News Category
From Date
To Date
Maximum Number of Result

බටලන්ද වාර්තාව ආණ්ඩුවේ තවත් නාටකයක්

Mar 18, 2025 at 08:04 AM
|

බටලන්ද වාර්තාව ආණ්ඩුවේ තවත් නාටකයක් වන බවත් එසේම වාර්තාව ආණ්ඩුව පිළිගත්තා නම් ජවිපෙ භීෂකයන්ට දඬුවම් දෙන්නේද යන්න තමන් ප්‍රශ්න කරන බවත් පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කර සිටියේම පක්ෂ කාර්යාලයේදී ඊයේ පක්ෂ කාර්යාලයේදී ඊයේ (17දා) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට දඩුවම් කිරීම ආණ්ඩුවේ ලොකුම බොරුව වන බවද කී ගම්මන්පිළ මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද සඳහන් කළේය.

“පසුගිය සිකුරාදා සභානායක බිමල් රත්නායක මැතිතුමා බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළා. ආණ්ඩුව කියන විධියට මේ වාර්තාව සභාගත කලේ ඇමති මණ්ඩල තීරණයක් අනුව. ඒ කියන්නේ ඇමති මණ්ඩලය තීරණය කළා කියන්නේම මේ වාර්තාව ආණ්ඩුව පිළි අරගෙන තිබෙනවා කියන ඒකයි. මේ වාර්තාවේ තුන්වැනි පරිච්ඡේදය වෙන් කරලා තිබෙන්නේ ජවිපෙ භීෂණය ගැන කියන්න.

ඒ පරිච්ඡේදයට අනුව එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් විතරක් 1960ක් ජවිපේ ත්‍රස්තවාදයෙන් මරා දැමනවා, මෙන්ම පොලීසියේ හමුදාවේ සාමාජිකයින් පමණක් නොව පොලීසියේ සහ හමුදාවේ අයගේ පවුල්වල අය මරා දැමීම ගැන චෝදනාව එල්ල වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණටයි. මිනීමැරීම් කවුරු කළත් ඒක වැරදියි. එජාපයේ රාජ්‍ය ත්‍රස්තවාදයත් වැරදියි. ඒ වගේම ජවිපෙ ත්‍රස්තවාදයත් වැරදියි. දැන් ආණ්ඩුව මේ වාර්තාව පිළිඅරගෙන තිබෙන නිසා මේ වාර්තාවේ ජවිපෙ කළ මිනීමැරීම් සම්බන්ධයෙන් ගන්නා තීන්දුව මොකක්ද කියන එකත් රටට කිව යුතුයි.

චන්ද්‍රිකා ජනාධිපතිතුමිය බටලන්ද වාර්තාව යට ගැහුව්වා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නෑ. ඒක ඩීල් එකක් යනාදි වශයෙන් මාලිමා මන්ත්‍රීවරුන් කතා කරනවා. මේ කතා ඇහුව්වාම අපට පේන්නේ මේ අය මේ වාර්තාව අධ්‍යයනය කරනවා තබා ඇස් දෙකටවත් දැකලා නැති බවයි.චන්ද්‍රිකා මැතිනිය යට ගහපු බටලන්ද වාර්තාව ඔන්න අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා කියලා මාලිමා නායකයන් පුරසාරම් කිව්වාට එතුමිය බටලන්ද වාර්තාව යට ගැහුව්වේ නෑ.

2000 මාර්තු මාසයේ දී රජයේ ප්‍රකාශන කාර්යාංශය විසින් බටලන්ද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මුද්‍රණය කර ප්‍රසිද්ධ කළා. ඒක දැන් අන්තර්ජාලයේ සිංහල භාෂාව දෙමළ භාෂාව හා ඉංග්‍රීසි භාෂව යන භාෂා තුනේනම තිබෙනවා. ඒ විතරක් නොවේ. ආණ්ඩුව වෙනුවෙන්එවකට ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයා වූ විජයපාල මෙන්ඩිස් ඇමතිතුමා 2001 මාර්තු 29 දින පාර්ලිමේන්තුවේ සභාගත කළා. ඒයෙම නෑයි කියලා හිතාගෙන බොරු කියන මාලිමා ආණඩුවේ නායකයන් 2001 මාර්තු මස 21 වැනි දින හැන්සාඩ් වාර්තාවේ 1581 පිටුව බලන්න. එවිට වාර්තාව සභාගත කළාය කියන සාක්ෂිය ඔබට හමුවෙයි.

මේ මාලිමාවේ නායකයන් කියන කතාවක් තමා අපි බටලන්ද මිය ගිය ජනතාවට යුක්තිය ඉටු කරනවා. රනිල්ට දඬුවම් කරනවා. රනිල්ගේ ප්‍රජා අයිතිය නැති කරනවා වගේ ලොකු පුරසාරම් දොඩනවා. අපි මේ දවස් වල දකිනවා මේ වගේ ලොකු පොරොන්දු මාලිමා නායකයන් දුන්නාට මේ කොමිෂන් සභා වාර්තාව පුස්සක්. මේකෙන් රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගන්නවත් ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නවත් කිසිම පදනමක් සපයලා නෑ .ඇයි අපි ඒහෙම කියන්නේ.

