බටලන්ද වාර්තාව ආණ්ඩුවේ තවත් නාටකයක්
බටලන්ද වාර්තාව ආණ්ඩුවේ තවත් නාටකයක් වන බවත් එසේම වාර්තාව ආණ්ඩුව පිළිගත්තා නම් ජවිපෙ භීෂකයන්ට දඬුවම් දෙන්නේද යන්න තමන් ප්‍රශ්න කරන බවත් පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කර සිටියේම පක්ෂ කාර්යාලයේදී ඊයේ පක්ෂ කාර්යාලයේදී ඊයේ (17දා) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට දඩුවම් කිරීම ආණ්ඩුවේ ලොකුම බොරුව වන බවද කී ගම්මන්පිළ මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද සඳහන් කළේය.
“පසුගිය සිකුරාදා සභානායක බිමල් රත්නායක මැතිතුමා බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළා. ආණ්ඩුව කියන විධියට මේ වාර්තාව සභාගත කලේ ඇමති මණ්ඩල තීරණයක් අනුව. ඒ කියන්නේ ඇමති මණ්ඩලය තීරණය කළා කියන්නේම මේ වාර්තාව ආණ්ඩුව පිළි අරගෙන තිබෙනවා කියන ඒකයි. මේ වාර්තාවේ තුන්වැනි පරිච්ඡේදය වෙන් කරලා තිබෙන්නේ ජවිපෙ භීෂණය ගැන කියන්න.
ඒ පරිච්ඡේදයට අනුව එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් විතරක් 1960ක් ජවිපේ ත්‍රස්තවාදයෙන් මරා දැමනවා, මෙන්ම පොලීසියේ හමුදාවේ සාමාජිකයින් පමණක් නොව පොලීසියේ සහ හමුදාවේ අයගේ පවුල්වල අය මරා දැමීම ගැන චෝදනාව එල්ල වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණටයි. මිනීමැරීම් කවුරු කළත් ඒක වැරදියි. එජාපයේ රාජ්‍ය ත්‍රස්තවාදයත් වැරදියි. ඒ වගේම ජවිපෙ ත්‍රස්තවාදයත් වැරදියි. දැන් ආණ්ඩුව මේ වාර්තාව පිළිඅරගෙන තිබෙන නිසා මේ වාර්තාවේ ජවිපෙ කළ මිනීමැරීම් සම්බන්ධයෙන් ගන්නා තීන්දුව මොකක්ද කියන එකත් රටට කිව යුතුයි.
චන්ද්‍රිකා ජනාධිපතිතුමිය බටලන්ද වාර්තාව යට ගැහුව්වා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නෑ. ඒක ඩීල් එකක් යනාදි වශයෙන් මාලිමා මන්ත්‍රීවරුන් කතා කරනවා. මේ කතා ඇහුව්වාම අපට පේන්නේ මේ අය මේ වාර්තාව අධ්‍යයනය කරනවා තබා ඇස් දෙකටවත් දැකලා නැති බවයි.චන්ද්‍රිකා මැතිනිය යට ගහපු බටලන්ද වාර්තාව ඔන්න අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා කියලා මාලිමා නායකයන් පුරසාරම් කිව්වාට එතුමිය බටලන්ද වාර්තාව යට ගැහුව්වේ නෑ.
2000 මාර්තු මාසයේ දී රජයේ ප්‍රකාශන කාර්යාංශය විසින් බටලන්ද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මුද්‍රණය කර ප්‍රසිද්ධ කළා. ඒක දැන් අන්තර්ජාලයේ සිංහල භාෂාව දෙමළ භාෂාව හා ඉංග්‍රීසි භාෂව යන භාෂා තුනේනම තිබෙනවා. ඒ විතරක් නොවේ. ආණ්ඩුව වෙනුවෙන්එවකට ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයා වූ විජයපාල මෙන්ඩිස් ඇමතිතුමා 2001 මාර්තු 29 දින පාර්ලිමේන්තුවේ සභාගත කළා. ඒයෙම නෑයි කියලා හිතාගෙන බොරු කියන මාලිමා ආණඩුවේ නායකයන් 2001 මාර්තු මස 21 වැනි දින හැන්සාඩ් වාර්තාවේ 1581 පිටුව බලන්න. එවිට වාර්තාව සභාගත කළාය කියන සාක්ෂිය ඔබට හමුවෙයි.
මේ මාලිමාවේ නායකයන් කියන කතාවක් තමා අපි බටලන්ද මිය ගිය ජනතාවට යුක්තිය ඉටු කරනවා. රනිල්ට දඬුවම් කරනවා. රනිල්ගේ ප්‍රජා අයිතිය නැති කරනවා වගේ ලොකු පුරසාරම් දොඩනවා. අපි මේ දවස් වල දකිනවා මේ වගේ ලොකු පොරොන්දු මාලිමා නායකයන් දුන්නාට මේ කොමිෂන් සභා වාර්තාව පුස්සක්. මේකෙන් රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගන්නවත් ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නවත් කිසිම පදනමක් සපයලා නෑ .ඇයි අපි ඒහෙම කියන්නේ.
