දේශපාලන සමීපත්වයක් පවත්වාගත් දෙපිරිසක් හදිසියේ ”බටලන්ද කොමිසමක්” කරළියට ගෙනෙමින් විරසක වීම පිළිගත හැක්කේ කාහටද? - විමල්ගෙන් ෆේස්බුක් සටහනක්

මේ දිනවල වඩාත් කතාබහට ලක්ව තිබෙන බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා තම ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ දේශපාලන සමීපත්වයක් පවත්වාගත් දෙපිරිසක් හදිසියේ ”බටලන්ද කොමිසමක්” කරළියට ගෙනෙමින් විරසක වීම පිළිගත හැක්කේ කාහටද? යන්නයි. ඒ සම්බන්ධයෙන් දීර්ඝව කරුණු පැහැදිලි කර ඇති එම ෆේස්බුක් සටහන පහතින්
අල් ජසීරා මාධ්‍යවේදියෙකුගේ ප‍්‍රශ්ණ කිරීම මත කරළියට ආ ”බටලන්ද කොමිසම” පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කෙරිනි.එය ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ ගරු කථානායක තුමා හැඟීම්බර වී හඬා වැටුනි.
බටලන්ද වධකාගාරය ගැනත් එහි කෲරත්වයට පත් කළ ශ‍්‍රී ලාංකික ජීවිත ගැනත් වඩාත්ම කම්පනයට පත් වූ බව පෙන්වූවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. නමුත් ඇයගේ වසර දහයකට වැඩි පාලන කාලය තුළ කිසිදු චූදිතයෙකුට එරෙහිව දඬුවම් නොලැබුනි. නමුත් බටලන්ද වධකාගාරය ඇති කළ මාධ්‍ය ආන්දෝලනය හා කම්පනය මත චන්ද්‍රිකාට ඡුන්ද කිහිපයක් දිනාගැනීමට නම් හැකි විය. බටලන්ද කොමිසම් වාර්තාව ගැන දැන් ඇතිවී ඇති තත්වය ගැන අපගේ මතය වන්නේ ද මෙය නැවත ගමන් කරන්නේ ඒ දිශාවට බවයි.
වසර හතලිකට ආසන්න කාලයක් ගතවී ඇති පසුබිමක් තුළ බොහෝ සාක්ෂිකරුවන්/වගකිවයුත්තන් මිය ගොස් ඇත. නැතිනම් ජීවිතවල සැඳෑ සමය ගත කරයි. ඒ කෙසේ හෝ වේවා මෙම කොමිසම් වාර්තාව යම් යම් නිර්දේශ ඉදිරිපත් කර ඇති නමුත් මෙය නෛතික බැඳීම් ඇති කරන ලියැවිල්ලක් නොවේ.මෙහි ඇති කරුණු ක‍්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාදායක,විධායක හා අධිකරණ ක‍්‍රියා මාර්ග අවශ්‍ය වේ.එයට තව තවත් කල් ගත වනු ඇත.
වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුවේ නායකත්වය මෑත ඉතිහාසයේ ”බටලන්ද සිදුවීම්” ගැන චෝදනා එල්ලවෙන එක්සත් ජාතික පක්ෂ නායකයා සමඟ දේශපාලනිකව ඉතා සමීපව කටයුතු කරනු අප සියළු දෙනා දැක ඇත. යහපාලන ආණ්ඩුව සමයේ (2015-19) රනිල් වික්රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය තනතුර දරද්දී එතුමාගේ නිල මන්දිරයේදී තමන්ට අගමැති රනිල් මහතාට වඩා හමු වූයේ වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතා බව එක්තරා හිටපු නීතිපතිවරයෙක් ප‍්‍රකාශ කර තිබේ. එවන් දේශපාලන සමීපත්වයක් පවත්වාගත් දෙපිරිසක් අද හදිසියේ ”බටලන්ද කොමිසමක්” කරළියට ගෙනෙමින් විරසක වීම පිළිගත හැක්කේ කාහටද?
ඒ නිසා ශ‍්‍රී ලංකා ඉතිහාසයේ ඉතා අඳුරු අභ්යන්තර කැරළි සමයක බටලන්ද නම් වධකාගාරයක් පවත්වාගෙන යමින් කවුරුන් හෝ කෲර හා අමානුෂික වධහිංසා කොට දේශපාලන සිරකරුවන් ඝාතනය කළේ නම් ඒ සඳහා යුක්තිය ඉටුවීම අපිට මෙම පරිපාලනයෙන් බළාපොරොත්තු විය හැකි ද ? අපගේ විශ්වාසය වන්නේ ”කිසිසේත්ම නැත” යන්නයි.
සැබෑ බටලන්ද අපරාධකරුවන්ට මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වෙනුවෙන් තාරාතිරම නොබලා කටයුතු කළ යුතුව තිබූ කාලවකවානු රාශියක් පසු කරවිත් නැවත මාධ්‍ය සංදර්ශණ සඳහා පමනක් ”බටලන්ද කොමිසම” පෙරට ගැනීමෙන් වින්දිතයන්ට හෝ ඉතිහාසයට වන සාධාරණයක් නැත.ඒ අහිමි වූ ශ‍්‍රී ලාංකික ජීවිත වෙනුවෙන් අපි ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් අපගේ සාතිශය කනගාටුව මේ මොහොතේ ප‍්‍රකාශකර සිටින්නෙමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..