1948 විමර්ශන කොමිෂන් සභා පනතින් පිහිටුවන කොමිෂන් සභාවලට පුළුවන් යම්කිසි කාරණයක් ගැන තොරතුරු සොයලා තමන්ගේ නිර්දේශ සමග වාර්තා කිරීමයි. යම් කිසි පුද්ගලයෙකු වැරදිකරුවෙකුද නිවැරදිකරුවකුද කියලා තීරණය කිරීමේ අධිකරණ බලයක් නෑ. දඬුවම් නිර්දේශ කරන්න මේ පනතින් පිහිටුවන කොමිෂන් සභාවලට බෑ. පාස්කු කොමිසම විමර්ශන කොමිසමකට මෑත කාලයේ තියෙන හොඳම උදාහරණයක්.

1977 විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා නීතිය යටතේ පිහිටුවන විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවලට අධිකරණ බලයක් තිබෙනවා. එහි සාමාජිකයන් විය හැක්කේ විනිසුරන්ට පමණයි. ඒ කොමිෂන් සභාවලට යම් අයෙකු වැරදිකරුද නිවැරදි කරුද තීරණය කරලා ප්‍රජා අයිතිය අහිමි කරන්න නිර්දේශ කරන්න පුළුවන්. ඒ පනත යටතේ මෙතෙක් පිහිටුවලා ඇත්තේඑකමඑක කොමිෂන් සභාවක් විතරයි.

ඒ තමයි හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ මැතිනියගේත් හිටපු අමාත්‍ය ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රජා අයිතිය අහිමි කරන්න 1980 පිහිටුවපු කොමිෂන් සභාව. ඒ පිළිබඳ ඇති වුණු විවේචන නිසා මේ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා නැවත පිහිටුවූයේ නෑ.

බටලන්ද කොමිසම විමර්ශන කොමිසමක් විතරයි. ඒකට තීන්දු දෙන්න බලයක් නෑ. ඒ නිසාම ඒ කොමිසමෙන් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා වැරදිකරු කරලාත් නෑ. ප්‍රජා අයිතිය අහිමි කරන්න නිර්දේශ කරලාත් නෑ. එහෙම නම් මේ කොමිසමෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජා අයිතිය අහිමි කරන්න නිර්දේශ කරලා තියෙනවාය ඒ අනුව අපි ප්‍රජා අයිතිය අහෝසි කරන්න කටයුතු කරනවාය යනුවෙන් මාලිමා මන්ත්‍රීවරුන් කියන්නේ තවත් එක් ලොකු පචයක්ද?.

මාලිමා පච වැලට එක්වුණ අලුත් පචයක්ද රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රජා අයිතය අහෝසි කිරීම. මේ අය ඔය වාර්තාව නොකියවා හරිහැටි තේරුම් නොගෙන කතා කිරීම නිසා තමයි සුපුරුදු පරිදි මේ ආණ්ඩුව නැවත වතාවක් අමාරුවේ වැටෙන්නේ. දැන් මොකද්ද මේ වාරතාවෙන් කියන්නේ සමහර පොලිස් නිලධාරින් පුදගලයන් නිතිවිරෝධීව අත්අඩංගුවට අරගෙන වද හිංසා දීලා නිදහස් කරාම මේ අය ගිහිල්ලා මූලික අයිතිවාසිකම් නඩු දානවා.

වින්දිතයන් පොලිස් නිලධාරින්ට නඩු දාලා වැරදිකරුවන් වුණාම නඩු දාපු එකේ තරහා පිරිමහන්න නැවත අත්අඩංගුවට ගැනීම් ගැන මේ වාර්තාවේ තිබෙනවා. ඒ නිසා වාර්තාවේ තිබෙන එක නිර්දේශයක් තමයි දිගින් දිගටම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කරන අයගේ ප්‍රජා අයිතිය අහිමි කරන්න ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට බලය දෙන්න කියන එක. ඒක සිතා මතා රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න නිර්දේශ කර තිබෙන බවට වැරදි මතයක් හදනවා. එය පටලවා ගත්තාද හිතා මතා එසේ කරගත්තාද කියන්න දන්නේ ආණ්ඩුව විතරයි.

එහෙම නම් ජනතාවගේ ඇත්ත ප්‍රශ්න අමතක කරන්න ආණ්ඩුව වරින් වර රඟ දක්වන සෙව්වන්දි සොකරිය, පොලිස්පති කෝලම, කථානායක රූකඩ නැටුම වගේමයි බටලන්දත් නාඩගමක් විතරයි කියන එක අපි ප්‍රකාශ කරනවා.”

සම්බන්ධිත පුවත් | Related News

පාතාල නායකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉල්ලා සිටි බව කියන රුපියල් මිලියන 300 ක අල්ලසක් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් තංගල්ලේ රඳවාගෙන සිටින බවට චෝදනා කර තිබේ.
ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.
තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.
යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.
මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා පත් කිරීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට පළාත් පාලන කොමසාරිස්වරයා තීරණය කර තිබේ.
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ප්‍රධාන පුවත්

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.