ආණ්ඩුව කියන්නේ බොරුලු... රනිල් ආණ්ඩුවේ සල්ලි වලින් පවුලේ ගමන් ගිහින් නැතිලු ... රනිල්ගෙන් නිවේදනයක්
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා රජයේ වියදමින් කිසිදු පෞද්ගලික සංචාරයක නිරත වී නැතැයි රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රනිල් ආණ්ඩුවේ මුදලින් පෞද්ගලික සංචාර ගොස් ඇතැයි කෙරුණු සියලු ප්‍රකාශ සාවද්‍ය බව ද එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් සඳහන් වේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය රජයේ මුදල් වැය කරමින් වර්ෂ 2023 දී ලන්ඩනයේ සංචාරයක නිරත වූ බවට කෙරුණු ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යය.
රනිල් වික්‍රමසිංහ මහතා 2023 වර්ෂයේදී තුන්වරක් ලන්ඩනයේ සංචාරය කරනු ලැබීය. ප්‍රථම සංචාරය 2023 මැයි 09 වැනි දින කරනු ලැබුවේ iii වැනි චාල්ස් රජතුමාගේ අභිෂේක උත්සවයට සහභාගී වීම සඳහාය.දෙවැනි වර පැරිස් සමුළුවට සහභාගී වන අතරතුර ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රිකයින්ගේ සංගමයේ (IDU)2023 සැසි වාරයට සඳහා ලන්ඩන් නුවරට ගියේය.
හවානා නුවර පැවැති G 77 සමුළුවට සහභාගි වීමෙන් පසුව නිව්යෝක් නුවරටත්, ඉන් අනතුරුව ලන්ඩන් නගරයටත් පැමිණීම තුන්වැනි සංචාරයේදී සිදුවිය.
මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට වුල්වර් හැම්ප්ටන්(Wolverhampton) විශ්ව විද්‍යාලයෙන් මහාචාර්ය පදවිය ප්‍රදානය කිරීමේ උත්සවය මෙ දින වලදී වුල්වර් හැම්ප්ටන් හි පැවැත්විණි.
රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගී වූයේ නිව්යෝක් නුවරට ගොස් පැමිණෙන අතර වාරයේදීය.
පෞද්ගලික සංචාරයක් සඳහා රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු අවස්ථාවක ලන්ඩන් නුවරට ගොස් නැත.මේ සංචාර වලදී රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායකයින් රැසක් හමුවීම ද සිදුකරනු ලැබීය.
එසේම ජනපති බිරිඳ ලෙස මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඒ අතරතුර දී ජාත්‍යන්තර මට්ටමින් සංවිධානය කෙරුණු රැස්වීම් ,මැඩමුළු ආදියට ද සහභාගී වූවාය.
ඒ උත්සවයට රනිල් වික්‍රමසිංහ මහතාටද ආරාධනා කර තිබිණි. නිව්යෝක් නුවර සිට ඒ උත්සවයට පැමිණ දිවා කාලයෙන් පසුව ලන්ඩන් නගරයෙන් පිටවීමට කලින් සැලසුම් කර තිබුණද එදින පස්වරුවේ හමුවීම් කිහිපයක් පැවැති බැවින් එය පසු දිනයට කල් දැමිණි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිලධාරීන් සහභාගී වූ ලන්ඩන් සංචාරයක් සඳහා ප්‍රකාශ කෙරුණු ආකාරයේ අධික මුදලක් වැය වූයේ යැයි පැවසීම අතිශය ගැටලු සහගතය.
රාජ්‍යතාන්ත්‍රික වශයෙන් කරන සංචාර පිළිබඳ වත්මන් රජයට අවබෝධයක් නැති බව මෙ කරුණු හමුවේදී ද පැහැදිලි වෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..