News Category
From Date
To Date
Maximum Number of Result

මාළිමා ආණ්ඩුව 71 විරුවන්ට සරදම් කරනවා... කුමාර් ගුණරත්නම්

Apr 5, 2025 at 11:16 PM
|

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මෙරට සංචාරය සමග තීරණාත්මක සහ බරපතළ දේශපාලන ප්‍රශ්න ගණනාවක් ඉදිරියේදී මතු වීමට නියමිත බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පැවසීය.

ඉන්දීය අගමැති මෝදිගේ ලංකා සංචාරයේ දී අත්සන් කරන ආරක්ෂක ගිවිසුම ඇතුළු ගිවිසුම්වලට විරෝධය දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය නුගේගොඩ පක්ෂ කාර්‍යාලයේදී ඊයේ (04) ) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක දී ඔහු මේ අදහස් පළකළේය.

එදා අප්‍රේල් විරුවන් ජනතාද්‍රෝහී අධිරාජ්‍යවාදී ආණ්ඩුවට එරෙහිව 1971 දී අරගල බිමට ප්‍රවේශ වූ ඓතිහාසික දිනයේම ජාතික ජන බලවේගය පාවාදීමේ ගිවිසුම අත්සන් කිරීම දෛවයේ සරදමක් බව ද ඔහු සඳහන් කළේය.

“කැබිනට් ප්‍රකාශකවරයා පසුගියදා මාධ්‍ය හමුවේදි අපි දැක්කා කියනවා මේ සංචාරයේදී අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වන්දනා කරන්න ඉන්දීය අගමැතිවරයා යන්න සූදානමින් ඉන්නවා කියලා. ඒවගේම මන්නාරම රෝහලට යම් පරිත්‍යාගයන් ප්‍රමාණයක් ලබා දෙන්නත් මෙහිදී ඉන්දියාව කටයුතු කරනවා. දැන් මේ සීනි බෝල දීලා මෝදි බලාපොරොත්තු වෙන්නේ මොනවද ? ලංකාවේ වරායවල් , ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටික, විදුලිබල පද්ධතිය, ඇතුළු සම්පත් ඉන්දියාවට අත්පත් කරගැනීමේ මෙහෙයුමක තමයි පහුගිය කාලෙම ඉන්දියාව හිටියේ.

එතකොට මෝදි ලංකාවට එන්නේ මේ ක්ෂේත්‍රවලට අදාළව ගිවිසුම් අත්සන් කරලා ඒ සම්පත් නීත්‍යනුකූලවම ඉන්දියාවට පවරා ගන්න. මේ සංචාරයේදී ඉන්දියාව සහ ලංකාව අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරන්න නියමිතයි කියලා මුලින්ම වාර්තා වුණේ ඉන්දීය මාධ්‍ය හරහා. නමුත් අද වෙනකල් ඒ ගිවිසුමේ අඩංගු කරුණු මොනවද කියන එක ලංකාවේ ආණ්ඩුව රටට හෙළිදරව් කරලා නෑ. අපි දන්නවා මේ වෙද්දිත් ඉන්දීය සාගරයේ භූ දේශපාලන බලය අත්පත් කරගැනීම සඳහා ලෝකයේ අධිරාජ්‍යවාදී රටවල් දැවැන්ත බලපොරයක පැටලිලා ඉන්නේ. විශේෂයෙන් චීනය, අමෙරිකාව, සහ ඉන්දියාව තමයි මේ බල සූදුවේ ප්‍රධානම පාර්ශවකරුවන් බවට පත් වෙලා ඉන්නේ. එහෙම වෙලාවක අපේ රට ඉන්දියාව එක්ක ආරක්ෂක ගිවිසුමකට එළඹීම කියන්නෙම ඔවුන්ගේ භූ දේශපාලන උපායමාර්ගයට රටක් විදිහට අපිත් ඇතුළු වීමක්. ඒක නිසා තමයි අපි කියන්නේ හෙට අත්සන් කරන්න සූදානම් වෙන මේ ආරක්ෂක ගිවිසුම ඓතිහාසික වැරද්දක් වගේම ඓතිහාසිකව රට ඉන්දියාවට පාවා දීමක්.” යැයි කුමාර් ගුණරත්නම් පැවසීය.

