
ඩේවිඩ්ලාගේ රටේ ආරක්ෂාව සඳහා බොරු චෝදනාමත අනෙකුත් රාජ්‍යයන්ට දෙන දඬුවම් නැවැත්විය යුතුයි - ලේකම්, ගෝලීය ශ්‍රී ලාංකික සංසදය
එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ඩේවිඩ් ලැමි විසින් හිටපු සන්නද්ධ හමුදා ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතූළු හතර දෙනෙකුට සම්බාධක පැනවීමෙන් එක්සත් රාජධානියේ ජාතික ආරක්ෂාවට යහපත් බව එක්සත් රාජධානිය පිළිගන්නා බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ලීඩර් වෙබ් අඩවිය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ලේකම් යසස් ධර්ම ශ්‍රී මහතාගෙන් අදහස් විමසා සිටියා. ඒ සම්බන්ධයෙන් ඔහු දැක්වූ පහත දැක්වේ..
"එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ඩේවිඩ් ලැමි ප්‍රකාශ කර තියෙනව හිටපු සන්නද්ධ හමුදා ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතූළු හතර දෙනෙකුට සම්බාධක පැනවීමෙන් එක්සත් රාජධානියේ ජාතික ආරක්ෂාවට යහපත් බව එක්සත් රාජධානිය පිළිගන්නා බව. මෙය කෙතරම් තිරස්චීන ප්‍රකාශයක්ද යන්න ඔවුන්ගේ පෙර ක්‍රියාකලාප හා පවතින්නාවු සාධක පිළිගන්න ඔවුන් කෙතරම් මැළිකමක් දක්වන්නේද යන්න පිළිබිඹු කරනව. ඉරාකය වනසා දැමීමේදීත් ඔවුන් භාවිතා කලේ සදාම් හුසේන් මහාපරිමාණ ප්‍රහාර සඳහා රසායනික අවි නිශ්පාදනය හා ගබඩා කිරීම කර ඇති බවට. නමුත් පසු කලෙක ඔවුන්ම පිළිගනු ලැබුවා ඒවාද අවබෝධයෙන් කල ප්‍රකාශ වර්ගයේ ප්‍රකාශ බව. අද එයින් ඉරාකයට පමණක් නොව ලොවට සිදුවී ඇති විනාශයන් කොතෙක්දැයි ගණනය කළ නොහැකියි. ඩේවිඩ්ලාට අපරාධකරුවන් හඳුනාගෙන දඬුවම් කිරීමට අවශ්‍යනම් ඔවුන් එය පටන්ගත යුත්තේ තමුන්ගේ රටේ දැනටත් ප්‍රසිද්ධියේ ජීවත්වෙන ඇඩිලේ බාලසිංහම් මහත්මියට ඳඬුවම් කිරීමෙනුයි. ඇය, එල්ටීටීඊ සංවිධානයේ න්‍යායාචාර්‍ය ඇන්ටම් බාලසිංහම්ගේ බිරිඳ, ප්‍රසිද්ධියේම ළමා සොල්දාදුවන් ප්‍රවර්ධනය කරා වගේම ළමා සොල්දාදුවන්ගේ ගෙලේ සයනයිඩ් කරල් පවා පැළඳුව.
එබැවින්, මේ බොරු චෝදනා කිරීම් හා මේ ආකාරයේ තිරස්චීන දඬුවම් පැමිණවීම් දියුණුයැයි කියාගන්නා රටවලින් සිදුනොකළ යුතුයි.
යුද සමයේ සිදුවූවායැයි ඔය කියනු ලබන චෝදනා කිසිවක් සත්‍ය නොවන බවට යුද විශේෂඥයින් සම්පාදනය කරන ලද වාර්තා හතක් තියෙනව. ඒවගේම එක්සත් රාජධානියේ මෙන්ම එක්සත් ජනපදයේ යුද විශේෂඥයින්ගේ ප්‍රකාශ හා වාර්තා තියෙනවා ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු නොවුන බවට. එසේම, එංගලන්තයේ සුප්‍රසිද්ධ නෙස්බි සාමිවරයා මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කර තිබෙනව එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යංශයේ රහස් ලේඛන අධ්‍යයනයෙන් පසුව ශ්‍රී ලංකාවේ කිසිදු යුද අපරාධයක් සිදුව නොමැති බවට. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාලීන වාර්තා තිබෙනව ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුනොවුන බව තහවුරු කරන. එසේම දෙමළ විමුක්ති කොටි සංවිධානයේ කාන්තා අංශයේ නායිකා තමිලිනීගේ සටහන් තහවුරු කරනව ශ්‍රී ලංකාවේ හමුදා කෙතරම් මානුෂික ආකාරයට කටයුතු කලේද යන්න බව. ටැමිල්නෙට් වෙබ් අඩවියවත් තහවුරු කරන්නෙ නෑ එසේ යුද අපරාධ සිදුවුන බවට.
මේ සියළු කරුණු අපේ රටට යහපත්ව පවතිද්දි අපේ රටේ විදේශ ඇමතිවරු තම කාර්‍යභාරය නිවැරදිව සිදුකළේ නැහැ. විශේෂයෙන්ම මහාචාර්‍ය ඇමතිවරයෙක් ඉතිහාසගතවෙන ලණුවක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට දුන්න. එනම් යුද අපරාධ චෝදනාවලට දී ඇති දඬුවම් වලින් මිදීමට මධ්‍යස්ථ දෙමළ ඩයස්පෝරාව "එන්ගේජ්" කරගත යුතුයි කියා. අවාසනාවට, ශවේන්ද්‍ර සිල්ව මැතිතුමාත් මේ ක්‍රමය පිළිගත්ත අපි යෝජනා කරන ලද "චෝදනාවලින් නිදොස් වීමට ස්වභාවික යුක්තිය නීතිය භාවිතා කළයුතුයි" යන්න බැහැර කරමින්.
අදටත් මේ ස්වභාවික යුක්තිය නීතිය වලංගුයි. එබැවින් අපි වත්මන් රජයෙන් ඉල්ලා සිටින්නේ ගෝඨාභයගේ රජයද අපොහොසත් වුණු අපේ රණවිරුවන් යුද අපරාධ චෝදනාවලින් නිදහස් කරගැනීම සඳහා වහා ඉදිරිපත්වන ලෙසයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
