පුද්ගලයෙකු වසරකට පරිභෝජනය කළ යුත්තේ සීනි කිලෝ 10යි... අපි 34ක් කනවා
එක් පුද්ගලයෙකු වසරකට පරිභෝජනය කළ යුත්තේ සීනි කිලෝ දහයක් පමණ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබුණ ද මෙරට එක් පුද්ගලයෙකු වසරකට සීනි කිලෝ 34ක් ආහාරයට ගන්නා බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ ලෝක මුඛ සෞඛ්‍ය දින කමිටුවේ සභාපති විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක පවසයි.
කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඔහු පෙන්වාදුන්නේ, ශ්‍රී ලංකාව වැඩි පිරිසක් සීනි පරිභෝජනයට ගෙන දැත් දිරායෑම හා වෙනත් රෝග රැසකට මගපාදන සීනි අධි පරිභාජනයට ගන්නා රටක් වශයෙන් ඉතිහාසයට එක්වෙන බවයි.
ලෝක ජනගහණයෙන් 3.5 මුඛ රෝගවලින් පෙළෙන බවත් ලොව ඇති සුලභව දැකිය හැකි රෝග වන්නේ මුඛ රෝග බවත් ඔහු පැවැසුවේය.
මුඛ රෝගවලින් පෙළෙන පුද්ගලයන් හතරදෙනෙකුගෙන් තුන්දෙන්නකුම දුප්පත් රටවල දැකිය හැකි බව පෙන්වාදුන් වෛද්‍යවරයා පැහැදිළි කළේ, එය ගෝලීය ගැටළුවක් බවයි.
බෝ නොවන රෝවලින් වැඩිපුරම දැකිය හැකි රෝගය වන්නේ මුඛ රෝග බවත්, ලොව ජනගහණයෙන් සියයට 34 ක්ම දත් දිරා යෑමේ රෝගයට ගොඳුරු වී තිබෙන බවත් ඔහු පැවැසීය.
එම තත්ත්වය පාලනය කළ නොහැකි බවත්, මෙරට කුඩා දරුවන්ගෙන් වයස අවුරුදු 5ට අඩු දරුවන් අතර සියයට 63 ක් මුඛ රෝගවලින් පෙළෙන අතර දත්දිරා යෑම සියයට 63ක් පමණ වන බව පෙන්වා දිය හැකි බවත් ඔහු පවසයි.
එමෙන්ම විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක පවසන්නේ, නිරතුරුවම දන්ත වෛද්‍යවරුයෙක් හමුවී දත් පරික්ෂාව සිදුකර ගතයුතු බවයි.
ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපවලින් දත් මදින්නේ ලංකාවේ සියයට 75ක පමණ පිරිසක් බවත්, මෙරට සියයට 25ක් පමණ ප්‍රමාණයක් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප භාවිත නොකරන බවත් ඔහු පවසයි.
මේ අතර මුඛ සෞඛ්‍ය දිනය අදට (මාර්තු 20) යෙදී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..