ශිෂ්‍යත්ව විභාගය අහෝසියි... 2028දී නව විභාගයක්
සිසුන්ට මානසික ආතතිය ඇතිවීම අවම කිරීම අරමුණු කරගනිමින්, 2028 වන විට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවට නව විභාගයක් හඳුන්වාදීමට රජය සූදානම් බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ(10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
වත්මන් ශිෂ්‍යත්ව විභාග ක්‍රියාවලිය සමාලෝචනය කර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලබන වසරේ විශේෂඥ කමිටුවක් පත්කරන බව ඇය පැවසුවාය.
විභාගය අධ්‍යයන දියුණුව සඳහා සාධාරණ අවස්ථාවක් ලෙස පවතින බව සහතික කරමින් සිසුන් මත එල්ලවන අනවශ්‍ය පීඩනය අඩුකිරීම කෙරෙහි කමිටුව අවධානය යොමුකරනු ඇත.
ශිෂ්‍යත්ව විභාගය හා සම්බන්ධ දැඩි තරඟකාරිත්වයේ මූල හේතුව ඉස්මතු කරමින් අග්‍රාමාත්‍යවරිය පෙන්වාදුන්නේ පාසල් ගුණාත්මකභාවයේ විෂමතා, සිසුන්ව පහසුකම් වැඩි පාසල්වලට ඇතුළත්වීමට පොළඹවන බවයි.
රජයේ දිගුකාලීන ඉලක්කය වන්නේ මෙම හිඩැස් පියවා වඩාත් සාධාරණ අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම බව ඇය අවධාරණය කළාය.
“5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පවතින්නේ පාසල් අතර අසමානතාවයන් නිසා. එය දක්ෂ සිසුන්ට වඩා හොඳ පහසුකම් සහිත පාසලකට යාමට අවස්ථාවක් ලබාදෙනවා. මෙම විෂමතා එක රැයකින් ඉවත් කළ නොහැකි වුවත්, හොඳින් සම්පත් ඇති සහ අඩු වරප්‍රසාද ලත් පාසල් අතර පරතරය ක්‍රමයෙන් අඩුකිරීමට අපි කටයුතු කරනවා. එතෙක් ශිෂ්‍යත්ව විභාගය දිගටම පවත්වනවා. නමුත් එය සිසුන් මත ඇති කරන මානසික ආතතිය අවම කිරීමට අපි කටයුතු කරනවා” ඇය පැවසුවාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..