අලුත් වාහන ගැටළුව අවසන් කරන්න තවත් ගැසට්ටුවක්
රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන 400 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට බාධාවක් වූ, එම වාහන මෙරටට එවීම සඳහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ බියුරෝ වෙරිටාස් කාර්යාංශයට ඒ සඳහා බලය ලබා දෙමින් සහ වාහන රේගුවෙන් නිදහස් කිරීමට තිබෙන අනෙකුත් බාධාවන් ඉවත්කරමින් ඉතාමත් ඉක්මණින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ඒ පිළිබඳ අප පුවත්පත රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර සිටියේ රේගුවේ සිරවී තිබෙන වාහන නිදහස් කිරීම සඳහා වන අවශ්‍යතා සපුරාලමින් ගැසට් පත්‍රයක් නිකුත් වීමට නියමිත බවත් එම ගැසට් පත්‍රය ඉතා ඉක්මණින් නිකුත් වනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.
බලාපොරොත්තු වන ආකාරයට එලෙස ගැසට් පත්‍රය නිකුත් වුවහොත් රේගුවේ හිරවී තිබෙන වාහන නිදහස් කිරීම ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ඒ මහතා පැවැසුවේය.
රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන මුදා හැරීමට බාධාවක්ව තිබුණේ එම වාහන මෙරටට ආනයනය කිරීම සඳහා ජපානයෙන් අපනයන පරීක්ෂණ සහතික ලබාගත් සමාගම යැයි රේගු මාධ්‍ය ප්‍රකාශවරයා ප්‍රකාශ කළේය. ගැසට් පත්‍රය නිකුත්වීමත් සමග ජපානයෙන් ආනයනය කළ වාහන සම්බන්ධයෙන් මතුව තිබූ අර්බුදය අවසාන වනු ඇති බවත් මෙම ගැටළුව නිරාකරණය වනු ඇතැයි අපේක්ෂා කරන බවත් අරුක්ගොඩ මහතා පැවැසුවේය.
පළමු නැව පැමිණ දවස් 20 කට වඩා වැඩි බවද ඔහු ප්‍රකාශ කළේය. සිරවී තිබෙන වාහන වෙළඳපොළ පැමිණි විට වාහන මිල පහළ යනු ඇති බවත් වාහන තවදුරටත් රේගුවේ සිර වුවහොත් වාහන මිල ඉහළ යා හැකි බවත් වාහන අපනයන කරුවෝ පෙන්වා දුන්හ.
ඒ හේතුවෙන් වාහන නිදහස් කිරීමට ඇති බාධා ඉවත් කරමින් හැකි ඉක්මණින් නව ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි