
මෝදීගේ සංචාරයේදී අත්සන් තැබෙන ආරක්ෂා සහයෝගිතා ගිවිසුම ගැන ඉන්දීය මාධ්‍යවලින් අනාවරණයක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී අත්සන් තැබීමට නියමිත ආරක්ෂක සහයෝගීතා ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය රැසක කරුණු අනාවරණය කර තිබුණා. 1987 දී අත්සන් කෙරුණු ඉන්දු - ලංකා ගිවිසුමෙන් පසුව අත්සන් කෙරෙන වැදගත් ගිවිසුම මෙය ලෙසටයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වුණේ. හින්දුස්ථාන් ටයිම්ස්, පී ටී අයි, ඉන්දියන් එක්ස්ප්‍රස්, බ්ලූම්බර්ග් වැනි මාධ්‍ය වාර්තාවල ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබුණා.
දෙරට අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම මගින් සියුම් ආරක්ෂක තොරතුරු මෙන්ම, ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව ඉහළ නැංවෙනු බවයි එහි සදහන් වුණේ.
මෙරටට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් 05 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට නියමිත අතර එහිදී මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම ඇතුලු ගිවිසුම් කිහිපයක් සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ඇති.
ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය එක්ව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානයට ලක්වනවා.
එමෙන්ම, මෙම සංචාරය අතරතුරදී සාම්පූර් බලාගාරයේ වැඩ කටයුතු ද ආරම්භ කෙරෙනු ඇති.
මීට අමතරව භෞතික, ඩිජිටල් සහ බලශක්ති ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවෙනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවසන් වරට මෙරටට පැමිණ තිබුණේ, 2019 වසරේදීයි.
එමෙන්ම, ශ්‍රී ලංකාව ආර්ථීක අර්බුදයකට ලක්වූ සමයේ ඉන්දීය රජය මෙරටට ඩොලර් බිලියන 4 දශම 05ක මුදලක් මූල්‍යාධාර වශයෙන්ද ලබා දී තිබුණා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
