News Category
From Date
To Date
Maximum Number of Result

ඔස්කාර් සම්මානලාභී චිත්‍රපටය රතු හමුදාව පිළිබඳ මුසාවාද පතුරුවයි

Mar 19, 2025 at 04:07 PM
|

ජෙසී අයිසන්බර්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලද A Real Pain (R ශ්‍රේණිගත කර ඇත) චිත්‍රපටය මෙවර ඔස්කාර් සිනමා උළෙලේදී හොඳම සහය නළුවාට හිමි සම්මානය ලබා ගැනීමට සමත්ව තිබේ. එහෙත් එම චිත්‍රපටය සෝවියට් රතු හමුදාව දෙවෙනි ලෝක යුද්ධයේදී කළ කාර්යභාර්ය සම්බන්ධයෙන් අපහාසාත්මක මතයක් ප්‍රචාරය කිරීමටත් ප්‍රේක්ෂකයා තුළ රුසියානු භීතිකාවක් නිර්මාණය කිරීමට දායක වී තිබේ.මේ සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යාංශයේ තොරතුරු සහ මාධ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන උපදේශක නිකොලායි ලක්හොනින් විසින් ලියන ලද විවේචනයක් ලංකා ලීඩර් ප්‍රේක්ෂකයාගේ පරිශීලනය සඳහා මෙසේ පළ කරමු.




ඔස්කාර් සම්මානලාභී චිත්‍රපටය රතු හමුදාව පිළිබඳ මුසාවාද පතුරුවයි

වාර්ෂික ඔස්කාර් ඇකඩමි සම්මාන උළෙල මුළු ලෝකයේම අවධානය සහ ආකර්ෂණය දිනා ගන්නා චිත්‍රපට උළෙලකි. පසුගියදා  තවත් එවැනි ඔස්කාර් ඇකඩමි සම්මාන උළෙලක් පැවැත්විණි. අපි රුසියානු නළු නිළියන් යොදා ගනිමින් කළ ඇමරිකානු චිත්‍රපටයක් වන අනෝරා (R ශ්‍රේණිගත කර ඇත) ගැන නොව (ඔවුන්ගේ විශිෂ්ට සාර්ථකත්වයට අපි ඔවුන්ට සුබ පතන්නෙමු), ජෙසී අයිසන්බර්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලද  A Real Pain  ( R ශ්‍රේණිගත කර ඇත) චිත්‍රපටය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කැමැත්තෙමු.

එය ඇමරිකානුවන් විසින් ප්‍රධාන වශයෙන් ඇමරිකානුවන් සඳහා සහ ඇමරිකානුවන් ගැන නිර්මාණය කරන ලද ඇමරිකානු චිත්‍රපටයකි. මෙය වැදගත් ය. මෙම චිත්‍රපටය සමුළ ඝාතනයෙන් දිවි ගලවා ගත් ඇමරිකානු පරම්පරාවේ සංජානනයේ ඓතිහාසික මතකය සම්බන්ධයෙන් නිර්මානය වූවකි.චිත්‍රපටය "නිශ්චිත ප්‍රතිඵලයකට තුඩු දෙන සිදුවීම් මාලාවක් හෝ ක්‍රියාමාර්ගයකට යොමුවන" චිත්‍රපටයක් ලෙස කාණ්ඩ ගත කර ඇත. ප්‍රධාන චරිත සිහිවටන සහිත ස්ථාන වෙත ගමන් කරයි. පෝලන්ත අගනුවර පිහිටි ස්මාරක දැන හඳුනා ගනී. එලෙසම  මජ්ඩනෙක් රැඳවුම් කඳවුරෙහි කෞතුකාගාරයටද යයි. චිත්‍රපටය දැනටමත් මිලියන ගණනක් නරඹා තිබේ. චිත්‍රපටයට හොඳම සහය නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනාගැනීම හේතුවෙන් ඊටත් වඩා පිරිසක් එය නරඹනු ඇත. එවැනි චිත්‍රපටවල තිර රචකයින් බලවත් ආඛ්‍යාන ඉදිරිපත් කරයි. අපේ රටට(රුසියාවට ) අදාළ වැදගත්ම සිදුවීම් පිළිබඳ විකෘති දැක්මක් ඒවායේ අඩංගු බැවින්, අපට නිහඬව සිටිය නොහැක.

