
ණය සහ ගැහැණු ළමයි අතර සමාන කමක් ඇමති හදුන්නෙත්තිට පෙනිලා (වීඩියෝ)
මූල්‍ය දුෂ්කරතා ඇති වූ විට බැංකුවලට බොහෝ විට ණයගැතියන්ගේ අතීත දායකත්වය අමතක වන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ඔහු එම අදහස් පළකළේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් සංවිධානය කරන ලද උත්සවයක් අමතමින් ය.
‘බැංකු ණය’ ගැහැණු ළමුන්ට සමාන කළ අමාත්‍යවරයා බොල් ණය සහ ඇතැම් කාන්තාවන්ගේ හැසිරීම සමාන බව ද ප්‍රකාශ කළේය.
එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ බැංකු බොහෝ විට තම ගනුදෙනුකරුවන්ගේ යහපත් ක්‍රියා අමතක කරන බවයි.
”ණය කියන්නේ සමහර ගෑණු ළමයි වගේ. හොඳට ඉන්නකම් හොඳයි. නරක් වුනොත් නරකටම නරකයි. පොඩි හරි වැරැද්දක් වෙලා නරක් වුණොත් එහෙම පරණ ලියුම් අරන් එනවා නේද? වෙච්ච පොරොන්දු අරන් එනවා. මෙහෙමයි ඔයා හිටියේ කියලා. හොඳ ඔක්කොම පැත්තක. බැංකුත් එහෙමයි. බැංකුත් සමහර ඒවා එහෙම තමයි. බැංකුවට සල්ලි දීපු ඒවා දාපු ඒවා පොලී ගෙවපු ඒවා අමතකයි. දිනයක් දෙනවා, ‘වෙන්දේසි කරනවා ඈ’ හරියට මම මේවා ප්‍රසිද්ධ කරනවා කියලා ගෑණු ළමයි කියන්නවා වගේ තමයි” යනුවෙන් අමාත්‍යවරයා පැවසුවේය.
බැංකු සහ ණය ගැතියන් අතර ශක්තිමත් සබඳතාවයක් අවශ්‍ය බව ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
කොවිඩ්-19 වසංගත හා ආර්ථික අර්බුදයෙන් පසු විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා පවතින ණය අභියෝග ඉස්මතු කළ අමාත්‍යවරයා, රජය මෙම ගැටළු හඳුනාගෙන විසඳුම් සෙවීම සඳහා බැංකු සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව ද පැවැසීය.
එබැවින් බැංකු සමඟ වහාම සාකච්ඡා ආරම්භ කරන ලෙස ඔහු අරගල කරන ව්‍යවසායන්ගෙන් ඉල්ලා සිටියේය.
“දෙසැම්බර් මාසයෙන් පසුවත් අපි ගිවිසුම්වලට එළඹීමට අපොහොසත් වුවහොත්, තීරණ ගැනීමට බැංකුවලටද සිදුවෙනවා” ඔහු පැවැසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
