
ස්ට්‍රෝබෙරි වගා කිරීමෙන් හෙක්ටයාරයකින් ඇමරිකන් ඩොලර් 117,600ක්
දේශීය ආයෝජකයින් පිරිසක් විසින් අපනයනය ඉලක්ක කර ගනිමින් ස්ට්‍රෝබෙරි වගා කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතියකට කෘෂිකර්ම අමාත්‍යාංශය අනුමැතිය ලබා දුන්නේය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර හා ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී මෙම ව්‍යාපෘතියට අනුමැතිය ලබා දීමටත්, කඩිනමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහාත් අනුමැතිය ලබා දී තිබේ.
ස්ට්‍රොබෙරි සඳහා ලෝක වෙළඳපළ තුළ ඉහළ ඉල්ලුමක් ඇතත් තවමත් නවීන තාක්ෂණය යොදා ගනිමින් වගා නොකිරීම නිසා අපේ රටේ වගා කෙරෙන ස්ට්‍රෝබෙරි සඳහා පවතින්නේ අවම ඉල්ලුමකි. ස්ට්‍රෝබෙරි අපනයනය කරන රටවල් අතර ශ්‍රී ලංකාවට හිමිවී තිබෙන්නේ 57වන ස්ථානයයි. වාර්ෂිකව සීඝ්‍රෙයන් ඉහළ යන වෙළෙඳපලක් ස්ට්‍රොබෙරි සතුවන අතර මෘදු පලතුරක් වශයෙන් ස්ට්‍රොබෙරි අතිශය ජනප්‍රිය පලතුරකි.
මෙම නව ව්‍යාපෘතිය සඳහා නුවරඑළියේ ඇති කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ඉඩම්වලින් හෙක්ටෙයාර් එකක් පළමු අදියර යටතේ නියාමන ව්‍යාපෘතියක් වශයෙන් ලබා දීමට එකඟත්වය පළ කර තිබේ. ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව ඉන්පසු අවශ්‍ය වුවහොත් හෙක්ටෙයාර් 10ක් දක්වා ස්ට්‍රොබෙරි වගාව සඳහා ලබා දිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
නව තාක්ෂණය යොදා ගැනීම මගින් ස්ට්‍රොබෙරි වගා කළහොත් වසරකට හෙක්ටෙයාර් එකකින් ඇමරිකන් ඩොලර් 117,600 ආදායමක් උපයා ගැනිමට හැකි වේ. එමෙන්ම හෙක්ටයාර් එකකින් කිලෝ 120,000ක අස්වැන්නක් ලබා ගැනීමට ද හැකියාව තිබේ. එමෙන්ම හෙක්ටයාර් එකක් වගා කිරීම සඳහා ආයෝජනය කරන මුදල රුපියල් මිලියන 250කි.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
