවත් එම ලිපියෙන් අවධාරණය කර ඇත.
ඒ කවරක් නමුත් බුද්ධගයාවේ පරිපාලනය සම්පූර්ණයෙන්ම බෞද්ධයන්ට පවරා නොතිබීම බරපතළ ප්‍රශ්නයක් බව මේ ලිපිය මගින් අවධාරණය කර තිබේ. බුද්ධගයාවේ පරිපාලනය සම්පූර්ණයෙන් බෞද්ධයන්ට පැවරීමේ අවශ්‍යතාව ලොව පුරා වෙසෙන බෞද්ධයන් අවධාරණය කරන බව මෙම ලිපියේ සඳහන් කර ඇත. ලොව පුරා විවිධ ආගමික ස්ථාන පිළිබඳව ප්‍රශ්න ඇති නමුත් බුද්ධගයාවේ ගැටලුව ඉතා සාමකාමීව විසඳාගත යුතු බවත් මේ ලිපියේ සඳහන් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි