News Category
From Date
To Date
Maximum Number of Result

ඔස්කාර් සම්මානලාභී චිත්‍රපටය රතු හමුදාව පිළිබඳ මුසාවාද පතුරුවයි

Mar 19, 2025 at 04:07 PM
|

ජෙසී අයිසන්බර්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලද A Real Pain (R ශ්‍රේණිගත කර ඇත) චිත්‍රපටය මෙවර ඔස්කාර් සිනමා උළෙලේදී හොඳම සහය නළුවාට හිමි සම්මානය ලබා ගැනීමට සමත්ව තිබේ. එහෙත් එම චිත්‍රපටය සෝවියට් රතු හමුදාව දෙවෙනි ලෝක යුද්ධයේදී කළ කාර්යභාර්ය සම්බන්ධයෙන් අපහාසාත්මක මතයක් ප්‍රචාරය කිරීමටත් ප්‍රේක්ෂකයා තුළ රුසියානු භීතිකාවක් නිර්මාණය කිරීමට දායක වී තිබේ.මේ සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යාංශයේ තොරතුරු සහ මාධ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන උපදේශක නිකොලායි ලක්හොනින් විසින් ලියන ලද විවේචනයක් ලංකා ලීඩර් ප්‍රේක්ෂකයාගේ පරිශීලනය සඳහා මෙසේ පළ කරමු.




ඔස්කාර් සම්මානලාභී චිත්‍රපටය රතු හමුදාව පිළිබඳ මුසාවාද පතුරුවයි

වාර්ෂික ඔස්කාර් ඇකඩමි සම්මාන උළෙල මුළු ලෝකයේම අවධානය සහ ආකර්ෂණය දිනා ගන්නා චිත්‍රපට උළෙලකි. පසුගියදා  තවත් එවැනි ඔස්කාර් ඇකඩමි සම්මාන උළෙලක් පැවැත්විණි. අපි රුසියානු නළු නිළියන් යොදා ගනිමින් කළ ඇමරිකානු චිත්‍රපටයක් වන අනෝරා (R ශ්‍රේණිගත කර ඇත) ගැන නොව (ඔවුන්ගේ විශිෂ්ට සාර්ථකත්වයට අපි ඔවුන්ට සුබ පතන්නෙමු), ජෙසී අයිසන්බර්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලද  A Real Pain  ( R ශ්‍රේණිගත කර ඇත) චිත්‍රපටය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කැමැත්තෙමු.

එය ඇමරිකානුවන් විසින් ප්‍රධාන වශයෙන් ඇමරිකානුවන් සඳහා සහ ඇමරිකානුවන් ගැන නිර්මාණය කරන ලද ඇමරිකානු චිත්‍රපටයකි. මෙය වැදගත් ය. මෙම චිත්‍රපටය සමුළ ඝාතනයෙන් දිවි ගලවා ගත් ඇමරිකානු පරම්පරාවේ සංජානනයේ ඓතිහාසික මතකය සම්බන්ධයෙන් නිර්මානය වූවකි.චිත්‍රපටය "නිශ්චිත ප්‍රතිඵලයකට තුඩු දෙන සිදුවීම් මාලාවක් හෝ ක්‍රියාමාර්ගයකට යොමුවන" චිත්‍රපටයක් ලෙස කාණ්ඩ ගත කර ඇත. ප්‍රධාන චරිත සිහිවටන සහිත ස්ථාන වෙත ගමන් කරයි. පෝලන්ත අගනුවර පිහිටි ස්මාරක දැන හඳුනා ගනී. එලෙසම  මජ්ඩනෙක් රැඳවුම් කඳවුරෙහි කෞතුකාගාරයටද යයි. චිත්‍රපටය දැනටමත් මිලියන ගණනක් නරඹා තිබේ. චිත්‍රපටයට හොඳම සහය නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනාගැනීම හේතුවෙන් ඊටත් වඩා පිරිසක් එය නරඹනු ඇත. එවැනි චිත්‍රපටවල තිර රචකයින් බලවත් ආඛ්‍යාන ඉදිරිපත් කරයි. අපේ රටට(රුසියාවට ) අදාළ වැදගත්ම සිදුවීම් පිළිබඳ විකෘති දැක්මක් ඒවායේ අඩංගු බැවින්, අපට නිහඬව සිටිය නොහැක.

