
මාලිමාව පිටුපස සැඟවී සිටින මුස්ලිම් අන්තවාදී සෙවණැලි ගැන ඥානසාර හිමිගෙන් සුවිශේෂී හෙළිදරව්වක්... (වීඩියෝ)
ආගමික කෘති ගෙන්වීමට තිබූ තහනම ආණ්ඩුව විසින් ඉවත්කරන බවට ඉකුත් දා මාධ්‍ය වාර්තා පළවී තිබූ බවත්, මෙම පොත්පත් ගෙන්වීමට ආණ්ඩුව තීරණය කළේ කුමන නිර්ණායක යටතේ දැයි හෙළිකළ යුතු බවත් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසති.
මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් උන්වහන්සේ පවසන්නේ ඉස්ලාමය වැරදියට කියවාගත් ගෝලීයව ගොඩ නැගී ඇති ත්‍රස්ත උවදුර තවමත් පහව නොගිය පසුබිමක මුදලට මිනිසුන් මරන ජනඝාතක කල්ලි විශාල ප්‍රමාණයක් ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බවය.
පාස්කු ප්‍රහාරයෙන් පසුව සහ ඊට පෙරත් ලංකාවේ පාසල් තුළ පළමු වසරේ සිට 13 වසර දක්වා දමිළ සහ සිංහල භාෂාවෙන් ලියා ඇති පෙළපොත්වල දරුවකුට ඉගැන්විය යුතු නැති සහ කුරානය වරදවා කියවාගත්, ලෝකයේ ආගමික ත්‍රස්තවාදය ගොඩනැංවීම උදෙසා මතවාද සැපයූ වර්තමාන ඉස්ලාමීය නායකයන්ගේ අන්තවාදී අදහස් අඩංගු කර ඇති බවත්, මේවා මුද්‍රණය කර ඇත්තේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් බවත් උන්වහන්සේ මෙහිදී හෙළිකළේය.
මෙම ප්‍රශ්නය විසඳීම පසෙක තබා ආගමික පොත්පත් ගෙන්වීමට ආණ්ඩුව අවසර දීම ඉඟුරුදී මිරිස් ගැනීමක් හා සමාන දෙයක් බවද පවසන උන්වහන්සේ සහරාන් වැනි ත්‍රස්තවාදීන් බිහිවන්නේද මෙම කෘතීන්වල අඩංගු මතවාද සහ අන්තවාදී අදහස් නිසා බවද පෙන්වා දෙයි.
තමන්වටේ තබාගෙන සිටින මෙවැනි කල්ලි පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ආරක්ෂක අමාත්‍යංශය දැනුවත් දැයි ප්‍රශ්න කරන ඥානසාර හිමියෝ, මේ සියවසේ ලෝකයේ කිසිඳු අන්තවාදී නායකයකු තමන්ගේ දෙවියන් උදෙසා මරාගෙන මැරෙන්න යැයි නොපැවසු බවත්, එහෙත් යුසුෆ් අල් කර්ලාවි නමැති නායකයා එසේ පවසා ඇති බවත්, ඔහුව මුණගැසීම සඳහා ආණ්ඩුව විසින් හජ්ජුල් අක්බර් නමැත්තා කටාර්වලට යවා ඇති බවත් සඳහන් කරයි.
යුසුෆ් අල් කර්ලාවි වැනි අන්තවාදීන් ලියූ අන්තවාදී කරුණු ඇතුළත් ආගමික පොත්පත් මගින් අන්වාදීන් නිර්මාණය වන බවත්, පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාර සිදුවූයේද මෙම පොත්පත් නිසා බවත්, පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන බව පවසා බලයට පත්වූ ආණ්ඩුව වර්තමානයේ කටයුතු කරන්නේ මෙම අන්තවාදීන් සමගදැයි උන්වහන්සේ මෙහිදී ප්‍රශ්න කළේය.
සවිස්තරාත්මක වීඩියෝව පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
