ආණ්ඩුව ඩීසල් මාෆියාවට යටත් වී සුනිත්‍ය බල ව්‍යාපෘති අධෛර්මත් කිරීම ගැන පරිසරවේදීන්ගේ විරෝධය
ආණ්ඩුව ඩීසල් මාෆියාවට යටත් වී සුනිත්‍ය බල ව්‍යාපෘති අධෛර්මත් කිරීම ගැන පරිසරවේදීන්ගේ විරෝධය එල්ල වී ඇත. මේ සම්බන්ධයෙන් පරිසරවේදීන් විසින් ආණ්ඩුව ඉටු කළ යුතු යෝජනාවලියක් සකසා ඇති අතර එම යෝජනාවලිය පහත පරිදි වේ
රට සංවර්ධනය කර ගෙන යෑම බලාපොරොත්තු වන සියලු ශ්‍රී ලාංකිකයන් ගේ යෝජනා ලෙස පහත අදහස් ඔබ සැමගේ යෝජනා වෙනුවෙන් ඉදිරිපත් කිරීමට කැමතියි. මේ යෝජනා ඉදිරිපත් කල යුත්තේ ජනාධිපතිවරයාට බවත් කිව යුතුයි.
1. වහාම ක්‍රියාත්මක වන පරිදි සුර්ය බලය වෙනුවෙන් සිදු කිරීමට නියමිත RSTPV නව ගාස්තු සංශෝදනය රජය විසින් හකුලා ගත යුතුයි.
2. පුනර්ජනනිය බලශක්ති කර්මාන්තයේ පැවැත්ම අනතුරට වැටෙන මෙන්ම එහි සේවයේ නියැලෙන 60000 අධික පිරිසගේ රැකියා අනතුරේ වැටෙන කිසිදු තීරණයක් නොගත යුතුයි.
3. විදුලි ඉල්ලුම සහ සැපයුම නිසි පරිදි කළමනාකරණය කිරීම සදහා අපගේ බලශක්ති පද්ධතිය සුහුරු පද්ධතියක් ලෙස සංවර්ධනය කිරීමට මුල් තැන දිය යුතුයි.
4. සුර්යාලෝකය හොදින් පතිතවෙන දිනවල බලශක්ති පරිබෝජනය සදහා දිරිගැන්වෙන ගාස්තු ක්‍රමයක් හදුන්වා දීමෙන් කර්මාන්ත මෙන්ම ගෘහස්ත පාරිබෝගිකයන්ගේ පරිබෝජනය ඉහල නැංවීමට කටයුතු කල යුතුයි.
5. පුනර්ජනනිය බලශක්ති කර්මාන්තය හකුලිමෙන් වැලකි එකී කර්මාන්තයට අවශ්‍ය උපකරණ ජ්‍යාත්‍යන්තර ප්‍රමිතියෙන් රට තුල නිෂ්පාදනය කෙරෙන කර්මාන්ත සදහා දිරි ගැන්වීම් සිදුකල යුතුයි.
6. බලශක්ති ස්වෛරීභාවය සහ බලශක්ති සුරක්ෂිතතාවය ප්‍රමුකත්වයෙහිලා සැලකීම වෙනුවෙන් රටේ ඉදිරි පුනර්ජනනීය බලශක්ති ජනනය ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන කුළුණක් වශයෙන් සංවර්ධනය කිරීම කටයුතු කල යුතුයි. ඒ සදහා රජයේ සහ දේශීය සමාගම් වලට ප්‍රමුඛතාවය ලබා දිමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුයි. මේ සදහා සියලු මහා පරිමාණ බලශක්ති වියාපෘතියක් රජයේ හෝ ශ්‍රී ලංකික හවුල්කා රිත්වයකින් තොරව ගොඩ නැගීමෙන් වැළකිය යුතුයි.
7. සම්ප්‍රේෂණය පද්ධතියේ සමබරතාවය ඇති කරලීම සදහා අවශ්‍ය වන බලශක්ති ගබඩා ගොඩ නැගීම සදහා රජය පියවර ගත යුතුයි.
8. පුනර්ජනනිය බලශක්ති ජනනය මගින් රටේ කර්මාන්ත සහ එකක 200ට අඩු පරිබෝජනයක් සහිත ගෘහස්ත විදුලි පරිබෝගිකයන්හට අවම බලශක්ති මිලක් සහතික කිරීම සදහා කටයුතු කල යුතුයි. එය රජයේ නිල ප්‍රතිපත්තිය විය යුතුයි.
යෝජනා සැකසුම : සංඛ චන්දිම අභයවර්ධන
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..