රතු හමුදාව සම්බන්ධ මිථ්‍යාව

චිත්‍රපටය නරඹන්නා දකින්නේ සහ අසන්නේ කුමක්ද? ෆ්‍රෙඩ්රික් චොපින්ගේ සංගීතයට වෝර්සෝහි සුන්දර දසුන්, ස්ටැලින්වාදී මොඩලයට ඉදිවුනු උස් ගොඩනැගිල්ලක් වන සංස්කෘතික මාලිගය ඇතුළුව. “වේදනාව, දුක් වේදනා පමණක් නොව ශ්‍රී විභූතිය පිළිබඳ” සංචාරය තාර්කිකව ආරම්භ වන්නේ සිරගත කරන ලද පදිංචිකරුවන්ගේ 1943 නැගිටීම සංකේතවත් කරන යුදෙව් ජනාවාස වීරයන්ගේ ස්මාරකය අසලින්. ඝාතනයට රැගෙන ගිය යුදෙව්වන් පිළිබඳ මිථ්‍යාව මැසිවිලි නැඟීමකින් තොරව ප්‍රචාරය කර හැරීම ඔහුට වැදගත් බව බ්‍රිතාන්‍ය මාර්ගෝපදේශකයා අවධාරණය කරයි. ඒ අනුව බටහිර රටවල නරඹන්නන් එක් වැරදි වැටහීමකින් සාර්ථකව මිදෙයි, එය නිසැකවම හොඳ දෙයකි. නමුත් ඔවුන්ගේ සෙසු රටවැසියන් එනම් වීරෝදාර ලෙස ප්‍රතිවිරෝධය දැක්වූ වාර්ගික පෝලන්ත ජාතිකයන්, කැරලිකාර යුදෙව්වන්ට උදව් කිරීමට අසමත් වූයේ මන්දැයි ප්‍රේක්ෂකයන්ට පැහැදිලි කිරීමට වක්‍ර උත්සාහයක්වත් ගෙන නැත.

නමුත් චිත්‍රපටයේ ඊළඟ දර්ශනය තවත් මිථ්‍යාවක් තහවුරු කරයි. 1944 වෝර්සෝ නැගිටීමේ ස්මාරකය වෙත ළඟා වෙමින්, බ්‍රිතාන්‍ය මාර්ගෝපදේශකයා ප්‍රකාශ කරන්නේ අමුතුම හා බියජනක කොටස ජර්මානුවන් විසින් වෝර්සෝ නැගිටීම මර්දනය කිරීම නොව (එය බොහෝ විට එතරම් බියජනක නොවූ) නමුත් රුසියානුවන් විසින් ඉටු කරන ලද භූමිකාව බවයි. වෝර්සෝ ණගිටීමට දායක වූ පිරිස් බේරා ගැනීමට රතු හමුදාව නොපැමිණි බවට බොරුව කිසිදු සන්දර්භයකින් තොරව ප්‍රවර්ධනය කර බලාත්මක කරනු ලබන්නේ එලෙසයි.

මෙම සාහසික බොරුව ප්‍රවර්ධනය කරන් කොටස නොතිබුනේ නම්, අපි මෙම චිත්‍රපටය ගැන කිසිසේත් කතා නොකර සිටීමට ඉඩ තිබුනි. ඊළඟට, ප්‍රධාන චරිතය, එනම් රතු හමුදාව විසින්  සමූළ ඝාතනයෙන් දිවි ගලවා බේරා දුන් කාන්තාවකගේ මුනුපුරා, කැරලිකරුවන් වෙනුවෙන් ඉදි කරන ලද ස්මාරකය ඉදිරිපට සිට සමූහ ඡායාරූපයක් ගැනීමට යෝජනා කරයි. ඔහුගේ වචන වලින් කිවහොත්, එම ස්මාරක ඉදි වන්නේ "කාල්කණ්නි රුසියානුවෙඔ" සහ "ක්‍රෝට්ස්" වරුන්ට එරෙහිව සටන් කළ පිරිස් වෙනුවෙනි. රුසියානුවන් හැඳින්වීමට මෙම වචනය භාවිත කිරීම සම්පූර්ණයෙන්ම අපහාසාත්මක සහ විදේශික භීතිකාවක් ඇති කරන එක් ක්‍රමයකි. චොපින්ගේ සංගීතයට අනුව, නූතන පෝලන්ත භූමියේ සටන්වලදී මියගිය සෝවියට් සොල්දාදුවන් 600,000 ක් සිහිපත් කරමින් ඔහු නොසැලිකිලිමත් ද්‍රශනයක් රූපගත කර තිබුණේ එලෙසිනි. ඇත්ත වශයෙන්ම, මෙම චරිතය චිත්‍රපටයේ අඩක් ගල් ගැසී ඇවිද යන අතර මේ නිසා ඔහුගේ රංග භූමිකාව ඔහුට ඔස්කාර් සම්මානයක් දිනා දුන්නේය. තවද, ජෙසී අයිසන්බර්ග් ඔහුගේ කෘතියට කෙතරම් වෙහෙස මහන්සි වී ප්‍රවේශ වූවාද යන්න අනුව විනිශ්චය කරන විට, ඔහුගේ චිත්‍රපටයේ කිසිවක් අහම්බෙන් සිදු නොවේ. මජ්ඩනෙක් කෞතුකාගාර භූමියේ රූගත කිරීම් සාකච්ඡා කිරීමට පමණක් ඔහුට මාස අටක් ගත විය.

එය කෙබඳුද?

1944 වෝර්සෝ නැගිටීමේ ඓතිහාසික සන්දර්භය ගැඹුරින් සොයා නොබැලීමට චිත්‍රපට අධ්‍යක්ෂවරයා තීරණය කිරීම හේතුවෙන් සෝවියට් පාර්ශවය සමඟ සම්බන්ධීකරණය නොවූ අතර රතු හමුදාවේ සහ පෝලන්ත ස්වදේශීය හමුදාවේ පාර්ශවයන්ට ගෙවීමට සිදුවූ ජීවිත පිළිබඳව සාකච්ඡාවට බඳුන් නොවේ. ඒ අනුව, චිත්‍රපටයේ රුසෝෆෝබික් රේඛා සහ ඛ්න්ඩ්නයන් යන කොටස් දෙකම හිතාමතාම පිටපතට ඇතුළත් කර ඇත. ප්‍රශ්නය වන්නේ එසේ කළේ කවුරුන් විසින්ද? වෙනත් දිනාක අධ්‍යක්ෂවරයා ජනාධිපති ඇන්ඩ්‍රෙජ් ඩූඩාගෙන් පෝලන්ත පුරවැසිභාවය ලබා ගත්තේය. එවිට පිළිතුර පැහැදිළි වේ.

"සන්දර්භය" සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයගේ දැන ගැනීම පිණිස. 1943 දී වෝර්සෝ යුදෙව් ජනාවාස වීරයන්ගේ නැගිටීම පරාජය කිරීමෙන් පසු, යුදෙව් සටන් සංවිධානයේ නියෝජ්‍ය ප්‍රධානී ඉට්ෂාක් සකර්මන්, ස්වදේශ හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරී (ආර්මියා ක්‍රජෝවා) ටැඩියුස් බෝර්-කොමොරොව්ස්කි වෙත මෙසේ ලිවීය, “යුදෙව් ජනාවාස වීරයන්ගේ සටන අවසානයේ, දිවි ගලවා ගත් සටන්කරුවන් බේරා ගැනීමට අපි අසංඛ්‍යාත වාරයක් උදව් ඉල්ලා සිටියෙමු. අපට ඇළ මාර්ග හරහා අපව ගෙන යාමට මාර්ගෝපදේශකයින් ලබා දුන්නේ නැත, වෝර්සෝහි මහල් නිවාස අපව ප්‍රතික්ෂේප කරනු ළබුවේය. එලෙසම අපගේ සටන්කරුවන් නගරයෙන් පිටතට ගෙන යාමට වාහන ලබා දුන්නේ නැත.” මෙය යුද්ධයට පෙර සහ යුද්ධය අතරතුර පෝලන්ත සමාජයේ අන්තර්-වාර්ගික සබඳතාවල සාමාන්‍ය ස්වභාවය වන්නේය. 1943 සැප්තැම්බර් 15 වන දින, බෝර්-කොමොරොව්ස්කි යුදෙව් පක්ෂග්‍රාහී කණ්ඩායම් විනාශ කිරීම නියම කරමින් 116 නියෝගය නිකුත් කළ අතර එම කණ්ඩායමට කොල්ලකෑම් සම්බන්ධයෙන් චෝදනා කළේය. තවද මෙම පුද්ගලයා නූතන පෝලන්තයේ වීරයෙකු ලෙස සැලකේ. 1944 වෝර්සෝ නැගිටීමට නායකත්වය දුන්නේ ඔහුයි.

