
මියන්මාර භූ කම්පනය; මියගිය ගණන 1000 ඉක්මවයි
මියන්මාරයේ ඇති වූ රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 1,000 ඉක්මවා තිබේ.
මියන්මාරයේ දෙවැනි විශාලතම නගරය අසල ඇති වූ භූමිකම්පාවෙන් කඩා වැටුණු ගොඩනැගිලි දුසිම් ගණනක සුන්බුන් අතරින් තවත් මළ සිරුරු ඉවත් කරමින් තිබේ.
එරට මිලිටරි නායකත්වයෙන් යුත් රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මේ වන විට පුද්ගලයන් 1,002ක් මියගොස් ඇති අතර තවත් 2,376ක් තුවාල ලබා ඇති බවයි.
තවත් 30 දෙනෙකු අතුරුදහන් වී ඇත.
එම ප්‍රකාශයේ සඳහන් වූයේ සංඛ්‍යා තවදුරටත් ඉහළ යා හැකි අතර, සවිස්තරාත්මක සංඛ්‍යා තවමත් එකතු කරමින් පවතින බවත්ය.
මියන්මාරය දිගුකාලීන හා ලේ වැකි සිවිල් යුද්ධයක ග්‍රහණයට හසුව සිටින අතර එය දැනටමත් දැවැන්ත මානුෂීය අර්බුදයකට ද මුලපුරා ඇත.
සිකුරාදා මධ්‍යම රාත්‍රියේ මැන්ඩලේ නගරයට නුදුරින් අපිකේන්ද්‍රය පිහිටි මෙම භූමිකම්පාව ඇති වූ අතර, පසුව රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබල පසු කම්පන කිහිපයක් ද ඇති වී තිබිණි.
එය බොහෝ ප්‍රදේශවල ගොඩනැගිලි බිමට කඩා වැටීමට, මාර්ග අවහිර වීමට, පාලම් කඩා වැටීමට සහ වේල්ලක් කැඩී යෑමට හේතු විය.
භූමිකම්පාව අසල්වැසි තායිලන්තයේ බැංකොක් නුවර ද සෙලවීමට තරම් ප්‍රබල විය.
බැංකොක් නගර බලධාරීන් පැවසුවේ මේ වන විට පුද්ගලයන් හය දෙනෙකු මියගොස්, 26 දෙනෙකු තුවාල ලබා, 47 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි.
භූමිකම්පාව සිදු වූ විට, චීන සමාගමක් විසින් තායි රජය සඳහා ඉදිකරමින් සිටි මහල් 33කින් යුත් උස් ගොඩනැගිල්ල කඩා වැටී තිබිණි.
ටොන් ගණනක් සුන්බුන් ඉවත් කිරීම සඳහා තවත් බර උපකරණ අද (29) ගෙන එන ලද නමුත් අතුරුදහන් වූවන් පණපිටින් සොයා ගනු ඇතැයි යන බලාපොරොත්තුව මැකී යමින් තිබේ.
මියන්මාර රජය පැවසුවේ දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශවල රුධිරය සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බවයි.
පෙර රජයන් ඇතැම් විදේශ ආධාර පිළිගැනීමට ප්‍රමාද වූවද වත්මන් මියන්මාර රජය ආධාර පිළිගැනීමට සූදානම් බව මින් අවුන් හ්ලයිං පැවසීය.
චීනයේ යුනාන් පළාතෙන් සාමාජිකයන් 37 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් භූමිකම්පා අනාවරක, ඩ්‍රෝන යානා සහ අනෙකුත් සැපයුම් සමඟ සෙනසුරාදා අලුයම යැන්ගොන් නගරයට ළඟා වූ බව නිල ෂින්හුවා පුවත් ඒජන්සිය වාර්තා කළේය.
රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් වන ටාස් හි වාර්තාවකට අනුව, රුසියාවේ හදිසි අවස්ථා අමාත්‍යාංශය ගලවා ගැනීමේ සහ සැපයුම් 120ක් රැගත් ගුවන් යානා දෙකක් පිටත් කර හැර තිබේ.
ඉන්දියාව සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ කණ්ඩායමක් සහ වෛද්‍ය කණ්ඩායමක් මෙන්ම ප්‍රතිපාදන ද යැවූ අතර, මැලේසියාවේ විදේශ අමාත්‍යාංශය පැවසුවේ දරුණුතම ප්‍රදේශ හඳුනාගෙන ආධාර සැපයීමට සහාය වීම සඳහා ඉරිදා ඔවුන් පුද්ගලයන් 50 දෙනෙකු යවන බවයි.
සහන කටයුතු ආරම්භ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඩොලර් මිලියන 5ක් වෙන් කළේය.
එක්සත් ජනපදය ද උදව් කිරීමට සුදානම් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා පැවසීය.
ට්‍රම්ප් පරිපාලනය විසින් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සියට ලබා දෙන මුදල් කප්පාදු කිරීම නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ රාජ්‍ය නොවන සංවිධානයට මියන්මාරයේ බොහෝ වැඩසටහන් කපා හැරීමට දැනටමත් බල කෙරී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