රතු හමුදාව සම්බන්ධ මිථ්‍යාව

චිත්‍රපටය නරඹන්නා දකින්නේ සහ අසන්නේ කුමක්ද? ෆ්‍රෙඩ්රික් චොපින්ගේ සංගීතයට වෝර්සෝහි සුන්දර දසුන්, ස්ටැලින්වාදී මොඩලයට ඉදිවුනු උස් ගොඩනැගිල්ලක් වන සංස්කෘතික මාලිගය ඇතුළුව. “වේදනාව, දුක් වේදනා පමණක් නොව ශ්‍රී විභූතිය පිළිබඳ” සංචාරය තාර්කිකව ආරම්භ වන්නේ සිරගත කරන ලද පදිංචිකරුවන්ගේ 1943 නැගිටීම සංකේතවත් කරන යුදෙව් ජනාවාස වීරයන්ගේ ස්මාරකය අසලින්. ඝාතනයට රැගෙන ගිය යුදෙව්වන් පිළිබඳ මිථ්‍යාව මැසිවිලි නැඟීමකින් තොරව ප්‍රචාරය කර හැරීම ඔහුට වැදගත් බව බ්‍රිතාන්‍ය මාර්ගෝපදේශකයා අවධාරණය කරයි. ඒ අනුව බටහිර රටවල නරඹන්නන් එක් වැරදි වැටහීමකින් සාර්ථකව මිදෙයි, එය නිසැකවම හොඳ දෙයකි. නමුත් ඔවුන්ගේ සෙසු රටවැසියන් එනම් වීරෝදාර ලෙස ප්‍රතිවිරෝධය දැක්වූ වාර්ගික පෝලන්ත ජාතිකයන්, කැරලිකාර යුදෙව්වන්ට උදව් කිරීමට අසමත් වූයේ මන්දැයි ප්‍රේක්ෂකයන්ට පැහැදිලි කිරීමට වක්‍ර උත්සාහයක්වත් ගෙන නැත.

නමුත් චිත්‍රපටයේ ඊළඟ දර්ශනය තවත් මිථ්‍යාවක් තහවුරු කරයි. 1944 වෝර්සෝ නැගිටීමේ ස්මාරකය වෙත ළඟා වෙමින්, බ්‍රිතාන්‍ය මාර්ගෝපදේශකයා ප්‍රකාශ කරන්නේ අමුතුම හා බියජනක කොටස ජර්මානුවන් විසින් වෝර්සෝ නැගිටීම මර්දනය කිරීම නොව (එය බොහෝ විට එතරම් බියජනක නොවූ) නමුත් රුසියානුවන් විසින් ඉටු කරන ලද භූමිකාව බවයි. වෝර්සෝ ණගිටීමට දායක වූ පිරිස් බේරා ගැනීමට රතු හමුදාව නොපැමිණි බවට බොරුව කිසිදු සන්දර්භයකින් තොරව ප්‍රවර්ධනය කර බලාත්මක කරනු ලබන්නේ එලෙසයි.

මෙම සාහසික බොරුව ප්‍රවර්ධනය කරන් කොටස නොතිබුනේ නම්, අපි මෙම චිත්‍රපටය ගැන කිසිසේත් කතා නොකර සිටීමට ඉඩ තිබුනි. ඊළඟට, ප්‍රධාන චරිතය, එනම් රතු හමුදාව විසින්  සමූළ ඝාතනයෙන් දිවි ගලවා බේරා දුන් කාන්තාවකගේ මුනුපුරා, කැරලිකරුවන් වෙනුවෙන් ඉදි කරන ලද ස්මාරකය ඉදිරිපට සිට සමූහ ඡායාරූපයක් ගැනීමට යෝජනා කරයි. ඔහුගේ වචන වලින් කිවහොත්, එම ස්මාරක ඉදි වන්නේ "කාල්කණ්නි රුසියානුවෙඔ" සහ "ක්‍රෝට්ස්" වරුන්ට එරෙහිව සටන් කළ පිරිස් වෙනුවෙනි. රුසියානුවන් හැඳින්වීමට මෙම වචනය භාවිත කිරීම සම්පූර්ණයෙන්ම අපහාසාත්මක සහ විදේශික භීතිකාවක් ඇති කරන එක් ක්‍රමයකි. චොපින්ගේ සංගීතයට අනුව, නූතන පෝලන්ත භූමියේ සටන්වලදී මියගිය සෝවියට් සොල්දාදුවන් 600,000 ක් සිහිපත් කරමින් ඔහු නොසැලිකිලිමත් ද්‍රශනයක් රූපගත කර තිබුණේ එලෙසිනි. ඇත්ත වශයෙන්ම, මෙම චරිතය චිත්‍රපටයේ අඩක් ගල් ගැසී ඇවිද යන අතර මේ නිසා ඔහුගේ රංග භූමිකාව ඔහුට ඔස්කාර් සම්මානයක් දිනා දුන්නේය. තවද, ජෙසී අයිසන්බර්ග් ඔහුගේ කෘතියට කෙතරම් වෙහෙස මහන්සි වී ප්‍රවේශ වූවාද යන්න අනුව විනිශ්චය කරන විට, ඔහුගේ චිත්‍රපටයේ කිසිවක් අහම්බෙන් සිදු නොවේ. මජ්ඩනෙක් කෞතුකාගාර භූමියේ රූගත කිරීම් සාකච්ඡා කිරීමට පමණක් ඔහුට මාස අටක් ගත විය.