“මෑති ඉතිහාසෙදි ලංකාව Defence agreements වලට කිසිම රටක් එක්ක අත්සන් කරලා නෑ. අපි විවිධ රටවල එක්ක ආරක්ෂාව සම්බන්ධයෙන් යම් යම එකඟතාවලට ඇවිත් තියනවා. හැබැයි මේ Defence කියන වචනෙ ඇතුළේ තියන දේශපාලන උවමනාවන් අර්ථයන් ඊට වඩා විශාලයි. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් විදිහට ඉන්න වෙලාවේ ඇමරිකාව එක්ක එකතුවෙලා ජනතාද්‍රෝහී ඇක්සා ගිවිසුම අත්සන් කලා. ඊටපස්සෙ රනිල් වික්‍රමසිංහ විසින් ඒ ගිවිසුම සදහටම වලංගු වෙන විදිහට දීර්ඝ කලා. ඒ නිශා රාජපක්ෂලා රනිල්ලා ඇතුළු කඳවුරට රට පාවාදෙන ගිවිසුම් අත්සන් කිරීම අළුත් දෙයක් නෙමෙයි. තමනගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් ඔවුන් එදා ඉඳලම කලේ රට පාවා දීපු එක තමයි. නමුත් ඒ ජේ ආර් ජයවර්ධනලගේ ප්‍රේමදාසලගේ කාලේ ඉඳලම රටේ ස්වාධීනත්වය අධිරාජ්‍යවාදීන්ට පාවාදෙන ජනතාද්‍රෝහී ගිවිසුම්වලට විරුද්ධව හඬ අවධි කරපු, මහ පාරේ සටන් කරපු දේශපාලන ව්‍යාපාරයක් තමයි අද ආණ්ඩු බලය හොබවන්නේ. ඒ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුව. දැන් ඒ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවම සූදනම් වෙනවා තමන් මෙතෙක් කල් ආව දේශපාලන ගමන් මාර්ගයට පිටුපස හරවමින් ඉන්දියාවට රට පාවාදෙන ගිවිසුම්වලට අත්සන් තියන්න. මේක ඉතිහාසයේ යළි කවදාවත් නිවැරදි කරන්න බැරි විදිහේ ඓතිහාසික වැරද්දක්.

පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට ගිහින් ඒකාබද්ධ ප්‍රකාශ අත්සන් කළා. ඊටපස්සෙ මෑතක අනුර දිසානායක ජනාධිපතිවරයාත් ඉන්දියාවට ගිහින් ඒකාබද්ධ ප්‍රකාශ අත්සන් කළා. නමුත් දැන් මේ අත්සන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ගිවිසුම්. එතකොට අවබෝධයකින් එහාට ගිහිල්ලා මේවා නීත්‍යනුකූල ගිවිසුම් බවට පත් වෙනවා. එදා මෙවැනි ජනතාද්‍රෝහී පාවාදීම්වලට එරෙහිව හිටගත්ත ව්‍යාපාරයක් අද කොහොමද මෙවැනි පාවාදීමක් කරන්නේ ? මේක ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුන්ගේ හෘද සාක්ෂිය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක්. අපි දන්නවා මේ ආණ්ඩුව බලයට ආවෙම යම වාමාංශික හැඩයක් පෙන්නගෙන. නමුත් බලය ගැනීමෙන් පස්සෙ ඒ හැඩය සම්පූර්ණයෙන් ඉවත් කරගෙන නවලිබර් සහ IMF මාර්ගයේ තමයි ගමන් ගනිමින් ඉන්නේ. රාජ්‍ය ආයතන වසා දැමීම්, පෞද්ගලිකකරණය, නිදහස් අධ්‍යාපනය සෞඛ්‍ය පෞද්ගලිකකරණය කිරීම, රැකියා කප්පාදු කිරීම, භාණ්ඩ හා සේවා මත බදු ඉහළ දැමීම වගේ ජනතාවට බලපාන කාරණාවලදී අසංවේදීව කටයුතු කරන ගමන් ධනකුවේරයන්ට බදු සහන දෙමින් ඔව්න්ට එරෙහිව කිසිඳු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගෙන ඒ ධනකුවේර පන්තිය ඉස්සරහා නැලවෙමින් කටයුතු කරනවා.

