
අයවැය අස්සේ පාර්ලිමේන්තුවේ වෙච්ච තවත් වැඩක් (ඡායාරූප)
2025 අයවැය විවාදය අතරතුරදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා මෙවරත් වාර්ෂික ගෘහස්ත ක්‍රීඩා උත්සවයක් පවත්වා තිබෙනවා. එහිදී පැවති මේස පන්දු තරගාවලියේදී කාන්තා ඉසව්වෙන් ජය වාර්තා කිරීමට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි සමත්ව ඇති අතර, ඇය සමග තරගකළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රාණී කිරිඇල්ලට අනුශූරතාවය හිමිව තිබෙනවා. එමෙන්ම, යුගල මේස පන්දු තරගාවලියේ ජය වාර්තා කිරීමටද නිලන්ති කොට්ටහච්චි සහ නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ සමත්ව තිබෙනවා. මෙහිදී තරග 06ක් පවත්වා ඇති අතර, පිරිමි මේස පන්දු ඉසව්වේ ජයග්‍රහණය පා. මන්ත්‍රී වරුණ ලියනගේත්, චෙස් ශූරතාවය පා. මන්ත්‍රී රාමනාදන් අර්චුනාත්, කැරම් අනුශූරතාවය ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේද, දාම් ශූරතාවය ධර්මසේන මන්ත්‍රීවරයාද, ස්නූකර් ශූරතාවය පා. මන්ත්‍රී ඩී. වී චානකත්, පූල් ශූරතාවය හිමිකර ගැනීමට පා. මන්ත්‍රී රෝහණ බණ්ඩාරත් සමත්වුණා. මෙහිදී, ත්‍යාග, කුසලාන සහ සහතිකපත් ප්‍රදානය අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය, පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක, ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා උත්සවය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මහලේකම් කුෂානි රෝහණධීර යන පිරිසගේ ප්‍රධානත්ත්වයෙන් සිදුකර තිබෙනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
