News Category
From Date
To Date
Maximum Number of Result

මාළිමා ආණ්ඩුව 71 විරුවන්ට සරදම් කරනවා... කුමාර් ගුණරත්නම්

Apr 5, 2025 at 11:16 PM
|

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මෙරට සංචාරය සමග තීරණාත්මක සහ බරපතළ දේශපාලන ප්‍රශ්න ගණනාවක් ඉදිරියේදී මතු වීමට නියමිත බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පැවසීය.

ඉන්දීය අගමැති මෝදිගේ ලංකා සංචාරයේ දී අත්සන් කරන ආරක්ෂක ගිවිසුම ඇතුළු ගිවිසුම්වලට විරෝධය දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය නුගේගොඩ පක්ෂ කාර්‍යාලයේදී ඊයේ (04) ) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක දී ඔහු මේ අදහස් පළකළේය.

එදා අප්‍රේල් විරුවන් ජනතාද්‍රෝහී අධිරාජ්‍යවාදී ආණ්ඩුවට එරෙහිව 1971 දී අරගල බිමට ප්‍රවේශ වූ ඓතිහාසික දිනයේම ජාතික ජන බලවේගය පාවාදීමේ ගිවිසුම අත්සන් කිරීම දෛවයේ සරදමක් බව ද ඔහු සඳහන් කළේය.

“කැබිනට් ප්‍රකාශකවරයා පසුගියදා මාධ්‍ය හමුවේදි අපි දැක්කා කියනවා මේ සංචාරයේදී අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වන්දනා කරන්න ඉන්දීය අගමැතිවරයා යන්න සූදානමින් ඉන්නවා කියලා. ඒවගේම මන්නාරම රෝහලට යම් පරිත්‍යාගයන් ප්‍රමාණයක් ලබා දෙන්නත් මෙහිදී ඉන්දියාව කටයුතු කරනවා. දැන් මේ සීනි බෝල දීලා මෝදි බලාපොරොත්තු වෙන්නේ මොනවද ? ලංකාවේ වරායවල් , ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටික, විදුලිබල පද්ධතිය, ඇතුළු සම්පත් ඉන්දියාවට අත්පත් කරගැනීමේ මෙහෙයුමක තමයි පහුගිය කාලෙම ඉන්දියාව හිටියේ.

එතකොට මෝදි ලංකාවට එන්නේ මේ ක්ෂේත්‍රවලට අදාළව ගිවිසුම් අත්සන් කරලා ඒ සම්පත් නීත්‍යනුකූලවම ඉන්දියාවට පවරා ගන්න. මේ සංචාරයේදී ඉන්දියාව සහ ලංකාව අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරන්න නියමිතයි කියලා මුලින්ම වාර්තා වුණේ ඉන්දීය මාධ්‍ය හරහා. නමුත් අද වෙනකල් ඒ ගිවිසුමේ අඩංගු කරුණු මොනවද කියන එක ලංකාවේ ආණ්ඩුව රටට හෙළිදරව් කරලා නෑ. අපි දන්නවා මේ වෙද්දිත් ඉන්දීය සාගරයේ භූ දේශපාලන බලය අත්පත් කරගැනීම සඳහා ලෝකයේ අධිරාජ්‍යවාදී රටවල් දැවැන්ත බලපොරයක පැටලිලා ඉන්නේ. විශේෂයෙන් චීනය, අමෙරිකාව, සහ ඉන්දියාව තමයි මේ බල සූදුවේ ප්‍රධානම පාර්ශවකරුවන් බවට පත් වෙලා ඉන්නේ. එහෙම වෙලාවක අපේ රට ඉන්දියාව එක්ක ආරක්ෂක ගිවිසුමකට එළඹීම කියන්නෙම ඔවුන්ගේ භූ දේශපාලන උපායමාර්ගයට රටක් විදිහට අපිත් ඇතුළු වීමක්. ඒක නිසා තමයි අපි කියන්නේ හෙට අත්සන් කරන්න සූදානම් වෙන මේ ආරක්ෂක ගිවිසුම ඓතිහාසික වැරද්දක් වගේම ඓතිහාසිකව රට ඉන්දියාවට පාවා දීමක්.” යැයි කුමාර් ගුණරත්නම් පැවසීය.