අපිට දැන් මේ ආණ්ඩුව යන මාර්ගය පැහැදිලියි. නමුත් ජාතික ජන බලවේග ආණ්ඩුව හදන්න ඡන්දය පාවිච්චි කල ජනතාවට වගකීමක් තියනවා මේ ඓතිහාසික වැරද්ද වෙන්න දෙන්නැතුව තමන් ඡන්දය දීලා පත්කල ආණ්ඩුව නිවැරදි පාරට ගන්න. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පැරණි සහෝදරවරුන්ගෙන් අපි මේ වෙලාවෙ අහනවා මේ වැරද්ද දිහා නිහඬතාව බලාගෙන ඉන්නෙ ඇයි. රට ඉන්දියාවට පාවාදෙන ලෝක දේශපාලන බල සූදුවට ලංකාව ඇදල දාන ගිවිසුම් අත්සන් කරනකල් නිහඬතාව බලාගෙන හිටියොත් ඔබට අනාගතයේදී හෘද සාක්ෂියෙන් ගැලවීමක් නැති වෙනවා. විශේෂයෙන් මේ ගිවිසුම අත්සන් කරන්න බලාපොරොත්තු වෙන අප්‍රේල් 5 කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට ඓතිහාසික දවසක්. එදා අප්‍රේල් විරුවන් මේ ජනතාද්‍රෝහී අධිරාජ්‍යවාදී ආණ්ඩුවට එරෙහිව 1971 දි අරගල බිමට ප්‍රවේශ වුනු ඓතිහාසික දවසෙම මේ පාවාදීමේ ගිවිසුම අත්සන් කිරීම දෛවයේ සරදමක් වගේ දෙයක්. අපි රටේ සියලු ජනතාවට අපි ආරාධනා කරනවා මේ ජනතාද්‍රෝහී ක්‍රියාව පරාජය කරන්න මැදිහත් වෙමු කියලා. ” යනුවෙන් ද ඔහු සඳහන් කළේය.

සම්බන්ධිත පුවත් | Related News

ප්‍රංශය මේ වන විට ගිනියම් කරමින් පවතින පාසල් සිසුන්ගේ සහ තරුණයන්ගේ වීදි සටන් පිටුපස ඇත්තේ හුදු අධ්‍යාපන ගැටලු පමණක් නොව, සමස්ත යුරෝපීය බිඳවැටීම සහ ගෝලීය බලය වෙනස් වීමේ ක්‍රියාවලියක් බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර පෙන්වා දෙයි.
ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් අද දින අභියාචනාධිකරණයේ දී කරුණු තහවුරු කිරීමට නියමිතය.
දේශපාලන පක්ෂ භේදයකින් තොරව ගොවි ජනතාව එක්ව පවත්වාගෙන යන ගොවි සංවිධානවල පරිපාලනයට දේශපාලන අධිකාරිය අතපොවන බවට චෝදනා කරමින්, බෙදුම්ඇල ගොවි සමිතියේ සභාපතිවරයා සහ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා අතර සිදුවූ ආන්දෝලනාත්මක දුරකථන සංවාදයක හඬපටයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.
සිවුරට දඬුවම් දෙනවාට තමන් පෞද්ගලිකව අකමැති බවත්, සුද්දාගේ කාලයේත් සිවුරට දඬුවම් දුන් බවත් ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර ගත කර සිටියදී උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීමේදී සිදුවූ සිදුවීමක් සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සිදුකළ කරුණු දැක්වීම සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.
"සිරිලිය සවිය" අරමුදලට සම්බන්ධ ගිණුමේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ මූල්‍ය අක්‍රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (13) නියෝග කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිදුවීම මුල් කරගනිමින් විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් පටු දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ දරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

ප්‍රධාන පුවත්

ප්‍රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..

ප්‍රංශය මේ වන විට ගිනියම් කරමින් පවතින පාසල් සිසුන්ගේ සහ තරුණයන්ගේ වීදි සටන් පිටුපස ඇත්තේ හුදු අධ්‍යාපන ගැටලු පමණක් නොව, සමස්ත යුරෝපීය බිඳවැටීම සහ ගෝලීය බලය වෙනස් වීමේ ක්‍රියාවලියක් බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර පෙන්වා දෙයි.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..

ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් අද දින අභියාචනාධිකරණයේ දී කරුණු තහවුරු කිරීමට නියමිතය.

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.