එය කෙබඳුද?

1944 වෝර්සෝ නැගිටීමේ ඓතිහාසික සන්දර්භය ගැඹුරින් සොයා නොබැලීමට චිත්‍රපට අධ්‍යක්ෂවරයා තීරණය කිරීම හේතුවෙන් සෝවියට් පාර්ශවය සමඟ සම්බන්ධීකරණය නොවූ අතර රතු හමුදාවේ සහ පෝලන්ත ස්වදේශීය හමුදාවේ පාර්ශවයන්ට ගෙවීමට සිදුවූ ජීවිත පිළිබඳව සාකච්ඡාවට බඳුන් නොවේ. ඒ අනුව, චිත්‍රපටයේ රුසෝෆෝබික් රේඛා සහ ඛ්න්ඩ්නයන් යන කොටස් දෙකම හිතාමතාම පිටපතට ඇතුළත් කර ඇත. ප්‍රශ්නය වන්නේ එසේ කළේ කවුරුන් විසින්ද? වෙනත් දිනාක අධ්‍යක්ෂවරයා ජනාධිපති ඇන්ඩ්‍රෙජ් ඩූඩාගෙන් පෝලන්ත පුරවැසිභාවය ලබා ගත්තේය. එවිට පිළිතුර පැහැදිළි වේ.

"සන්දර්භය" සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයගේ දැන ගැනීම පිණිස. 1943 දී වෝර්සෝ යුදෙව් ජනාවාස වීරයන්ගේ නැගිටීම පරාජය කිරීමෙන් පසු, යුදෙව් සටන් සංවිධානයේ නියෝජ්‍ය ප්‍රධානී ඉට්ෂාක් සකර්මන්, ස්වදේශ හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරී (ආර්මියා ක්‍රජෝවා) ටැඩියුස් බෝර්-කොමොරොව්ස්කි වෙත මෙසේ ලිවීය, “යුදෙව් ජනාවාස වීරයන්ගේ සටන අවසානයේ, දිවි ගලවා ගත් සටන්කරුවන් බේරා ගැනීමට අපි අසංඛ්‍යාත වාරයක් උදව් ඉල්ලා සිටියෙමු. අපට ඇළ මාර්ග හරහා අපව ගෙන යාමට මාර්ගෝපදේශකයින් ලබා දුන්නේ නැත, වෝර්සෝහි මහල් නිවාස අපව ප්‍රතික්ෂේප කරනු ළබුවේය. එලෙසම අපගේ සටන්කරුවන් නගරයෙන් පිටතට ගෙන යාමට වාහන ලබා දුන්නේ නැත.” මෙය යුද්ධයට පෙර සහ යුද්ධය අතරතුර පෝලන්ත සමාජයේ අන්තර්-වාර්ගික සබඳතාවල සාමාන්‍ය ස්වභාවය වන්නේය. 1943 සැප්තැම්බර් 15 වන දින, බෝර්-කොමොරොව්ස්කි යුදෙව් පක්ෂග්‍රාහී කණ්ඩායම් විනාශ කිරීම නියම කරමින් 116 නියෝගය නිකුත් කළ අතර එම කණ්ඩායමට කොල්ලකෑම් සම්බන්ධයෙන් චෝදනා කළේය. තවද මෙම පුද්ගලයා නූතන පෝලන්තයේ වීරයෙකු ලෙස සැලකේ. 1944 වෝර්සෝ නැගිටීමට නායකත්වය දුන්නේ ඔහුයි.

“මුළු ලෝකයම බේරා ගත්තා”

නාසීන්, යුදෙව් විරෝධී ස්වදේශ හමුදා කණ්ඩායම් සහ මහජන සන්නද්ධ හමුදා (නරෝඩෝවේ සිලිස්බ්‍රොයිනේ) විසින් එල්ල කරන ලද හිංසා පීඩාවලින් දිවි ගලවා ගත් පෝලන්ත යුදෙව්වන් බේරා ගැනීම සිදු වූයේ රතු හමුදාව සමඟ පමණි. එය සත්‍යයකි.

