ස්ට්‍රෝබෙරි වගා කිරීමෙන් හෙක්ටයාරයකින් ඇමරිකන් ඩොලර් 117,600ක්
දේශීය ආයෝජකයින් පිරිසක් විසින් අපනයනය ඉලක්ක කර ගනිමින් ස්ට්‍රෝබෙරි වගා කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතියකට කෘෂිකර්ම අමාත්‍යාංශය අනුමැතිය ලබා දුන්නේය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර හා ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී මෙම ව්‍යාපෘතියට අනුමැතිය ලබා දීමටත්, කඩිනමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහාත් අනුමැතිය ලබා දී තිබේ.
ස්ට්‍රොබෙරි සඳහා ලෝක වෙළඳපළ තුළ ඉහළ ඉල්ලුමක් ඇතත් තවමත් නවීන තාක්ෂණය යොදා ගනිමින් වගා නොකිරීම නිසා අපේ රටේ වගා කෙරෙන ස්ට්‍රෝබෙරි සඳහා පවතින්නේ අවම ඉල්ලුමකි. ස්ට්‍රෝබෙරි අපනයනය කරන රටවල් අතර ශ්‍රී ලංකාවට හිමිවී තිබෙන්නේ 57වන ස්ථානයයි. වාර්ෂිකව සීඝ්‍රෙයන් ඉහළ යන වෙළෙඳපලක් ස්ට්‍රොබෙරි සතුවන අතර මෘදු පලතුරක් වශයෙන් ස්ට්‍රොබෙරි අතිශය ජනප්‍රිය පලතුරකි.
මෙම නව ව්‍යාපෘතිය සඳහා නුවරඑළියේ ඇති කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ඉඩම්වලින් හෙක්ටෙයාර් එකක් පළමු අදියර යටතේ නියාමන ව්‍යාපෘතියක් වශයෙන් ලබා දීමට එකඟත්වය පළ කර තිබේ. ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව ඉන්පසු අවශ්‍ය වුවහොත් හෙක්ටෙයාර් 10ක් දක්වා ස්ට්‍රොබෙරි වගාව සඳහා ලබා දිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
නව තාක්ෂණය යොදා ගැනීම මගින් ස්ට්‍රොබෙරි වගා කළහොත් වසරකට හෙක්ටෙයාර් එකකින් ඇමරිකන් ඩොලර් 117,600 ආදායමක් උපයා ගැනිමට හැකි වේ. එමෙන්ම හෙක්ටයාර් එකකින් කිලෝ 120,000ක අස්වැන්නක් ලබා ගැනීමට ද හැකියාව තිබේ. එමෙන්ම හෙක්ටයාර් එකක් වගා කිරීම සඳහා ආයෝජනය කරන මුදල රුපියල් මිලියන 250කි.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?