
සිරි දළදා වන්දනාවට වංචනිකව මුදල් ගැරූ පුද්ගලයින්ට නිසි පියවර ගන්නැයි අස්ගිරි පාර්ශවය රජයෙන් ඉල්ලයි
සිරි දළදා වන්දනාව සඳහා වංචනික ලෙස අරමුදල් රැස්කරන පුද්ගලයින්ට එරෙහිව නිසි පියවර ගන්නා ලෙස අස්ගිරි මහා විහාරයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් රජයෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර, සිරි දළදා වන්දනාවට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම පවරා ඇත්තේ රජය, මහනුවර මහනගර සභාව සහ දළදා මාලිගවට බවයි දළදා තේවාව භාර, ඓතිහාසික මහියංගනය රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන් ප්‍රකාශ කළේ.
ඒ අනුව වෙනත් කිසිඳු පාර්ශ්වයකට සිරි දළදා වන්දනාව සම්බන්ධයෙන් කිසිඳු කටයුත්තක් පවරා නොමැති බව ද උන්වහන්සේ පැවසුවා.
ලබන අප්‍රේල් 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත සිරි දළදා වන්දනාව සඳහා අරමුදල් රැස්කිරීමට දායකත්වය ඉල්ලා ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ව්‍යාජ ප්‍රචාර සිදුකරමින් සිටින බවට අනාවරණය වුණා.
එවැනි දැන්වීම් සම්පූර්ණයෙන්ම ව්‍යාජ බවයි ශ්‍රී දළදා මාලිගාව ප්‍රකාශ කළේ.
සමාජ මාධ්‍ය ඔස්සේ එවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර මුදල් රැස්කිරීම සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා ප්‍රගතිශීලි තරුණ ව්‍යාපාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පැමිණිල්ලක් ද ගොනු කළ අතර ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට එම දෙපාර්තමේන්තුවට ඊයේ කැඳවා තිබුණා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