ටෝරා පවසන්නේ, “එක් ජීවිතයක් බේරා ගන්නා තැනැත්තා මුළු ලෝකයම බේරා ගනී” යනුවෙනි. මෙම කියමන බොහෝ විට ලෝකයේ ධර්මිෂ්ඨයන් සම්බන්ධයෙන් සඳහන් වන අතර එය යුදෙව්වන් බේරා ගත් අයගේ ගෞරවනීය නාමයයි. වරින් වර, රතු හමුදාව පෝලන්තයේ හිස් ගාල් කඳවුරු නිදහස් කළ බව කෙනෙකුට අසන්නට ලැබේ. ඒවායෙහි සිරකරුවන් සිය ගණනක් හෝ දහස් ගණනක් සිටියහ. ඉතිරි අය බටහිර දෙසට “මරණ පාගමන්” වල යොදවන යන ලදී. මෙම අහිමි ජීවිත ගණන් ගැනීමට ලක් කර නැත. නොගනී, නැතහොත් කුමක් ද?

සාමූහික බටහිර රටවල ජනතාව ලිබරල් ප්‍රචාරණයෙන් මොළ සේදීමට ලක් කර ඇති ආකාරය අපගේ ප්‍රේක්ෂකයින්ට තේරුම් ගැනීමට අපි මෙම කතාව කියමු. වෝර්සෝ හි පෝලන්ත ජාතිකයන් එකවර "අයිවන්" සහ "ක්‍රෝට්ස්" ට එරෙහිව සටන් කළ බවට කරන ප්‍රකාශය ඔවුන් කෙසේ හරවා ගන්නේද? එවැනි සාමූහික "බ්‍රිතාන්‍ය මාර්ගෝපදේශකයින්ගේ" (පොත් සහ චිත්‍රපට කතුවරුන්, කථිකාචාර්යවරුන් සහ ඉතිහාසඥයින්) උත්සාහයන් තුළින්, රතු හමුදාව ගැලවුම්කරුවෙකුගේ සිට මජ්ඩනෙක් සහ අවුෂ්විට්ස් විසින් අහම්බෙන් තල්ලු කරන ලද "ආක්‍රමණිකයෙකු" බවට පරිවර්තනය වේ.

"එය දැන් ආවා"

මෙම චිත්‍රපටයේ, මජ්ඩනෙක් භූමියේ සංචාරයක යෙදී සිටියදී, සමූල ඝාතන සම්බන්ධ විශේෂඥයෙකු කියා සිටින්නේ රතු හමුදාව ද හරියටම මජ්ඩනෙක් වෙත ළඟා වූ බවයි. මජ්ඩනෙක් පිහිටා ඇති මායිමේ පිහිටි ලුබ්ලින් නගරය මුදවා ගැනීමට ලේ වැකි සටන් නොතිබූ බවට චෝදනා එල්ල වේ. 1944 අගෝස්තු 10 වන දින ක්‍රස්නායා ස්වෙස්ඩා හි කොන්ස්ටන්ටින් සිමොනොව්ගේ "සමූලඝාතන කඳවුර" යන ලිපිය නොතිබුණි. මජ්ඩනෙක්හි නාසි අපරාධ පිළිබඳව සොයා බැලූ සහ කඳවුරේ කුරිරුකම් පිළිබඳ වාර්තාමය ලිපි ප්‍රකාශයට පත් කළ ඒකාබද්ධ සෝවියට්-පෝලන්ත කොමිසමක් නොතිබූ අතර, එහිදී යුදෙව්වන් 200,000 ක් පමණ සහ අනෙකුත් ජනවාර්ගික පුද්ගලයින් 100,000 ක් පමණ සමූලඝාතනය කරන ලදී.

රතු හමුදාව සඳහා වූ එක ස්මාරකයක්වත් චිත්‍රපටයේ පෙන්වා නැත. පෝලන්තයේ එවැන්නක් තවත් ඉතිරිව නැත. ස්මාරක 500 කට වඩා කඩා දමා ඇත. ක්‍රස්නිස්ටෝ හි ස්මාරකය ඇතුළුව චිත්‍රපටයේ පෙන්වන ඒවා පෝලන්ත ජාතිකයින් වෙනුවෙන් කැප කර ඇත. නමුත් ඒවා "කොමියුනිස්ට්වාදීන් යටතේ" ඉදිකරන ලද අතර "ඒකාධිපතිවාදය උත්කර්ෂයට නැංවීම" සඳහා පෝලන්ත ජාතික අනුස්මරණ ආයතනය විසින් ඒවා උත්කර්ශයට ලක්  කරන ලදී.

