පොලිස්පතිවරයෙක් ධුරයෙන් ඉවත් කළ හැක්කේ මෙහෙමයි
පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියකදී අදාළ යෝජනාව සලකාබැලීම සඳහා විමර්ශන කමිටුවක් පත්කළ යුතු බව මානව හිමිකම් ක්‍රියාකාරී මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.
රක්ෂිත බන්ධනාගාරගතව සිටින සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ධුරයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය සිදු කළයුතු ආකාරය පැහැදිලි කරමින් ඔහු ඒ බව පැවසීය.
"පොලිස්පතිවරයාව ඉවත් කරන්න යෝජනාව ගෙනාවම.. විමර්ශන කමිටුවක් පත් කරනවා. ඒ කමිටුවට මූලික වශයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු විසින් නම් කරනවා දැනට ඉන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්. පොලිස් කොමිසමේ සභාපතිවරයා, ඊළඟට පරිපාලනයේ ඉහළ නිලධාරියෙක්. මේ තුන්දෙනා අර ඉදිරිපත් කර තිබෙන යෝජනාවේ තිබෙන සියලුම කරුණු සලකාබලා ඒ අය නිර්දේශයක් දෙනවා. ඒ නිර්දේශය ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් සමග අඩකට වඩා වැඩි සංඛ්‍යාවකින් සම්මත වුණොත් තමයි පොලිස්පතිවරයාව ඉවත් කරන්න පුළුවන් වෙන්නේ."
රක්ෂිත බන්ධනාගාරගතව සිටින සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාවක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් අද කථානායකවරයාට භාරදෙනු ලැබීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි