
ගබ්සා කරන්න අලුත් නීතියක්
කළලයට බරපතළ ලෙස හානි සිදුව ඇති බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති අවස්ථාවක ගර්භිණීභාවය අවසන් කිරීම සඳහා වන නීති ඉදිරි වසර හතරහමාරක කාලය තුළ ගෙනඒමට අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අමාත්‍ය හර්ෂණ නානායක්කාර මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“මේ පනතට දක්වන සහයෝගය සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙනවා. මොකද මේ කරුණ අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අන්තර්ගත වන දෙයක්. අපි පැහැදිලි කළේ වටේ යෑමක්වත් ක්‍රියාත්මක නොකර සිටින දෙයක්වත් නොවෙයි. නමුත් යමක් සිදු කිරීමේදී ඇමැතිවරුන්ට තනියම කරන්න බැරි දේවල් තිබෙනවා. අපේ රජයට තව වසර හතරහමාරක් තිබෙනවා. මේ වැඩේ කරන්න අපිට තව අවුරුදු හතරහමාරක් යන්නෙ නැහැ. ඒක කිරීමේදී ගතයුතු පියවර තිබෙනවා. ඒවා කරනවා. නොකර ඉන්නවා කියන එක නෙවෙයි කියන්නේ. අප මේක සාර්ථකව කරනවා. මේක කඩිනමින් කරනවා.
මේ සම්බන්ධයෙන් සහ තවත් අණ පනත් හැට ගණනක් අධ්‍යයනය කරමින් සිටිනවා. මේවාට ක්‍රමවේද සකස් කළ යුතුයි. නීති කොමිසමට මේක දැම්මා. මේ මාස හතරහමාරේ කරන්න පුළුවන් වුණේ ඒක විතරයි. තව කාලය තිබෙන නිසා එම කාලය ඇතුළේ අපි මේක කළේ නැත්තම් අපිව විවේචනය කරන්න. කරන ක්‍රමවේදය, කරන විදිහයි අපි අවධානය යොමු කළ යුත්තේ.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