මෙය ඉවසා සිටීමට ක්‍රමයක් නැත

සමූළ ඝාතනයේ මතකය නිහඬව තබා ගන්නා බටහිර සංවිධාන අපි හෙළ දකින්නේ නැත. ඊටත් වඩා දරුණු අවස්ථාවන්හිදී ඔවුන් දිගු කලක් නිහඬව සිට ඇත. සමාජය ඒ සම්බන්ධයෙන් කුමක් කළ යුතු දැයි විමසීම වඩා වැදගත් ය.

පළමුව, එවැනි සිදුවීමක් නොඉවසිය යුතු හෝ නොසලකා හැරීමට ඉඩ නොදිය යුතු අතර, ඒ වෙනුවට රුසියානු භීතිකාවෙන් පෙලෙන්නන් විසින් පහර දෙන සෑම අවස්ථාවකම ඓතිහාසික සත්‍යය තහවුරු කළ යුතුය.

දෙවනුව, එවැනි නිෂ්පාදන අදහස් දැක්වීමකින් තොරව අපගේ තොරතුරු අවකාශයට ඇතුළු වීමට ඉඩ නොදිය යුතුය. "චිත්‍රපටයේ ප්‍රචණ්ඩත්වය, දුම්පානය ආදිය පිළිබඳ දර්ශන අඩංගු වේ" වැනි අනතුරු ඇඟවීම් වලට රුසියානු භිතිකාව පිළිබඳ සඳහනක් එකතු නොකරන්නේ මන්ද? එය ඓතිහාසික මුසාකරනයන්ට එරෙහිව විශිෂ්ට එන්නතක් වනු ඇත.

එවැනි "විශිෂ්ට කෘති" ගැන ප්‍රචණ්ඩත්වය පළ කරන අපගේ මාධ්‍යවේදීන් ඔවුන්ගේ ලේඛනවල වැඩි අවධානයක් යොමු කරන ලෙස අපි දිරිමත් කරමු. රංගනය සහ සංවාද පමණක් නොව, තිර රචකයින් විසින් දක්වා ඇති අර්ථයන් ද සලකා බැලීමට අපි නිර්දේශ කරමු.

Oscar-winning film lies about the Red Army

සම්බන්ධිත පුවත් | Related News

කොළඹ වරායට අභියෝගයක් එල්ල කරමින් කේරලයේ විසිංජාම් අන්තර්ජාතික ගැඹුරු ජල බහු කාර්ය වරාය විවෘත කර තිබේ.
කාශ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.
ඉන්දියා – පාකිස්තාන ගැටුම්කාරී තත්ත්වය යළි දරුණු වී ඇති පසුබිමක පකිස්ථානය හිමිකාරිත්වය දරණ සහ පකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන් යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර ඇත.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන සතියේ පැවැත්වෙන විරුදින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා රුසියාවට නොපැමිණෙන බව ක්‍රෙම්ලිනය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට විශේෂ අවසරයක් ලබාදී තිබේ.
කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේදී සංචාරකයින්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ඉන්දියාවේ හමුදා ආක්‍රමණයක් ආසන්න බව පාකිස්ථාන ආරක්ෂක ඇමති ඛවාජා මුහම්මද් අසීෆ් ප්‍රකාශ කර ඇත.
මිලියන 63කට අධික පරිශීලකයින්ගෙන් යුත් පාකිස්තාන යූ ටියුබ් නාලිකා 16 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.
පාකිස්තානයට එරෙහිව හමුදා ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දියාව සූදානම් බවත් ප්‍රහාරයේ ස්වභාවය සාකච්ඡා කරමින් සිටින බවත් ඉන්දීය රජයේ ඉහළ බලධාරියකු ඉන්දියන් එක්ප්‍රස් පුවත්පතට ප්‍රකාශ කර තිබේ.
බංග්ලාදේශයේ චිතගෝන් කඳුකරයේ බෞද්ධයන්ගේ නිවාස බංග්ලාදේශ රජයේ හමුදාව මගින් පරීක්ෂාවට ලක්කරන බවත්, එම බෞද්ධයන්ගේ භූමියට වැඩි වැඩියෙන් හමුදාව යෙදවීමට බංග්ලාදේශ රජය මේ වන විට කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

ප්‍රධාන පුවත්

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.