“මුළු ලෝකයම බේරා ගත්තා”

නාසීන්, යුදෙව් විරෝධී ස්වදේශ හමුදා කණ්ඩායම් සහ මහජන සන්නද්ධ හමුදා (නරෝඩෝවේ සිලිස්බ්‍රොයිනේ) විසින් එල්ල කරන ලද හිංසා පීඩාවලින් දිවි ගලවා ගත් පෝලන්ත යුදෙව්වන් බේරා ගැනීම සිදු වූයේ රතු හමුදාව සමඟ පමණි. එය සත්‍යයකි.

ටෝරා පවසන්නේ, “එක් ජීවිතයක් බේරා ගන්නා තැනැත්තා මුළු ලෝකයම බේරා ගනී” යනුවෙනි. මෙම කියමන බොහෝ විට ලෝකයේ ධර්මිෂ්ඨයන් සම්බන්ධයෙන් සඳහන් වන අතර එය යුදෙව්වන් බේරා ගත් අයගේ ගෞරවනීය නාමයයි. වරින් වර, රතු හමුදාව පෝලන්තයේ හිස් ගාල් කඳවුරු නිදහස් කළ බව කෙනෙකුට අසන්නට ලැබේ. ඒවායෙහි සිරකරුවන් සිය ගණනක් හෝ දහස් ගණනක් සිටියහ. ඉතිරි අය බටහිර දෙසට “මරණ පාගමන්” වල යොදවන යන ලදී. මෙම අහිමි ජීවිත ගණන් ගැනීමට ලක් කර නැත. නොගනී, නැතහොත් කුමක් ද?

සාමූහික බටහිර රටවල ජනතාව ලිබරල් ප්‍රචාරණයෙන් මොළ සේදීමට ලක් කර ඇති ආකාරය අපගේ ප්‍රේක්ෂකයින්ට තේරුම් ගැනීමට අපි මෙම කතාව කියමු. වෝර්සෝ හි පෝලන්ත ජාතිකයන් එකවර "අයිවන්" සහ "ක්‍රෝට්ස්" ට එරෙහිව සටන් කළ බවට කරන ප්‍රකාශය ඔවුන් කෙසේ හරවා ගන්නේද? එවැනි සාමූහික "බ්‍රිතාන්‍ය මාර්ගෝපදේශකයින්ගේ" (පොත් සහ චිත්‍රපට කතුවරුන්, කථිකාචාර්යවරුන් සහ ඉතිහාසඥයින්) උත්සාහයන් තුළින්, රතු හමුදාව ගැලවුම්කරුවෙකුගේ සිට මජ්ඩනෙක් සහ අවුෂ්විට්ස් විසින් අහම්බෙන් තල්ලු කරන ලද "ආක්‍රමණිකයෙකු" බවට පරිවර්තනය වේ.

"එය දැන් ආවා"

මෙම චිත්‍රපටයේ, මජ්ඩනෙක් භූමියේ සංචාරයක යෙදී සිටියදී, සමූල ඝාතන සම්බන්ධ විශේෂඥයෙකු කියා සිටින්නේ රතු හමුදාව ද හරියටම මජ්ඩනෙක් වෙත ළඟා වූ බවයි. මජ්ඩනෙක් පිහිටා ඇති මායිමේ පිහිටි ලුබ්ලින් නගරය මුදවා ගැනීමට ලේ වැකි සටන් නොතිබූ බවට චෝදනා එල්ල වේ. 1944 අගෝස්තු 10 වන දින ක්‍රස්නායා ස්වෙස්ඩා හි කොන්ස්ටන්ටින් සිමොනොව්ගේ "සමූලඝාතන කඳවුර" යන ලිපිය නොතිබුණි. මජ්ඩනෙක්හි නාසි අපරාධ පිළිබඳව සොයා බැලූ සහ කඳවුරේ කුරිරුකම් පිළිබඳ වාර්තාමය ලිපි ප්‍රකාශයට පත් කළ ඒකාබද්ධ සෝවියට්-පෝලන්ත කොමිසමක් නොතිබූ අතර, එහිදී යුදෙව්වන් 200,000 ක් පමණ සහ අනෙකුත් ජනවාර්ගික පුද්ගලයින් 100,000 ක් පමණ සමූලඝාතනය කරන ලදී.

