
ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය ශ්‍රී ලංකාව නම් කරයි
ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.
2024 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑම පිළිබඳව සිදුකරනු ලැබූ විශ්ලේෂණවලට අනුව 2025 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මගින් මෙම නම්කිරීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
ආර්ථික විද්‍යාව සහ සාමය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය විසින් ත්‍රස්තවාදයේ බලපෑම මත රටවල් ශ්‍රේණිගත කිරීම මෙම ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මගින් සිදුකර තිබේ.
ලෝක ජනගහණයෙන් සියයට 99.7ක් ආවරණය වන පරිදි රටවල් 163ක් සඳහා ත්‍රස්තවාදයේ බලපෑම විශ්ලේෂණය කරමින් ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව ලෝකයේ වැඩිම ත්‍රස්තවාදී අවදානමක් ඇති රට ලෙස බර්කිනාෆාසෝ අදාළ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන අතර එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්වී ඇත්තේ පාකිස්තානයයි.
ත්‍රස්තවාදී අවදානම වැඩිම රටවල් අතර තෙවන ස්ථානයට සිරිවයාව පත්වී තිබේ.
මෙම දර්ශකයට අනුව අඩුම ත්‍රස්තවාදී අවදානමක් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාවට ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයේ සියවන ස්ථානය හිමිවී ඇති බව සඳහන් ය.
2023 වර්ෂයේ මෙම දර්ශකයේ 36වන ස්ථනායේ පසු වූ ශ්‍රී ලංකාව ස්ථාන 64ක් පහතට ගමන් කර ඇති අතර දකුණු ආසියානු කලාපයේ ත්‍රස්ත තර්ජන අඩුවීම අතින් වඩාත් දියුණුම රට ලෙස ද ප්‍රකාශයට පත්කර තිබේ.
දකුණු ආසියානු කලාපයේ පසුගිය වසර 5 තුළ කිසිදු ත්‍රස්ත ප්‍රහාරයක් වාර්තා නොවූ රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ භූතානය නම්කර ඇති අතර 2019 වර්ෂයෙන් පසු අඛණ්ඩව ත්‍රස්ත තර්ජන අඩුවී ඇති බව අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