1948 විමර්ශන කොමිෂන් සභා පනතින් පිහිටුවන කොමිෂන් සභාවලට පුළුවන් යම්කිසි කාරණයක් ගැන තොරතුරු සොයලා තමන්ගේ නිර්දේශ සමග වාර්තා කිරීමයි. යම් කිසි පුද්ගලයෙකු වැරදිකරුවෙකුද නිවැරදිකරුවකුද කියලා තීරණය කිරීමේ අධිකරණ බලයක් නෑ. දඬුවම් නිර්දේශ කරන්න මේ පනතින් පිහිටුවන කොමිෂන් සභාවලට බෑ. පාස්කු කොමිසම විමර්ශන කොමිසමකට මෑත කාලයේ තියෙන හොඳම උදාහරණයක්.
1977 විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා නීතිය යටතේ පිහිටුවන විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවලට අධිකරණ බලයක් තිබෙනවා. එහි සාමාජිකයන් විය හැක්කේ විනිසුරන්ට පමණයි. ඒ කොමිෂන් සභාවලට යම් අයෙකු වැරදිකරුද නිවැරදි කරුද තීරණය කරලා ප්‍රජා අයිතිය අහිමි කරන්න නිර්දේශ කරන්න පුළුවන්. ඒ පනත යටතේ මෙතෙක් පිහිටුවලා ඇත්තේඑකමඑක කොමිෂන් සභාවක් විතරයි.
ඒ තමයි හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ මැතිනියගේත් හිටපු අමාත්‍ය ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රජා අයිතිය අහිමි කරන්න 1980 පිහිටුවපු කොමිෂන් සභාව. ඒ පිළිබඳ ඇති වුණු විවේචන නිසා මේ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා නැවත පිහිටුවූයේ නෑ.
බටලන්ද කොමිසම විමර්ශන කොමිසමක් විතරයි. ඒකට තීන්දු දෙන්න බලයක් නෑ. ඒ නිසාම ඒ කොමිසමෙන් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා වැරදිකරු කරලාත් නෑ. ප්‍රජා අයිතිය අහිමි කරන්න නිර්දේශ කරලාත් නෑ. එහෙම නම් මේ කොමිසමෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජා අයිතිය අහිමි කරන්න නිර්දේශ කරලා තියෙනවාය ඒ අනුව අපි ප්‍රජා අයිතිය අහෝසි කරන්න කටයුතු කරනවාය යනුවෙන් මාලිමා මන්ත්‍රීවරුන් කියන්නේ තවත් එක් ලොකු පචයක්ද?.
මාලිමා පච වැලට එක්වුණ අලුත් පචයක්ද රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රජා අයිතය අහෝසි කිරීම. මේ අය ඔය වාර්තාව නොකියවා හරිහැටි තේරුම් නොගෙන කතා කිරීම නිසා තමයි සුපුරුදු පරිදි මේ ආණ්ඩුව නැවත වතාවක් අමාරුවේ වැටෙන්නේ. දැන් මොකද්ද මේ වාරතාවෙන් කියන්නේ සමහර පොලිස් නිලධාරින් පුදගලයන් නිතිවිරෝධීව අත්අඩංගුවට අරගෙන වද හිංසා දීලා නිදහස් කරාම මේ අය ගිහිල්ලා මූලික අයිතිවාසිකම් නඩු දානවා.
වින්දිතයන් පොලිස් නිලධාරින්ට නඩු දාලා වැරදිකරුවන් වුණාම නඩු දාපු එකේ තරහා පිරිමහන්න නැවත අත්අඩංගුවට ගැනීම් ගැන මේ වාර්තාවේ තිබෙනවා. ඒ නිසා වාර්තාවේ තිබෙන එක නිර්දේශයක් තමයි දිගින් දිගටම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කරන අයගේ ප්‍රජා අයිතිය අහිමි කරන්න ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට බලය දෙන්න කියන එක. ඒක සිතා මතා රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න නිර්දේශ කර තිබෙන බවට වැරදි මතයක් හදනවා. එය පටලවා ගත්තාද හිතා මතා එසේ කරගත්තාද කියන්න දන්නේ ආණ්ඩුව විතරයි.
එහෙම නම් ජනතාවගේ ඇත්ත ප්‍රශ්න අමතක කරන්න ආණ්ඩුව වරින් වර රඟ දක්වන සෙව්වන්දි සොකරිය, පොලිස්පති කෝලම, කථානායක රූකඩ නැටුම වගේමයි බටලන්දත් නාඩගමක් විතරයි කියන එක අපි ප්‍රකාශ කරනවා.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..