
ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය හේතුවෙන් ලංකාවේ කොටස් වෙළඳ පොළට දැඩි බලපෑම්
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය අප්‍රේල් 02 දින හඳුන්වා දෙන ලද නවතම ආනයනික තීරුබදු ප්‍රතිපත්ති, මේ වන විට ගෝලීය ආර්ථික අර්බුදයක් නිර්මාණය කිරීමක් දක්වා දුරදිග ගොස් තිබේ.
මෙම තත්ත්වය තුළ ලොව පුරා කොටස් වෙළෙඳපොළ ගණනාවක් දැවැන්ත කඩාවැටීමකට ලක්ව ඇති අතර ආසියාකරයේ කොටස් වෙළෙඳපොළ ගණනාවක් ද එහි දැඩි බලපෑමට භාජනය වී ඇත.
පවතින වාතාවරණය තුළ ශ්‍රී ලංකාවේ එකම කොටස් වෙළෙඳපොළ වන කොළඹ කොටස් වෙළෙඳපොළ ද, ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම තීරණයේ ගොදුරක් බවට පත්ව ඇත්තේ, එකී තීරණය ප්‍රකාශයට පත්වීමත් සමඟම අඛණ්ඩ ගනුදෙනු දින 3ක් පුරාවට දැවැන්ත පරිහානියක් විඳදරා ගැනීමට සිදුවීමත් සමඟිනි.
පසුගිය අප්‍රේල් 02 දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,007.44ක් ලෙසින් සටහන්ව තිබුණු අතර එය ඊයේ (07) දිනයේ ගනුදෙනු සමාප්තිය වන විට ඒකක 14,660.45ක් දක්වා දැවැන්ත පහළයාමක් වාර්තා කර ඇත. එනම් මෙම ගනුදෙනු දින 03 තුළ දී පමණක් ඒකක 1,346.99 කින්, නැතහොත් 8.41%කින් කොළඹ කොටස් වෙළෙඳපොළ කඩා වැටී ඇත.
මේ අතර අප්‍රේල් 02 දින වන විට රු. බිලියන 5,688.56ක් ලෙසින් වාර්තා වූ කොළඹ කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම ඊයේ වන විට රු. බිලියන 5,253.18ක් දක්වා පහළ බැස ඇත්තේ මෙම දින 03 තුළ දී පමණක් රු. බිලියන 435.37ක්, එනම් රු. කෝටි 43,537ක්, කොළඹ කොටස් වෙළෙඳපොළෙන් සෝදා හරිමිනි.
මෙහිදී ඊයේ දිනය තුළ දී පමණක් කොටස් වෙළෙඳපොළට අහිමිව ඇති වටිනාකම රු. බිලියන 227කි.
ආර්ථික අර්බුදයක් නිර්මාණය කිරීමක් දක්වා දුරදිග ගොස් තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
