චීන-ඇමරිකා රාජ්‍ය නායක හමුව ඇමරිකාවේ දී
ඇමරිකාවේ වේලාවෙන් නොවැම්බර් 15 වැනිදා, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි ෆිලෝලි වතුයායේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සමඟ හමුව පැවැත්වුණා.
ජෝ බයිඩන් ජනාධිපතිතුමා බාලි දූපතේදී හමුවී වසරක් ගත වී ඇති බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී සිහිපත් කර ඇති අතර ගෙවී ගිය වසර තුළ, බොහෝ දෑ සිදු වූ බව ද සදහන් කර තිබේ. කොවිඩ් වසංගතයෙන් පසු ලෝකය යළි ප්‍රකෘතිමත් වී ඇතත් වසංගතයෙන් මතුවූ විශාල බලපෑම්වලට තවමත් මුහුණ දෙමින් සිටී. ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පැවතියද එහි ගම්‍යතාවය ප්‍රමාණවත් නොවේ. කාර්මික හා සැපයුම් දාමයන්ට විවිධ බාධා එල්ල වී ඇති අතර ආරක්ෂණවාදය ද ඉහළ යමින් පැවතීම කැපී පෙනේ.
ගෙවී ගිය වසර 50කට වැඩි කාලයක් තුළ, වරින් වර විවිධ ප්‍රශ්න මතු වුව ද චීන ඇමරිකා සබඳතාව අඛණ්ඩව ඉදිරියට යමින් වර්ධනය වී ඇති බව ෂී ජින්පිං මහතා පැවසීය. මෙවැනි ප්‍රබල රටවල් දෙකක් අතර සබඳතා නොපැවතීම සිදු විය නොහැකි දෙයක් වන අතර එක රටක් අනෙක් රට වෙනස් කිරීමට උත්සාහ දැරීම යථාර්ථවාදී නොවේ. ගැටීමේ ප්‍රතිඵලය කිසිදු පාර්ශ්වයකට භාර ගත නොහැකි බව හෙතෙම අවධාරණය තිබේ.
ෂී ජින්පිං මහතා සිය මතය යළි ප්‍රකාශ කරමින් පැවසුවේ ප්‍රබල රටවල් අතර තරඟ කිරීම නූතන යුගයේ හරය බවට පත් නොවන බවයි. තරඟය ඔස්සේ චීනය, ඇමරිකාව හා ලෝකය මුහුණ දෙන ප්‍රශ්න විසඳිය නොහැකි ය. චීනය හා ඇමරිකාවේ පැවැත්මට පෘථිවියේ ප්‍රමාණවත් අවකාශයක් පවතී. දෙරටේ සාර්ථකත්වය එකිනෙකාට අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ඉතිහාසය හා සංස්කෘතිය, සමාජ ක්‍රම, සංවර්ධන ක්‍රියාමාර්ග යනාදියෙන් චීනය හා ඇමරිකාව අතර වෙනස්කම් තිබේ. එහෙත් අන්‍යෝන්‍ය වශයෙන් ගරු කිරීම, සාමකාමී සහපැවැත්ම, සහයෝගිතාවෙන් පොදු ජයග්‍රහණය ලබා ගැනීම දෙපාර්ශ්වය අනුගමනය කළහොත් මතභේද ඉක්මවා ප්‍රබල රටවල් දෙකක සබඳතාව මනාව පවත්වා ගැනීමේ නිවැරදි ක්‍රමය සොයා ගත හැකි ය. දෙරටේ සබඳතාවට දීප්තිමත් අනාගතයක් ඇති බව ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කර තිබේ.
චීන ඇමරිකා සබඳතාවේ නියමුවන් ලෙස තමාට හා ජෝ බයිඩන් ජනාධිපතිතුමාට, ජනතාව, ලෝකය හා ඉතිහාසය වෙනුවෙන් දැවැන්ත වගකීම් සම්භාරයක් ඇති බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. ජෝ බයිඩන් මහතා සමග දෙරටේ සබඳතාව පිළිබඳ ක්‍රමෝපායීය, පූර්ණ දෘෂ්ඨිය මෙන්ම දිශානනික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් මෙන්ම ලෝක සාමය හා සංවර්ධනයට සම්බන්ධ වැදගත් ප්‍රශ්න පිළිබඳව ද අදහස් හුවමාරු කරමින් නව එකඟතාවන්ට එළඹීමට හැකි වෙතැයි ෂී ජින්පිං මහතා අපේක්ෂා පළ කළේය.
ඇමරිකානු-චීන සම්බන්ධතාව ලොව වැදගත්ම ද්විපාර්ශ්වික සම්බන්ධතාවක් බවත්, ස්ථාවර ව සංවර්ධනය වන චීනයක් ඇමරිකාවට හා ලෝකයට යහපතක් රැගෙන එන බවත් ජෝ බයිඩන් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය. දෙරට අතර ගැටුම් මතුවීමට ඉඩකඩ තිබුණ ද එය වළක්වා ගත හැකි ය. බාලි දූපතේ හමුවේ දී තමා ලබාදුන් ප්‍රතිඥා අකුරටම පිළිපදින බව ජෝ බයිඩන් ජනාධිපතිවරයා යළි ප්‍රකාශ කළේ ය. නව සීතල යුද්ධයක් ආරම්භ නොකිරීම, චීනයේ ක්‍රමය වෙනස් නොකිරීම, සන්ධානගත සම්බන්ධතා යොදාගනිමින් චීනය මර්දනය නොකිරීම, තායිවානයේ ස්වාධීනත්වයට සහය නොදීම සහ චීනය සමග හිතාමතා ගැටුම් ඇතිකර නොගැනීම එම පොරොන්දු අතර ප්‍රධාන වේ.
අන්‍යෝන්‍ය ගෞරවය හා සාමකාමී සහජීවනය පදනම් කරගෙන විධිමත් සම්බන්ධීකරණයක් පවත්වමින් පොදු යහපත පවතින ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා පැවැත්වීමටත්, පවතින මතභේද සමනය කරමින් තරගකාරී සාධක වගකීම් සහගතව පාලනය කිරීමටත්, විවිධ ක්ෂේත්‍රවල දෙරට අතර පවතින සහයෝගිතා හා සංවාද තවදුරටත් ඉදිරියට ගෙන යාමටත් එහිදී නායක දෙපළ එකඟ වූහ. දෙරට දේශගුණ විපර්යාස අර්බුදයට එක්ව මුහුණ දීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණ. ඒ සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව විවිධ සහයෝගිතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.
මෙම හමුවෙන් පසු ඇමරිකානු ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයා වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීය. ඉන් අනතුරුව ජනාධිපතිවරු දෙපළ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර ෆිලෝලි (Filoli) වතුයායේ ඇවිදිමින් සුහද පිළිසඳරක ද නිරත වූහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්