මෝදීගේ සංචාරයේදී අත්සන් තැබෙන ආරක්ෂා සහයෝගිතා ගිවිසුම ගැන ඉන්දීය මාධ්‍යවලින් අනාවරණයක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී අත්සන් තැබීමට නියමිත ආරක්ෂක සහයෝගීතා ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය රැසක කරුණු අනාවරණය කර තිබුණා. 1987 දී අත්සන් කෙරුණු ඉන්දු - ලංකා ගිවිසුමෙන් පසුව අත්සන් කෙරෙන වැදගත් ගිවිසුම මෙය ලෙසටයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වුණේ. හින්දුස්ථාන් ටයිම්ස්, පී ටී අයි, ඉන්දියන් එක්ස්ප්‍රස්, බ්ලූම්බර්ග් වැනි මාධ්‍ය වාර්තාවල ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබුණා.
දෙරට අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම මගින් සියුම් ආරක්ෂක තොරතුරු මෙන්ම, ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව ඉහළ නැංවෙනු බවයි එහි සදහන් වුණේ.
මෙරටට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් 05 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට නියමිත අතර එහිදී මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම ඇතුලු ගිවිසුම් කිහිපයක් සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ඇති.
ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය එක්ව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානයට ලක්වනවා.
එමෙන්ම, මෙම සංචාරය අතරතුරදී සාම්පූර් බලාගාරයේ වැඩ කටයුතු ද ආරම්භ කෙරෙනු ඇති.
මීට අමතරව භෞතික, ඩිජිටල් සහ බලශක්ති ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවෙනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවසන් වරට මෙරටට පැමිණ තිබුණේ, 2019 වසරේදීයි.
එමෙන්ම, ශ්‍රී ලංකාව ආර්ථීක අර්බුදයකට ලක්වූ සමයේ ඉන්දීය රජය මෙරටට ඩොලර් බිලියන 4 දශම 05ක මුදලක් මූල්‍යාධාර වශයෙන්ද ලබා දී තිබුණා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්රේනය බලශක්ති ප්රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)