
මියන්මාරයට දරුණු භූමි කම්පාවක්!
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව අද මියන්මාර වේලාවෙන් පස්වරුවේ මධ්‍යම මියන්මාරයේ රික්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබේ. මියන්මාරයේ සාගිං නගරයේ සිට වයඹ දෙසින් කිලෝමීටර් 16 ක් (සැතපුම් 10) දුරින් භූමිකම්පාව සිදු වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ට අනුව, මුල් භූමිකම්පාවෙන් මිනිත්තු 12 කට පමණ පසු එම ප්‍රදේශයට රික්ටර් මාපකයේ 6.4 ක පසු කම්පනයක්ද ඇතිවී තිබේ. නම් සඳහන් කිරීමට අකමැති වු මියන්මාරයේ යැන්ගොන්හි පදිංචිකරුවෙකු මාධ්‍ය වෙත පැවසුවේ, “අපට විනාඩියක් පමණ භූමිකම්පාව දැනුණු අතර පසුව අපි ගොඩනැගිල්ලෙන් පිටතට දිව ගියා. තවත් පුද්ගලයින් ද ගොඩනැගිලිවලින් පිටතට දිව යන ආකාරය අපි දුටුවා.”
තායිලන්තයේ අගනුවර වන බැංකොක් නුවර දක්වා කම්පන දැනී ඇති අතර ඉදි වෙමින් පවතින ගොඩනැගිල්ලකටද භූ කම්පනය හේතුවෙන් හානි සිදු වී ඇති බව වාර්තා වේ. තායිලන්තයේ උතුරු නගරයක් වන චියැං මායි වෙතද භූ කම්පනය දැනී ඇති බවද පැවසේ. මේ අතර චීනයේ මියන්මාරයට මායිම් වූ යුනාන් සහ ෂැන්සි පළාත්වලටද භූමිකම්පාව දැනී ඇති බවද වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