රතු හමුදාව සඳහා වූ එක ස්මාරකයක්වත් චිත්‍රපටයේ පෙන්වා නැත. පෝලන්තයේ එවැන්නක් තවත් ඉතිරිව නැත. ස්මාරක 500 කට වඩා කඩා දමා ඇත. ක්‍රස්නිස්ටෝ හි ස්මාරකය ඇතුළුව චිත්‍රපටයේ පෙන්වන ඒවා පෝලන්ත ජාතිකයින් වෙනුවෙන් කැප කර ඇත. නමුත් ඒවා "කොමියුනිස්ට්වාදීන් යටතේ" ඉදිකරන ලද අතර "ඒකාධිපතිවාදය උත්කර්ෂයට නැංවීම" සඳහා පෝලන්ත ජාතික අනුස්මරණ ආයතනය විසින් ඒවා උත්කර්ශයට ලක්  කරන ලදී.

මෙය ඉවසා සිටීමට ක්‍රමයක් නැත

සමූළ ඝාතනයේ මතකය නිහඬව තබා ගන්නා බටහිර සංවිධාන අපි හෙළ දකින්නේ නැත. ඊටත් වඩා දරුණු අවස්ථාවන්හිදී ඔවුන් දිගු කලක් නිහඬව සිට ඇත. සමාජය ඒ සම්බන්ධයෙන් කුමක් කළ යුතු දැයි විමසීම වඩා වැදගත් ය.

පළමුව, එවැනි සිදුවීමක් නොඉවසිය යුතු හෝ නොසලකා හැරීමට ඉඩ නොදිය යුතු අතර, ඒ වෙනුවට රුසියානු භීතිකාවෙන් පෙලෙන්නන් විසින් පහර දෙන සෑම අවස්ථාවකම ඓතිහාසික සත්‍යය තහවුරු කළ යුතුය.

දෙවනුව, එවැනි නිෂ්පාදන අදහස් දැක්වීමකින් තොරව අපගේ තොරතුරු අවකාශයට ඇතුළු වීමට ඉඩ නොදිය යුතුය. "චිත්‍රපටයේ ප්‍රචණ්ඩත්වය, දුම්පානය ආදිය පිළිබඳ දර්ශන අඩංගු වේ" වැනි අනතුරු ඇඟවීම් වලට රුසියානු භිතිකාව පිළිබඳ සඳහනක් එකතු නොකරන්නේ මන්ද? එය ඓතිහාසික මුසාකරනයන්ට එරෙහිව විශිෂ්ට එන්නතක් වනු ඇත.

එවැනි "විශිෂ්ට කෘති" ගැන ප්‍රචණ්ඩත්වය පළ කරන අපගේ මාධ්‍යවේදීන් ඔවුන්ගේ ලේඛනවල වැඩි අවධානයක් යොමු කරන ලෙස අපි දිරිමත් කරමු. රංගනය සහ සංවාද පමණක් නොව, තිර රචකයින් විසින් දක්වා ඇති අර්ථයන් ද සලකා බැලීමට අපි නිර්දේශ කරමු.

Oscar-winning film lies about the Red Army

සම්බන්ධිත පුවත් | Related News

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.
ඉරානයේ සහාය ලබන හූති සටන්කාමීන් සෞදි අරාබියේ ගුවන් තොටුපොළ දෙකක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබේ.
සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විවේචනවලට චීනයෙන් දැඩි ප්‍රතිචාරයක් – චීනය පිළිබඳ “බොරු නිර්මාණය කර ප්‍රචාරය කිරීම” නවත්වන ලෙස ඉල්ලයි.
යේමනයේ හූති ව්‍යාපාරය හෙවත් අන්සාර් අල්ලාහ් (Ansar Allah) සංවිධානය, සෞදි අරාබියේ ප්‍රධානතම ගුවන් තොටුපොළක් වන රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සෘජු හා නිවැරදි මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ප්‍රකාශ කර තිබේ.
සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.
පළමු වරට පර්සියානු බොක්ක, හෝමුස් සමුද්‍ර සන්ධිය, ඕමාන් මුහුද හෝ උතුරු ඉන්දියානු සාගරය තුළ කිසිදු ඇමරිකානු නෞකාවක් නොමැති බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ප්‍රකාශ කර තිබේ.

ප්‍රධාන පුවත්

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.