“මෑති ඉතිහාසෙදි ලංකාව Defence agreements වලට කිසිම රටක් එක්ක අත්සන් කරලා නෑ. අපි විවිධ රටවල එක්ක ආරක්ෂාව සම්බන්ධයෙන් යම් යම එකඟතාවලට ඇවිත් තියනවා. හැබැයි මේ Defence කියන වචනෙ ඇතුළේ තියන දේශපාලන උවමනාවන් අර්ථයන් ඊට වඩා විශාලයි. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් විදිහට ඉන්න වෙලාවේ ඇමරිකාව එක්ක එකතුවෙලා ජනතාද්‍රෝහී ඇක්සා ගිවිසුම අත්සන් කලා. ඊටපස්සෙ රනිල් වික්‍රමසිංහ විසින් ඒ ගිවිසුම සදහටම වලංගු වෙන විදිහට දීර්ඝ කලා. ඒ නිශා රාජපක්ෂලා රනිල්ලා ඇතුළු කඳවුරට රට පාවාදෙන ගිවිසුම් අත්සන් කිරීම අළුත් දෙයක් නෙමෙයි. තමනගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් ඔවුන් එදා ඉඳලම කලේ රට පාවා දීපු එක තමයි. නමුත් ඒ ජේ ආර් ජයවර්ධනලගේ ප්‍රේමදාසලගේ කාලේ ඉඳලම රටේ ස්වාධීනත්වය අධිරාජ්‍යවාදීන්ට පාවාදෙන ජනතාද්‍රෝහී ගිවිසුම්වලට විරුද්ධව හඬ අවධි කරපු, මහ පාරේ සටන් කරපු දේශපාලන ව්‍යාපාරයක් තමයි අද ආණ්ඩු බලය හොබවන්නේ. ඒ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුව. දැන් ඒ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවම සූදනම් වෙනවා තමන් මෙතෙක් කල් ආව දේශපාලන ගමන් මාර්ගයට පිටුපස හරවමින් ඉන්දියාවට රට පාවාදෙන ගිවිසුම්වලට අත්සන් තියන්න. මේක ඉතිහාසයේ යළි කවදාවත් නිවැරදි කරන්න බැරි විදිහේ ඓතිහාසික වැරද්දක්.

පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට ගිහින් ඒකාබද්ධ ප්‍රකාශ අත්සන් කළා. ඊටපස්සෙ මෑතක අනුර දිසානායක ජනාධිපතිවරයාත් ඉන්දියාවට ගිහින් ඒකාබද්ධ ප්‍රකාශ අත්සන් කළා. නමුත් දැන් මේ අත්සන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ගිවිසුම්. එතකොට අවබෝධයකින් එහාට ගිහිල්ලා මේවා නීත්‍යනුකූල ගිවිසුම් බවට පත් වෙනවා. එදා මෙවැනි ජනතාද්‍රෝහී පාවාදීම්වලට එරෙහිව හිටගත්ත ව්‍යාපාරයක් අද කොහොමද මෙවැනි පාවාදීමක් කරන්නේ ? මේක ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුන්ගේ හෘද සාක්ෂිය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක්. අපි දන්නවා මේ ආණ්ඩුව බලයට ආවෙම යම වාමාංශික හැඩයක් පෙන්නගෙන. නමුත් බලය ගැනීමෙන් පස්සෙ ඒ හැඩය සම්පූර්ණයෙන් ඉවත් කරගෙන නවලිබර් සහ IMF මාර්ගයේ තමයි ගමන් ගනිමින් ඉන්නේ. රාජ්‍ය ආයතන වසා දැමීම්, පෞද්ගලිකකරණය, නිදහස් අධ්‍යාපනය සෞඛ්‍ය පෞද්ගලිකකරණය කිරීම, රැකියා කප්පාදු කිරීම, භාණ්ඩ හා සේවා මත බදු ඉහළ දැමීම වගේ ජනතාවට බලපාන කාරණාවලදී අසංවේදීව කටයුතු කරන ගමන් ධනකුවේරයන්ට බදු සහන දෙමින් ඔව්න්ට එරෙහිව කිසිඳු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගෙන ඒ ධනකුවේර පන්තිය ඉස්සරහා නැලවෙමින් කටයුතු කරනවා.

අපිට දැන් මේ ආණ්ඩුව යන මාර්ගය පැහැදිලියි. නමුත් ජාතික ජන බලවේග ආණ්ඩුව හදන්න ඡන්දය පාවිච්චි කල ජනතාවට වගකීමක් තියනවා මේ ඓතිහාසික වැරද්ද වෙන්න දෙන්නැතුව තමන් ඡන්දය දීලා පත්කල ආණ්ඩුව නිවැරදි පාරට ගන්න. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පැරණි සහෝදරවරුන්ගෙන් අපි මේ වෙලාවෙ අහනවා මේ වැරද්ද දිහා නිහඬතාව බලාගෙන ඉන්නෙ ඇයි. රට ඉන්දියාවට පාවාදෙන ලෝක දේශපාලන බල සූදුවට ලංකාව ඇදල දාන ගිවිසුම් අත්සන් කරනකල් නිහඬතාව බලාගෙන හිටියොත් ඔබට අනාගතයේදී හෘද සාක්ෂියෙන් ගැලවීමක් නැති වෙනවා. විශේෂයෙන් මේ ගිවිසුම අත්සන් කරන්න බලාපොරොත්තු වෙන අප්‍රේල් 5 කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට ඓතිහාසික දවසක්. එදා අප්‍රේල් විරුවන් මේ ජනතාද්‍රෝහී අධිරාජ්‍යවාදී ආණ්ඩුවට එරෙහිව 1971 දි අරගල බිමට ප්‍රවේශ වුනු ඓතිහාසික දවසෙම මේ පාවාදීමේ ගිවිසුම අත්සන් කිරීම දෛවයේ සරදමක් වගේ දෙයක්. අපි රටේ සියලු ජනතාවට අපි ආරාධනා කරනවා මේ ජනතාද්‍රෝහී ක්‍රියාව පරාජය කරන්න මැදිහත් වෙමු කියලා. ” යනුවෙන් ද ඔහු සඳහන් කළේය.

සම්බන්ධිත පුවත් | Related News

කිසියම් පක්‍ෂයක් ඒ ඒ පළාත් පාලන ආයතනයේ බහුතර බලයක් ලබා ගැනීමට අසමත් වුණේ නම් ඊළඟට සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා පත් කර ගත යුත්තේ ඡන්දයකින් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසයි.
(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)
හිටපු රුසියානු ජනාධිපතිවරයා මෙන්ම රුසියානු ආරක්ෂක කවුන්සිලයේ වත්මන් නියෝජ්‍ය සභාපතිවරයා වන දිමිත්‍රි මෙදෙව්දෙව් දීර්ඝ තීසීයක් ඉදිරිපත් කරමින් නව ජාත්‍යන්තර අපරාධ අධිකරණයක අවශ්‍යතාවය පෙන්වා දෙයි.
නව නාසිවාදී බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට උපහාර පුදන 'යුගන්ධර' විජයග්‍රහණයේ රණවිරු ප්‍රණාමය මැයි 18 වැනි දා සවස 3 ට කොළඹ 07 පදනම් ආයතනයේ දී පැවැත් වේ.
ලංකා විදුලිබල මණ්ඩලය පාඩු බව ඔප්පු කිරීම සඳහා චේතාන්විතවම ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවත්, ජනවාරි මාසය තෙක්ම ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ලබා ඇති බව දත්ත අනුව පැහැදිලි වන බවත්, ජනවාරියේ සිට අප්‍රේල් මාසය දක්වා එහි පාඩුව රුපියල් කෝටි 2000ක් වී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
පේරාදෙණිය විශව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව විශ්ව විද්‍යාල පාලන අධිකාරය තහනම් කර ඇති බවට පුවතක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වේ.
ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.